Saturday, January 18, 2025

‍ගෙවී ගිය සතියේ දේශපාලන සාරය – ” වයඹ අඵ යට ගිනි “

Must read

 

 

 

 

 

53863(2) - Copy

ඇටවෙන – ගැලවෙන ඡන්ද සන්ධාන

ඕනෑම මැතිවරණකදී අපේක්ෂකයින් අතර ඇතිවන මනාප පොර ඉස්මතු වී පෙනෙන නමුත් පෙර පැවැති මැතිවරණයන්ට වඩා මෙවර මැතිවරණය තුළ මනාප තරගය පවතින්නේ ඉහළ තැනකය. කුරුණෑගල දිස්ත‍්‍රික් සන්ධාන කණ්ඩායම තුළ මේ තත්වය වඩාත් කැපී පෙනෙමින් තිබේ. සන්ධානය වෙනුවෙන් ලකුණු වන මනාප තුනෙන් එකක් හිටපු ජනපති මහින්ද වෙනුවෙන් සළකුණුවීමේ නියත ලකුණු පහළ වී තිබීම තුළ සෙසු අපේක්ෂකයින්ට මනාප දෙකක් වෙනුවෙන් සටන් වැදීමට සිදු වී තිබේ. ඒ මනාප දෙකෙනුත් එකක් ආසන සංවිධායකවරයාට හිමිවීමේ තත්වයක් තුළ සන්ධාන අපේක්ෂකයින්ට සැබැවින්ම සටන්වැදීමට සිදුවී ඇත්තේ තනි මනාපයක් වෙනුවෙනි. තනි මනාප සටනින් පහසුවෙන් ගොඩඒමට නොහැකි බව කල්තියාම තේරුම් ගෙන සිටින අපේක්ෂකයින් බොහෝදෙනෙකු දැන් දැන් සිය මනාප ගොඩවැඩිකරගැනීම පිණිස අඵත් පාරවල් සොයමින් සිටිති. ඒ අනුව අපේක්ෂකයින් දෙදෙනෙකු එකට සන්ධාන ගත වී මැතිවරණයට තරගකිරීමේ ප‍්‍රවණතාවයක් මේ වන විට කුරුණැගල දිස්ත‍්‍රික්කය තුළ දැක ගත හැකිය. සන්ධාන අපේක්ෂකයින් සියඵදෙනාම පාහේ කණ්ඩායම් නායක මහින්ද සමග ‘නොනිල’ සන්ධානයකට එළැඹ ඇති බවක් පෙනෙන්නේ ඒ හැම අපෙක්ෂකයෙකුගේම පෝස්ටර්වලින් හරි අඩක් මහින්දගේ රුවට සහ අංකයට වෙන් කර තිබීම නිසාවෙනි. සන්ධාන අපේක්ෂකයින් දැන් දැන් ‘නිල’ සන්ධාන පිහිටුවා ගනිමින් සිටින්නේ මහින්ද සමග ඇති එම නොනිල සන්ධානයට අමතර වශයෙනි. ඒ අනුව තාරනාත් බස්නායක සහ ටී. බී. ඒකනායක අතර මේ වන විට ඇති කර ගෙන සිටින සන්ධානය ඔවුන් විසින් හදුන්වන්නේ යාපහු – ගල්ගමු සවිමත් සන්ධානය නමිනි. යාපහු ගල්ගමු සන්ධානය අඵතින් කළ එළි බහිද්දී, ටී. බී. සහ සාලින්ද එක්ව හදා ගත් සන්ධානය ගැන දැන් හාවක් හූවක් නැත. හිරියාල සහ යාපහුව මැතිවරණ කොට්ඨාශ නියෝජනය කරන ශ‍්‍රී ල නි ප පළාත් සභා මන්ත‍්‍රීවරුන්, ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරුන් , ශාඛා සමිති නියෝජිතයින් ඇතු`ඵ පක්ෂ ක‍්‍රියාකාරීන් පිරිසක් මැල්සිරිපුර හෝටලයකට කැදවා එළැඹන මහ මැතිවරණයේදී සාලින්ද සහ ටී. බී. නැතහොත් යාපහුව – හිරියාල ආසන දෙක සන්ධානගත වී තර`ග කරන්නට තීරණය කළ බව දැනුම්දෙනු ලැබුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් පෙරය. යාපහු – හිරියාල සන්ධානය බිහිවීමේ සතුට නිමිත්තෙන් රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් පවා පවත්වා කළ එළි දුටු සාලින්ද සහ ටී. බී. සන්ධානයට වුණේ කුමක්දැයි තතු දන්නෝ දැන් විමසමින් සිටිති.

