Saturday, September 21, 2024

මුන්නේශ්වරම් දේවස්ථානයේ වාර්ෂික නිකිණි මහෝත්සවය මෙවරත්

Must read

මුන්නේහවරම් දේවලාය - හලාවතවයඹ පළාතේ පුත්තලම් දිස්ත්‍රික්කයේ සුප්‍රසිද්ධ හලාාවත ශ්‍රී මුන්නේශ්වරම් දේවස්ථානයේ වාර්ෂික නිකිණි මහෝත්සවය මෙවර අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට එම භාරකාර මණ්ඩලය කටයුතු සංවිධානය කර ඇතැයි වාර්තා වේ      

               සෑම වසරකම අගෝස්තු මාසය හෙවත් නිකිණි මාසයේ ආරම්භයේදීම මෙම මහෝත්සවය පැවැත්වේ. ඒ අනුව මෙම වර්ෂයේද මෙම මහෝත්සවය අති උත්කර්ෂවත්ව  පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සංවිධානය කර ඇති අතර එහි ආරම්භය සනිටුහන් කරමින් මේ මස එනම් ජූලි 23 දින පෙරවරු 10.00 ට කප් සිටුවීමේ චාරිත්‍රය සිදුකිරීමට නියමිතය. එලෙස ආරම්භ වන මෙම මහෝත්සවය අගෝස්තු මස 21 දායින් අවසන් වීමට නියමිතය.

     ඒ අනුව ශ්‍රී මුන්නේශ්වරම් දේවස්ථානයේ භාරකාර මණ්ඩලය විසින් ප්‍රකාශයට පත් කළ නිකිණි මහෝත්සවයට අදාළ උත්සව අංග පැවැත්වෙන  දිනයන් සහ වේලාවන්  පහත දක්වා ඇත.

*කප් සිටුවීම- ජුලි මස 23- පෙ.ව.10.00 , *ගණ­දෙවි උත්ස­වය- අගෝස්තු මස 11-
සවස 4.30
*කත­ර­ගම දෙවිඳු උත්ස­වය අගෝස්තු මස 12 -සවස 4.00
* මහා විෂ්ණු පෙර­හර අගෝස්තු මස 13 –
   සවස 4.30   
*ගිනි පෑගීමේ උත්ස­වය අගෝස්තු මස 14- සවස 3.30
*නධේ­සර් පෙර­හර  අගෝස්තු මස16 –
සවස 4.30
*අඹ විදින පෙර­හර  අගෝස්තු මස 17 –
සවස 4.30
* මහා­ර­ථෝ­ත්ස­වය අගෝස්තු මස 18 – උදෑ­සන 10.00
* දිය­කැ­පීමේ පෙර­හර අගෝස්තු මස19-   උදෑ­සන 11.00
*මංගල උත්ස­වය අගෝස්තු 21 දා
සවස 4.00 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article