(8.40am)සාලියවැව – නීලබැම්ම ප්‍රදේශයේ පිහිටි ආරාණ්‍ය සේනාසනයක් බිද එහි තිබූ දේපල සොරකම් කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකුව සාලියවැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.සැකකරුවන් දෙදෙනාගේ නිවෙස් වල තිබී සොරකම් කරන ලද රුපියල් ලක්ෂ 03 කට වැඩි වටිනාකමක් ඇති භාණ්ඩ තොගයක්ද,ඒවා ප්‍රවාහනයට යොදා ගත් කැබ් රථයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
සිද්ධියට මුල්වී ඇති ආරණ්‍ය සේනාසනය පසුගිය දින වල වසා දමා තිබී ඇත. එම කාලයේදී සැකකරුවන් ආරාණ්‍ය සේනාසනය බිද එහි තිබූ මුතු කුඩයක්, ධර්මාශනයක් ඇතුළු තවත් භාණ්ඩ සොරකම් කරගෙන ගොස් ඇත.
එම සේනාසනයේ වැඩ වාසය කළ හිමිනමක් විසින් පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශණ කටයුතු සිදු කර ඇත.සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනෙකුගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම් වලදී සොරකම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී ඇත.සැකකරුවන්ගේ නිවසේ වල සගවා තිබූ සොරකම් කරන ලද දේපලද පොලීසිය විසින් සොයා ගෙන ඇත.
සැකකරුවන් සාලියවැව – නීලබැම්ම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවට හදුනා ගෙන ඇත.
සැකකරුවන් දෙදෙනා පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
සාලියවැව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.පී.ජී.ප්රියදර්ශණ මහතා ඇතුළු නිලධාරීන් වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.
ජූඩ් සමන්ත