සන්ධානය පැත්තෙන් එලෙස සන්ධාන හැදෙන ,කැඩෙන විටදී එක්සත් ජාතික පක්ෂය පැත්තෙන්ද සන්ධාන බිහි නොවෙනවා නොවේ. එජාපය පැත්තෙන්ද යාපහු – ගල්ගමු සන්ධානයක් බිහි වී තිබේ. ඒ අචිනි ලොකුබණ්ඩා සහ මොහාන් පෙරේරා අතරය. අචිනිගේ පියා වන හිටපු අමාත්‍ය ඒ. එච්. එම්. ලොකුබණ්ඩා මහතා විසින් වසර 13 ක් තිස්සේ ආධිපත්‍ය දරා සිටි බලකොටුව ලෙස සැලකෙන ගල්ගමුව ආසනය සම`ග සන්ධාන ගතවීම අචිනිගේ මනාප මල්ල බරවීම කෙරෙහි සාධනීය ලෙස ක‍්‍රියාකරන්නට බොහෝදුරට ඉඩ තිබේ. අචිනි ගල්ගමුව සමග එලෙස සන්ධානයකට එළැඹෙද්දී දිස්ත‍්‍රික් සංවිධාකයකවරයෙකු ලෙස මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටින බන්දුල බණ්ඩාරනායකත් යාපහුව පෙරට දමාගනිමින් තවත් සන්ධානයකට එළැඹී තිබේ. ඒ හිරියාල සමගය. හිරියාල ආසන සංවිධායක ජගත් යාපා සහ බන්දුල බණ්ඩාරනායක අතර සන්ධානය තවමත් කළ එළි බැස නැතත් ඉදිරි දින කිහිපයේදී එම සන්ධානයත් නිල වශයන් නිවේදනය කිරීමට නියමිතව තිබේ. මේ අනුව බලන විට යාපහුව මුල්කරගත් සන්ධාන තුනක් දැනටමත් බිහි වී අවසන්ය. කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ ලියාපදංචි ඡුන්ද දායකයින් වැඩිම ආසනය වන යාපහුවේ ඡන්දදායකයින් අවනත වී ඇත්තේ මේ කොයි සන්ධානයටදැයි එළැඹෙන 18 වැනිදාට දැක බලා ගත හැකි වනු ඇත. එමෙන්ම ‘අඵ යට ගිනි ’ වෙත ලැබෙන තොරතුරුවලට අනුව නුදුරේදීම තවත් අපේක්ෂක සන්ධාන කිහිපයක් බිහිවීමට නියමිතව තිබේ. මේ වන විට එම සන්ධාන පිහිටුවීමේ මූලික සාකච්ඡාවන් පැවැත්වෙමින් ඇති අතර මෙම සන්ධානවලින් කළ එළි බසින අපේක්ෂකයින් කවුදැයි ඉදිරි දින කිහිපයේදී කුරුණෑගල ජනතාවට නියත වශයෙන්ම දැක බලා ගත හැකි වනු ඇත.

රනිල්ගෙන් අලවතුවලට ප‍්‍රමෝෂන් එකක්.

