ස්ත්‍රී දුෂණය සම්බන්ධව 1995 වසරේ දණ්ඩ නීති සංග්‍රහයට හඳුන්වා දුන් සංශෝධනය මගින් ගැහැණු ළමයෙකුට ලිංගිකව හැසිරීම සඳහා කැමැත්ත දිය හැකි අවම වයසක් හඳුන්වා දී තිබෙනවා. ඒ අනුව එම වයස අවුරුදු දහසය ලෙසයි; නීතිගතව තියෙන්නේ.නමුත් විවාහ වීම ද ඇතුළුව අනෙකුත් ගිවිසුම් වලට ඇතුළත් වීමේ අවම වයස සීමාව ලෙස සලකන්නේ වයස අවුරුදු දහ අටයි. එසේම ශ්‍රී ලංකාවේ වයෝ පූර්ණත්වයට පත්වීම; එනම් වැඩිහිටි පුද්ගලයෙකු ලෙස නෛතිකව පිළිගන්නා වයස වන්නේ ද අවුරුදු දහ අට යි.
මේ අනුව විවාහ විය හැක්කේ වැඩිහිටියන්ට පමණක් නිසාත් වෛවාහක නීති අනුවත් අපේ රටේ විවාහ විය හැකි අවම වයස අවුරුදු දහ අටයි.නමුත් ලිංගික කටයුතු සඳහා කැමැත්ත දිය හැකි වයස අවුරුදු දහසය කිරීම මගින් ළමයින්ට විවාහ වීමකින් තොරව ලිංගිකව හැසිරීම සඳහා නෛතික වශයෙන් ඉඩ ප්‍රස්ථාව ලබාදී තිබෙනවා. එමඟින් සිදුව තිබෙන්නේ විශේෂයෙන්ම අවුරුදු දාසය සහ දහ අට අතර ගැහැණු ළමුන් බලවත් අවදානම් සහගත තත්ත්වයකට පත් කොට තිබීමයි. ඔවුන් කැමැත්තෙන් ලිංගික සබඳතා පවත්වා එහි ප්‍රතිඵලයක් ලෙස ගැබ් ගැනීමක් සිදුවුවහොත් අවිවාහකව එම දරුවා බිහිකිරීමටත්, පසුව හෝ ඇය සමඟ ලිංගික සේවනය සිදුකළ පුරුෂයා ඇයව විවාහ කර නොගන්නේ නම් ඇයට තනිවම දරුවා හදා ගැනීමට සිදුවෙනවා. වයස සම්පූර්ණ වූ පසුව ඇයව විවාහ කර ගත යුතු බවට නීතිය මගින් බලකිරීමක් සිදු වන්නේ නැනැ. මේ අනුව ඇත්ත වශයෙන්ම සිදුකළ යුතුව තිබෙන්නේ විවාහ විය හැකි අවම වයස සහ ලිංගික කටයුතුවල යෙදිය හැකි අවම වයස යන දෙකම එකම වයසක් කිරීමයි. එනම් මේ අනාරක්ෂිත “සංක්‍රාන්ති කාලය” ඉවත්කොට මේ වයස අවුරුදු දහ අට දක්වා දිගු කිරීමයි. දියුණු බටහිර රටවල ද මෙසේ ලිංගික හැසිරීම්වල යෙදිය හැකි වයස අවුරුදු දහසයක් ලෙස දක්වා ඇත්තේ, ඒ වයස වන විට ළමයින් සතුව ලිංගික කරුණු සම්බන්ධව සහ ගැබ් ගැනීම් වළක්වා ගැනීම සඳහා යොදාගන්නා ක්‍රම පිළිබඳව මනා දැනුමක් ස්ථාපිත කොට ඇති නිසයි. ඒ වගේම ඔවුන්ට එම ක්‍රමවලට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාවක් ද ඇති නිසයි.
