
අයහපත් කාලගුණ තත්වය මධ්‍යයේ ඇති වූ සිදුවීම්වලින් පුද්ගලයන් 04 දෙනෙකු මරණයට පත්ව ඇත. තවත් 03 දෙනෙකු තුවාල ලබා සිටී. නිවාස 639 කට පමණ හානි සිදුව ඇත.
අධික වර්ෂා සහිත කාලගුණ තත්වය ඉදිරි දින කිහිපය තුළද බලාපොරොත්තු විය හැකි අතර මේ නිසා කොළඹ, ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්ක 06 සඳහා නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම් අද පස්වරු 07 දක්වා ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.