වයඹ විපක්ෂ නායක අලවතුවල විසින් සංවිධානය කර තිබූ මාවතගම එජාප රැළිය පැවැත්වුණේ පසුගිය සිකුරාදාය. සති ගණනාවක් තිස්සේ ඇගට අරගෙනම රැළිය සංවිධානය කර තිබූ බැවින් සුවිසල් ජනකායක් මාවතගම සාමෝදය පිටිය වෙත කැදවාගන්නට අලවතුවල සමත් වී තිබිණි. අලවතුවල විසින් රැළිය සාර්ථකව සංවිධානය කර තිබීම නිසාදෝ අගමැති රනිල් සිය කතාවේදී අලවතුවල ගැන විශේෂයක් කරන්නට අමතක නොකළේය. සාමාන්‍යයෙන් ඕනෑම රැස්වීමක් අවසානයේදී එය සංවිධානය කළ අපේක්ෂකයාට මනාපයක් දෙන ලෙස ඉල්ලා සිටීම රනිල්ගේ සිරිත වුවත් මාවතගම රැස්වීමේදී රනිල් විසින් සිය කතාවේ ස්වරූපය මදක් වෙනස් කර තිබිණි. ” පහුගිය ජනාධිපතිවරණයේදීත් තමුන්නාන්සේලා මේ ආසනේ දිනවලා දුන්නා. මේ ඡන්දෙදි ඊට වඩා වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින් මාවතගම දිනවලා දෙන්න. මම තමුන්නාන්සේලාගේ මන්ත‍්‍රී අලවතුවලට ප‍්‍රමෝෂන් එකක් දෙනවා.” රනිල් කියද්දී රැස්වීමේ සිටි අලවතුවලගේ ආධාරකරුවෝ ප‍්‍රීති ඝෝෂා නැගූහ.

සන්ධානය ඇතුලේ ‘මහින්දගේ මිනිස්සු ’

කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා සන්ධාන කණ්ඩායමේ අපේක්ෂකයින් සමගි සම්පන්නව මැතිවරණයට තරග කරන බවක් රටට ලෝකයට පෙන්වන නමුත් සැබැවින්ම ඇතුළත ඇත්තේ බුර බුරා නැගෙන ගිනිගොඩක ස්වභාවයකි. සන්ධාන කණ්ඩායම මේ වන විට මහින්දගේ මිනිස්සු ,මහින්දගේ නොවන මිනිස්සු යනුවෙන් පැහැදිලි ලෙසම දෙකට බෙදී සිටිති. ඒ බෙදිල්ලේ තරම ලොවටම පෙන්වමින් කුරුණෑගල මහින්දගේ මිනිස්සු ලෙස අපේක්ෂකයින් කිහිපදෙනෙකුගේ පමණක් නම් සහ මනාප අංක ඇතුළත් කර සැකසූ නිර්මාණ ගණනාවක් මේ වන විටි ෆේස්බුක් ඇතුඵ සමාජජාල වෙබ් අඩවි ඔස්සේ තොග ගණනින් සංසරණය වෙමින් තිබේ. මහින්දගේ මිනිස්සු ලෙස එම නිර්මාණවල එක් කර තිබෙන්නේ තිබුණේ සාලින්ද දිසානායක, ටී. බී. ඒකනායක, අනුර යාපා, අසංක නවරත්න, ජොන්ස්ටන් ප‍්‍රනාන්දු , ඉන්දික බණ්ඩාරනායක සහ ඞී. බී. හේරත්ගේ නම් සහ ඡායාරූප පමණි. මහින්දගේ මිනිස්සු ලෙස ඒ අපේක්ෂකයින් කිහිපදෙනා හංවඩු ගසද්දී, දයාසිරි, ශාන්ත බණ්ඩාර, තාරනාත් බස්නායක, නිමල් විජේසිංහ, ජයරත්න හේරත්, විමලදාස පමණක් නොව සුජානි දෙහිගම සහ දර්ශනී වික‍්‍රමසිංහද ‘මහින්දගේ මිනිස්සු ’ ලේබලයෙන් ගැලවී ගොස් තිබිණි. කුරුණෑගල පවතින මෙම බෙදිල්ල කෙතරම් දුරදිග ගොස් තිබුණාදැයි කිවහොත් නිදහස් හා සාධාරන මැතිවරණයක් උදෙසා ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානයේ පවා නිරීක්ෂණයට මෙම අපේක්ෂක බෙදිල්ල හසු වී තිබිණි. කුරුණෑගල තත්වය පිළිබදව සැලකිල්ලට ගත් කැෆේ සංවිධානය පසුගිය සතියේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මැතිවරණ ව්‍යාපාරය මේ වන විට වෛරී දිශාවකට ගමන් කරමින් පවතින බවය. එකම පක්ෂයේ අපේක්ෂකයින් විසින් තම පක්ෂයේ තවත් අපේක්ෂකයෙකුට ඡුන්දය දෙන්නට එපා යැයි සඳහන් කරමින් සෘණාත්මක මැතිවරණ ව්‍යාපාර මේ වන විට ක‍්‍රියාත්මක කර ඇති බවත් මේ සඳහා අන්තර්ජාලය , ෆේස්බුක් මෙන්ම ජංගම දුරකථන කෙටි පණිවිඩද බහුලවම යොදාගන්නා බවත් දක්වමින් සෑම දිස්ත‍්‍රිකයකදීම මෙම තත්වය සුළු වශයෙන් දක්නට ලැබුන නමුත් කුරුණෑගලදී මෙම තත්වය විශාල වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් ඇති බවත් කැෆේ නිවේදනයෙන් කියැවිණි. කෙසේ වෙතත් ෆේස්බුක් ඔස්සේ වැදුණු මහින්දගේ මිනිස්සු ලේබලයෙන් තමන්ගේ නම හැලී තිබීම ඇතැම් සන්ධාන අපේක්ෂකයින් විසින් තමන්ට එල්ල වූ මරු පහරක් ලෙස සලකා කටයුතු කරන බවක් පෙනී යයි. ‘බොරු ප‍්‍රචාරවලට නොරුවටෙන්න, දිවුරා ප‍්‍රකාශ කරමි. මම මහින්ද රාජපක්ෂ ජනපති සමගයි. ’ යනුවෙන් සැකසූ කළ දැන්වීමක් දර්ශනී වික‍්‍රමසිංගේ විසින් සිය ෆේස්බුක් ගිණුමට එකතු කර තිබුණේ දර්ශනී මහින්දගේ මිනිස්සු ලේබලයෙන් ගැලවීයාම නිසා විය හැකිය.