වාර්තා වල සිදුවීම් ප්‍රමාණය අඩු කිරීම සඳහා ලිංගික කටයුතුවල යෙදිය හැකි නිත්‍යානුකූල වයස අවුරුදු දහසයේ සිට දාහතර දක්වා අඩු කිරීමට කටයුතු කිරීම ඇත්තෙන්ම විහිළු සහගතයි.ඒක හරියට සින්ඩරෙල්ලා කතාවේ කුඩම්මාගේ දියණිය සපත්තුවට කකුල ඔබාගැනීම සඳහා ඇඟිලි කපා දැමීම හා සමානයි. එමගින් සිදුවන්නේ ඉතා ළාබාල වියේදීම ගැහැණු දරුවන් ලිංගික සම්බන්ධතා පැවැත්වීමට යොමු වීමයි. නව යොවුන් වියේ සිටින වයස අවුරුදු දාහතරක ගැහැණු දරුවන් අපේ රටේ සංස්කෘතිය අනුව ලිංගිකත්වය පිළිබඳව , ලිංගික චර්යාවන් පිළිබඳව, ගැබ් ගැනීම් සම්බන්ධව, ගබ්සාවන් සම්බන්ධව ප්‍රමාණවත් කරුණු දන්නේ නැහැ.ඒ බව මා කළ ඉහත සඳහන් පර්යේෂණයේ දත්ත වලින් ද තහවුරු වනවා.
නමුත් ඒ වෙනුවට වර්තමානයේ අපේ රටේ උත්සාහ කරනු දක්නට ඇත්තේ කිසිදු ප්‍රමාණවත් ලිංගික අධ්‍යාපනයක් නොමැති ගැහැණු දරුවන් සඳහා මෙම අනාරක්ෂිත කාලය තවදුරටත් වැඩි කිරීමයි.
පසුගිය වසරේ මා විසින් මහනුවර අධ්‍යාපන කොට්ඨාසය ආශ්‍රිතව වයස අවුරුදු දහ හතරත් දහසයක් අතර සිංහල දෙමළ, මුස්ලිම්, ගැහැණු සහ පිරිමි ළමුන් 72 ක් යොදාගනිමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සඳහා සිදුකළ පර්යේෂණයේදී එම වයසේ ළමයින් සතු ලිංගික කරුණු පිළිබඳ දැනුම සහ ඒ සම්බන්ධව ඇති නීතිය ගැන දැනුම පිළිබඳ අධ්‍යයනයක් සිදුකළා.
එහිදී අනාවරණය වූයේ සමස්ථ ළමුන්ගෙන් 97.3% ක් තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඇති ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණය නමැති නීතිමය වරද පිළිබඳ කිසිදු දැනුමක් නොතිබුණු බවයි.එමෙන්ම ස්ත්‍රී දූෂණයක් යනු කුමක්දැයි දැන සිටියේ ඔවුන් අතරින් 17%ක් විතරයි. එසේම ගබ්සා කිරීම නීති විරෝධී බව දැන සිටියේ 21% ක් විතරයි.මෙවන් තත්වයක් තුළ 2018 වසරේ සිට 2021 වසර දක්වා වන වසර හතර තුළ දිවයින පුරා සිදුවූ ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණ සිදුවීම් 6307 පොලිසියට වාර්තා වී තිබෙනවා.ඒවායින් සිදුවීම් 5055 ක්ම ගැහැණු ළමයාගේ කැමැත්ත ඇතිව සිදු වුන ස්ත්‍රී දූෂණයන්. 2020 වසරේ සිට 2022 වසර දක්වා වන වසර තුනක කාලය තුළ මහනුවර පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් ස්ථාන දා හතකින් වාර්තා වී ඇති ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණ සිදුවීම් ගණන 132ක් . ඉන් සිදුවීම් 117ක් ම සිදුව ඇත්තේ ගැහැණු ළමයාගේ කැමැත්ත මතයි.
වාර්තා වල සිදුවීම් ප්‍රමාණය අඩු කිරීම සඳහා ලිංගික කටයුතුවල යෙදිය හැකි නිත්‍යානුකූල වයස අවුරුදු දහසයේ සිට දාහතර දක්වා අඩු කිරීමට කටයුතු කිරීම ඇත්තෙන්ම විහිළු සහගතයි.ඒක හරියට සින්ඩරෙල්ලා කතාවේ කුඩම්මාගේ දියණිය සපත්තුවට කකුල ඔබාගැනීම සඳහා ඇඟිලි කපා දැමීම හා සමානයි. එමගින් සිදුවන්නේ ඉතා ළාබාල වියේදීම ගැහැණු දරුවන් ලිංගික සම්බන්ධතා පැවැත්වීමට යොමු වීමයි. නව යොවුන් වියේ සිටින වයස අවුරුදු දාහතරක ගැහැණු දරුවන් අපේ රටේ සංස්කෘතිය අනුව ලිංගිකත්වය පිළිබඳව , ලිංගික චර්යාවන් පිළිබඳව, ගැබ් ගැනීම් සම්බන්ධව, ගබ්සාවන් සම්බන්ධව ප්‍රමාණවත් කරුණු දන්නේ නැහැ.ඒ බව මා කළ ඉහත සඳහන් පර්යේෂණයේ දත්ත වලින් ද තහවුරු වනවා. පර්යේෂණයට අමතරව වසර විස්සක පමණ කාලය පුරාවට විවිධ රෝහල්වල නීති වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කිරීමේදී මා ලද අත්දැකීම් අනුව බොහෝ වැඩිහිටි කාන්තාවන් පවා ලිංගික කරුණු; විශේෂයෙන්ම ගැබ් ගන්නා ආකාරය දරුවන් බිහි කරන ආකාරය පමණක් නොව බිහි වූ දරුවා සංවර්ධනය කිරීම සඳහා මනෝ සමාජීය උත්තේජනයන් ලබා දෙන ආකාරය මෙන්ම පවුලක් ලෙස ජීවත් වන ආකාරය පවා දන්නේ නැති බව නිරීක්ෂණය වී තිබෙනවා.
