සිය දරුවන් දෙදෙනා ළිඳට තල්ලු කොට මවද ළිදට පැන සිය දිවි හානි කර ගැනීමට ගත් ෙඛ්දචනක උත්සාහයක් වවුනියාව ප්‍රදේශයේ කාන්තාවක් ඊයේ (29) වාර්තා විය. අවසානයේ දරුවන් දෙදෙනා මිය ගොස් කාන්තාව බේරී තිබේ.
එම කාන්තාවගේ ස්වාමි පුරුෂයා මීට දින දහයකට පමණ ඉහත දී රිය අනතුරක් හේතුවෙන් මිය යෑමත් සමගම ඇය එම ශෝකයෙන් හා ජීවත් වීමට ආදායම් මාර්ගයක් නොමැති නිසා දරුවන් සමඟ ළිඳට පැන සියදිවි හානිකරගැනීමට තීරණය කර ඇත.
ළිදට තල්ලු කරණ ලද වයස අවුරුදු එකහමාරක පිරිමි දරුවා ළිද තුළම මිය ගොස් තිබේ.දැරියගේ කෑගැසීමත් ළිදට යම් දෙයක් විශාල ශබ්දයක් නගමින් වැටෙණු ඇසීමත් නිසා අසල්වාසීන් පැමිණ ළිද පරීක්ෂා කරණ විට කාන්තාව හා ගැහැණු දරුවා ළිද තුළ දගලමින් සිටිනු දැක තිබේ. වහාම ඔවුන් දෙදෙනාව ළිදෙන් ගොඩ ගෙන ගිලන් රථයක ආධාරයෙන් ඔවුන්ව වවුනියාව මහ රෝහල වෙත රැගෙන එන ලද නමුත් දැරිය රෝහල් ගත කරණ අවස්ථාවේදීම මිය ගොස් තිබේ.
තුවාල සහිතව හා වතුර පෙවීම නිසා අසාධ්‍යය තත්ත්වයෙන් පසු වන කාන්තාව රෝහලට ඇතුළත් කොට තිබේ.