තැපැල් ඡන්ද දින ගැන – ගුරුවරුන්ගෙන් බර බර

පසුගිය සතියේදී අලවතුවල හමුවීමට මිල්ලව නිවසට ආ ගිය ගුරුවරුන්ගේ ගණන තරමක් වැඩි වී තිබිණි. එලෙස පැමිණි හැම ගුරුවරයෙකුම පාහේ අලවතුවල වෙත ගෙනැවිත් තිබුණේ එකම අවනඩුවකි. ඒ ගුරුවරුන්ට තැපැල් ඡන්ද භාවිතා කිරීම සදහා මෙවර වෙන් කර ඇත්තේ එක් දිනයක් පමණක් බව කියන මැසිවිල්ලයි. තැපැල් ඡන්ද දැමීමට අගෝස්තු 03 වැනිදා පමණක් වෙන් කිරීම නිසා තමන් දැඩි අපහසුතාවයට පත් වී සිටින බවත් ගුරුවරු අලවතුවලට කීහ. ” මේක ප‍්‍රායෝගිකව කරන්න අමාරු දෙයක්. ගුරුවරු විශාල පිරිසක් එක දවසේ ඡුන්දය දාන්න ගියාම ඒ තැපැල් ඡන්ද මධ්‍යස්ථානවල විශාල තදබදයක් ඇතිවෙනවා. අගෝස්තු 03 වැනිදා ඡුන්දේ දාන්න බැරි වුණොත් ඡන්දේ දාන්න කුරුණෑගල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයට එන්න වෙනවා. මේක ටවුන් එකේ ඉන්න ගුරුවරුන්ට නම් ප‍්‍රශ්නයක් නෑ. නමුත් ගල්ගමුව, රස්නායකපුර, යාපහුව වගේ ඈත ප‍්‍රදේශවල තියෙන ඉස්කෝලවල වැඩකරන ගුරුවරු මෙච්චර දුරක් එයි කියලා හිතන්න අමාරුයි. මේක එක අතකට අපේ ඡන්ද අයිතිය අහිමි කිරීමක්. ඒ නිසා කලින් මැතිවරණවලදී තිබුණා වගේ තැපැල් ඡන්ද දාන්න දවස් දෙකක් ලැබෙන විදිහට ඔබතුමාලා මැදිහත්වෙලා වැඩපිළිවෙලක් සකස් කරලා දෙන්න. ” ගුරුවරුන් දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළහ. ”හරි මම මේ ගැන තේරීම්භාර නිලධාරීතුමා එක්කයි, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්තුමා එක්කයි කතාකරලා බලන්නම්.” යැයි කී අලවතුවල ඊට පසුදිනම ගුරුවරුන් මුහුණ දෙන මෙම ගැටඵ පිළිබද දැනුවත් කරමින් දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරීවරයා වෙත ලිපියක් යැවීමටද කටයුතු කළේය.

