මාධ්‍ය සදාචාරය සහ මාධ්‍ය ආචාර ධර්මයන් පිළිබද ශතපහක හෝ තැකීමක් නොකර ස්වර්ණවාහිනි නාලිකාව විසින් ඊයේ දිනයේ සිය ප්රවෘත්ති විකාශය ඔස්සේ විකාශය කරන ලද මාර්ග නීති කඩකිරීමක් සම්බන්ධයෙන් රථවාහන පොලිසිය විසින් එක්තරා පුද්ගලයෙකු වෙත දඩකොළයක් නිකුත් කිරීමට සූදානම් වන අවස්ථාවක දර්ශණ සම්බන්ධයෙන් මුහුණුපොත ඔස්සේ මේ වන විට දැඩි විරෝධයක් පළවෙමින් තිබේ.
මෙම දර්ශණ විකාශය කිරීම හරහා ස්වර්ණවාහිනී නාලිකාව මෙන්ම මෙරට ජනමාධ්‍යයන්හි හැසිරීම පිළිබදව මහජනතාව විසින් මේ වන විට මුහුණුපොත මුල්කරගනිමින් දැඩි විවේචනයක යෙදී සිටිති. කෙතරම් රඵ, පරඵ කර්කශක වුවත් එලෙස මුහුණුපොතට එක් වී තිබූ තෝරාගත් ජනතා අදහස් කිහිපයක් අප මෙහි සටහන් කරන්නේ කාගේ කාගේත් ඇස් කන් හැරීම පිණිසය.