පලූගොල්ලේ ගම්මු ජොනී පඵ අරිති.

මැතිවරණ ප‍්‍රචාරක පොකට් රැස්වීම් පවත්වමින් මේ දිනවල නිකවැරටිය ආසනය පුරා ගමක් ගමක් ගාණේ යන සන්ධාන අපේක්ෂක ජොන්ස්ටන් ප‍්‍රනාන්දුට පසුගිය සදුදා අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දෙන්නට විය. ඒ නිකවැරටිය, පලූගොල්ලේදීය. ජොන්ස්ටන් , ජොහාන් ඇතුඵ පිරිස සදුදා පස්වරු 6 පමණ වෙද්දී පලූගොල්ලට ආවේ එහි සූදානම් කර තිබූ රැස්වීමකට ඇමතීමටය. නමුත් සැලසුම් කළ පරිදි පලූගොල්ලේ රැස්වීම් කරන්නට ගමේ ජනතාවගෙන් ඉඩක් නොලැබුණු අතර ජොන්ස්ටන් ඇතුඵ පිරිසට වට කරගත් ගම්මු ජොන්ස්ටන්ට එරෙහිව කැරළි ගසන්නට වූහ. ”මෙහේ රැස්වීම් තියන්න එන්න එපා. ඔබතුමාලා මොනවා කරලද ගමට ආවේ ? ඒ නිසා කරුණාකරලා මෙතැනින් යන්න.” ගම්මු එක හඩින් කීහ. ”මේක තනිකරම ශ‍්‍රී ලංකාකාරයෝ ඉන්න ගමක්. ඒ නිසා පහුගිය කාලේ පුරාම අපි ඔබතුමාට බැහැලාම උදව් කළා. ඔබතුමාට විතරක් නෙවෙයි, ජොහාන්ව පළාත් සභා යවන්නත් අපි මැරීගෙන උදව් කළා. නමුත් ඔබතුමා කළේ අපෙන් උදව් ගත්ත එක විතරයි. ඔය කවුරුවත් ඡන්දෙන් පස්සේ මේ පැත්ත පළාතක ආවේ නෑ. අඩුම ගාණේ ගමට එක වැඩක්වත් කෙරුණේ නෑ. ඔබතුමා හම්බවෙන්න ගියත් ඔබතුමාගේ ලේකම්වරු, මන්ත‍්‍රීවරු හැමදාම අපිට කිව්වේ හම්බවෙන්න බෑ කියලා විතරයි. ඒ නිසා අපිට දැන් ඔය කවුරුවත් වැඩක් නෑ. මේ ගමේ කිසිම දේශපාලන රැස්වීමක් තියන්න අපි කාටවත් ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා දැන් මෙතැනින් යන්න.” පලූගොල්ලේ ගම්මු කීහ. මේ අතරේ ගැටඵවට මැදිහත් වෙන්නට මැද්දට පැන්නේ නිකවැරටිය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ශ‍්‍රියානන්දය. ”අනේ මේ සභාපතිතුමා, ගමට එන පාර හදන්න කියලා ඔබතුමාලා මෝටර් ගේ‍්‍රඩරයක් එහෙම අරන් ඇවිත් ඇමැතිතුමාගේ අතින්ම වැඩ පටන්ගත්තා. එච්චරයි. ආයෙත් පහුවෙනිදාට ප‍්‍රාදේශිය සභාවෙන් ඇවිත් ඒක පටවගෙන ගියා. පාර අදටත් එහෙමමයි.” ගම්මුන්ගේ ප‍්‍රහාරය හමුවේ ශ‍්‍රියානන්ද පසුබැස ගිය අතර ඊළගට කරුණු පැහැදිලි කරන්නට ගිය ජොහාන්ටද ගම්මුන් වෙතින් දැඩි වාග් ප‍්‍රහාරයක් එල්ලවිය. ”ඔබතුමාත් අල්ලගන්න අපි සැහෙන්න මහන්සි වුනා. නමුත් බැරි වුණා. ඒ නිසා මෙතැන රැස්වීම් නෑ. ඇමැතිතුමාට ඕන්නම් අපිත් එක්ක කතා කරන්න පුඵවන්. හැබැයි රැස්වීමේදී නෙවෙයි. නිකම්. මාධ්‍ය මහත්තුරු කරුණාකරලා මෙතැනින් යන්න. අපිට අපේ පක්ෂෙත් එක්ක කිසිම ප‍්‍රශ්නයක් නෑ. නමුත් මේ මැති ඇමැතිවරුන්ගෙන් , සම්බන්ධිකරණ ලේකම්ලාගෙන් අපිට විශාල අසාධාරණයක් වුණා. ඒවා විදසගන්නයි අපි මෙහෙම කරන්නේ. මේවා මාධ්‍යයේ ගියොත් අපේ ගමට හොදනෑ. ඒ නිසා ඔබතුමාල යන්න. ” කියමින් පලූගොල්ලේ ගම්මු ඊළගට හැරුණේ රැස්වීම වාර්තාකිරීමට පැමිණි සිටි මාධ්‍යවේදීන් කිහිපදෙනාද වෙතය. එනපොට හොදනැති බව වටහා ගත් මාධ්‍යවේදීන්ද ජොන්ස්ටන්ට සහ ගම්මුන්ට ගැටඵව විසදාගැනීමට ඉඩ දී පලූගොල්ලෙන් පිටත් වූහ.

දයාසිරි මාධ්‍ය ඒකකයට මැකොගෙන් තහංචි.

වයඹ මහ ඇමැති දයාසිරි ජයසේකරගේ මාධ්‍ය ඒකකය මැතිවරණ කටයුතු සදහා යොදාගැනීම මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගයත් මත පසුගිය සතියේ සිට තහනම් කර තිබේ. ඒ අනුව පළාත් සභාවේ නිල කටයුතුවලට හැර දේශපාලන රැස්වීම් සහ ප‍්‍රචාරක කටයුතු සදහා පළාත් සභාවේ කැමරා උපකරණ, යාන වාහන මෙන්ම ඡායාරූප සහ වීඩියෝ ශිල්පීන්ද යොදාගැනීම මැතිවරණ කොමසාරිස්වරයා විසින් තහනම් කර තිබේ. මෙම තහනම වැටීමට ආසන්නතම හේතුව ලෙස සැලකෙන්නේ නාමයෝජනා ලබාදීමෙන් පසු මහින්ද ඇතුඵ සන්ධාන අපේක්ෂකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බෞද්ධාලෝක පිරිවෙනේ පැවැති රැස්වීම ඡායාරූප ගතකිරීමට දයාසිරිගේ මාධ්‍ය ඒකකය යොදවා තිබීම බව පැවසේ. ඒ පිළිබදව මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලැබුණු පැමිණිල්ලකින් පසුව වයඹ පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම්වරයා හරහා ප‍්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකයට වාරණ පැනවීමට මැතිවරණ කොමසාරිස්වරයා විසින් කටයුතු කර තිබේ. ඒ නිසාම වෙනදාට මාධ්‍ය ඒකකය පිරිවරාගෙන රැස්වීම්වලට යන දයාසිරිට දැන් කැමරා හෝ රූපවාහිනී මයික‍්‍රෆෝන නොමැතිව රැස්වීම් පවත්වන්නට සිදු වී තිබේ. මෙහි ආසන්නතම අත්දැකීමට දයාසිරිට මුහුණ දෙන්නට සිදු වූයේ පසුගිය සදුදාය. එදින පස්වරුවේ දයාසිරි ඉදුල්ගොඩකන්දේ පැවැති රැස්වීමකට සහභාගි විය. මීට සති දෙකකට උඩදී පාර හදාදෙන්නැයි පවසමින් කුරුණෑගල – මහනුවර මාර්ගයද අවහිර කරමින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණේ ඉදුල්ගොඩකන්ද ප‍්‍රදේශවාසීන් විසිනි. එහිදී ගැටඵව පිළිබද සාකච්ඡා කිරීමට උද්ඝෝෂණය අසලට ගිය දයාසිරිට දැවැන්ත හූවකින් සංග‍්‍රහ ලබන්නටද සිදු විය. මේ හූවේ බලගතුකම හේතුවෙන්දෝ , ප‍්‍රදේශවාසීන් විසින් වසර ගණනාවක් තිස්සේ කටවල් ගෙවෙන තුරු කියලාවත් නොහැදුණු ඉදුල්ගොඩකන්ද මාර්ගය පිළිසකර කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කෙරී තිබේ. ඒ නිසාම හූව නිසා බිදී ගිය දයාසිරිගේ හිත හොදකරගැනීමටදෝ ඉදුල්ගොඩකන්දේ දයාසිරිගේ හිතවතුන් කිහිපදෙනෙකු විසින් මෙම රැස්වීම සංවිධානය කර තිබිණි. කෙසේවෙතත් රැස්වීමට ගිය දයාසිරිට වෙනදා නොදැනෙන ලොකු අඩුවක් දැනී වටපිට බලන්නට විය. මාධ්‍යවේදීන් හිටියත් නැතත් සාමාන්‍යයෙන් දයාසිරි යන සෑම රැස්වීමකම පාහේ සවිවන ලංකාවේ සෑම රූපවාහිනී නාලිකාවකම ලාංඡන සහිත මයික‍්‍රෆෝන රුදවුම එදින රැස්වීමේ සවි වී නොතිබුණි. රැස්විම ආවරණයට පැමිණ සිටියේද මාධ්‍යවේදන් දෙදෙනෙකු පමණක වූ අතර ප‍්‍රධාන අමාත්‍ය මාධ්‍ය ඒකකය පැත්තේන් පැමිණි සිටියේ දයාසිරිගේ පුද්ගලික කාර්ය මණ්ඩලයේ චරක වික‍්‍රමසිංහ පමණි. චරක ලගට කැද වු දයාසිරි ”කෝ මීඩියා යුනිට් එක ?” යැයි චරකගෙන් ඇසීය. මැතිවරණ කොමසාරිස්වරයාගේ නියෝගය ගැන දයාසිරිට මතක් කර දුන් චරකට දයාසිරි නොපහන් සිතින් කීවේ ”ඔච්චර බයවෙන්න එපා. ඔහොම බයවෙලා වැඩකරන්න පුඵවන්ද ? ” යැයි කියාය. ” හරි අපේ යුනිට් එක නෑ කියමුකෝ. අනිත් ජර්නලිස්ට්ලට මේ වැඬේ ගැන දැනුම් දුන්නේ නැද්ද ?” දයාසිරි යළි ඇසීය. ” කිව්වා සර්, ඒත් ඇවිත් තියෙන්නේ මේ දෙන්නා විතරයි” රැුස්වීම ආවරණයට පැමිණ සිටි මාධ්‍යවේදීන් දෙදෙනා පෙන්වමින් චරක කීය. ”කෝ ඉතිං දෙන්නෙක් හිටියට එක මයික් එකයිනේ මෙතැන තියෙන්නේ.? ” දයාසිරි යළි චරකට කීය. ”එක මයික් ස්ටෑන්ඞ් එකයි සර් තියෙන්නේ. අනික ගහන්න තැනක් නෑ. ” චරක කීය. ”එහෙනම් ඉතිං මම කතාකරනකම් ඔයාවත් මයික් එක අල්ලගෙන් ඉන්න චරක. හූ කියපු එක ගියානම් මේකත් මීඩියාවල යන්නම ඕනැනේ.” දයාසිරි කීය. ඒ අනුව දයාසිරිගේ කතාකරන තුරු මයික් එක අල්ලාගෙන සිටීමට සිදු වූයේ චරකටය. චරක මයික් එක අතින් අතට මාරුකරමින් අපහසුවෙන් සිටින බව පෙණුන නිසදේ විනාඩි දහයකින්, පහළොවකින් සිය කතාව නිමාකිරීමට දයාසිරි වගබලා ගත්තේය.

” ජීවිතේට උද්ඝෝෂණයක් තියෙන තැනකට නම් ආයේ යන්නේ නෑ” – දයාසිරි

සිය කතාවේදී උදඝෝෂණයේදී ලැබුණු හූව සම්බන්ධයෙන් කට ඇර කතා කරන්නට දයාසිරි වගබලාත්තේය. දයාසිරි එම සිදුවීම සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ අදහස් දැක් වූ පමු අවස්ථාවද එයම විය. ” මම උද්ඝෝෂණවලට බය මිනිහෙක් නෙවෙයි. මමත් අසූ අටේ , අසූ නවයේ ඉදලා උද්ඝෝෂණවලම තමයි හිටියේ. මම හරි ආසාවෙන් ආවේ ඔය උද්ඝෝෂණයට ආවේ , මට ඒකට උත්තරයත් දෙන්න පුඵවන් වෙයිද කියලා බලන්න. මම එතැනම ආවාම සමහරු බැලූවේ උද්ඝෝෂණයට වඩා අපිට හූ කියලා , කෑගහලා කලබල කරන්න. මට නෙවෙයි ඇත්තටම හූ කීව්වේ. අපේ නන්දන මන්ත‍්‍රීතුමා මොනවද කියන්න ගිහිල්ලා එයාට තමයි හූ කිව්වේ. මම එතැන වැඩිය දගලන්න ගියේ නෑ. හූ කියනවා නම් ඉස්සෙල්ලාම හූ කියන්න ඕනෑ මේ පළාත් සභාවේ , මේ ආසනේ ඉන්න විපක්ෂනායකයාටයි. නමුත් මාධ්‍ය දාන්නෙත් මට හූ කියපු එකනේ. අරගොල්ලන්ට හූ කියන එක දාන්නේ නෑ. හැබැයි ඉතිං ඒ මාධ්‍යවේදියත් ඇල්ලූවේ වැරදි තැන. ඒකයි තියෙන ප‍්‍රශ්නේ. මටත් දුක හිතුණා එදා ? මේක දකිද්දී. ඊට පස්සේ මේක අරන් ගිහිල්ලා අපේම කට්ටිය ෆේස්බුක්වල දැම්මා, සිංහයා වගේ හිටපු දයාසිරි හූ කියලා පැන්නුවා කියලා. ඔන්න පේනවා නේද යන වැඩ ? ඕවා යන්නේ එහෙම තමයි. ෆේස්බුක් එකෙන් තමයි අද අපිව විනාස කරන්නේ. ෆේස්බුක් එකේ දැම්මේ දයාසිරිගේ සිංහ පාට් ඉවරයි, දයාසිරිට හූ කියයි කියලා. මම එතකොට මේ ප‍්‍රශ්නේ බේරන්න ගිය මිනිහා. ඒ නිසා තීරණය කළා මීට පස්සේ ජීවිතේට උද්ඝෝෂණයක් තියෙන තැනකට යන්න හොද නෑ කියලා. ප‍්‍රශ්නයක් විසදන්න යන්න හොද නෑ. ප‍්‍රශ්න විසදන්නේ නැතුව ඔහේ කුණුවෙන්න දෙන්න ඕනෑ. මම ඔතැනට එන්නේ නැතුව හිටියා නම් මොකද වෙන්නේ ? ගහනවා හොදට පොලිසියෙන්. පොලිසියෙන් ලෑස්තිවෙලා හිටියේ කට්ටියටම හොදට බුදියගන්න දෙන්න . දයාසිරි ජයසේකර හුවක් කාලා හරි මිනිස්සු ගුටිකන එක නවත්ත ගත්තු එක ලොකු දෙයක්. පැහැදිලිවම පොලිසියෙන් ගහන්න හිටියේ. ආයේ එකේ දෙකක් නෑ. මම හින්දා ගුටිකන එක නතර වුණා. කමක් නෑ . හූ කියලා හරි මිනිස්සු ගුටිකන එක අපි නතර කළානේ.” දයාසිරි කීය.

උපුටාගැනීම – මව්බිම පුවත්පත

53863(3) - Copy

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article