මේ නිසා ඇත්ත වශයෙන්ම කළ යුතුව ඇත්තේ මල්වර වූ විගසම ගැහැණු දරුවන්ට ලිංගිකව එක්වීමේ නිදහස ලබාදීම නොවේ. ඇය පළමුව බුද්ධියෙන් සංවර්ධනය කොට නිසි අධ්‍යාපනයක් ලබාදීමයි.වර්තමාන ආර්ථික තත්වය යටතේ පවුලක ස්වාමිපුරුෂයා සහ බිරිඳ යන දෙදෙනාම රැකියාවක් කිරීම අත්‍යවශ්‍යව පවතිනවා ඒ සඳහා ගැහැණු ළමයින්ට ද ළමා කාලය තුළ ඉහළ අධ්‍යාපනයක් ලබා ගැනීමට මග පෙන්විය යුතු වෙනවා.එසේ නොවේ නම් කවදා හෝ සිය ස්වාමි පුරුෂයා හදිසියේ මියගියහොත් කාන්තාව දරුවන් ද සමඟ කරකියාගත හැකි දෙයක් නොමැතිව අසරණ වනවා.
යම් ලෙසකින් මෙම යෝජිත සංශෝධනයන් ක්‍රියාත්මක වුවහොත් පාසල් ඇතුළත පවා දරුවන් ලිංගිකව හැසිරීමට පෙළඹීම වළක්වා ගැනීමට හැකි වන එකක් නැහැ. ගැබ් ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීම වළක්වා ගැනීම සඳහා දෙමාපියන්ට ගැහැණු දරුවන්ගේ පාසල් බෑග් වලට උපත් පාලන කොපු සහ උපත් පාලන පෙති අඩංගු පෙට්ටියක් කෑම පෙට්ටිය දානවා වගේ දාන්න සිදුවේවි.එහෙම නැත්නම් පාසල් වල ඒවා ගන්න පුළුවන් ස්වයංක්‍රීය යන්ත්‍ර සවි කරන්න වේවි. මොකද ලිංගිකව එක්වීම තහනම් නැතිවුණාට විවාහ වෙන්න තහනම් නිසා ගැබ් ගැනීමක් සිදුවුණොත් ගැටළුවක් වන නිසා . එහෙම නැත්නම් අම්මටයි බබාටයි දෙදෙනාටම පාසල් යන්න ක්‍රමවේදයක් සකසන්න වේවි.
එමෙන්ම ලිංගිකත්වය සම්බන්ධව කරුණු පැහැදිලිවම ළමා වයසේ සිටම ඉගැන්විය යුතු වනවා.විශේෂයෙන් බටහිර රටවල වයස හත අට කාලයේ ඉඳලා ඒ වයසට සුදුසු අන්දමින් ලිංගික අධ්‍යාපනය ලබා දෙනවා.ඉරි කෑලි කාටූන් ආශ්‍රිතව ළමා වයසට ගැලපෙන ආකාරයට ලිංගික අධ්‍යාපනය ලබාදීම මගින් ලිංගිකත්වය අපූර්ව දෙයක් නොවී සාමාන්‍ය දෙයක් බවට පත්වෙනවා විශේෂයෙන් ඒ කාලයේ දරුවන්ගේ සිරුරේ ලිංගික හෝමෝන සක්‍රීයව ශ්‍රාවය නොවන නිසා මෙම ඉගැන්වීම් ලිංගික තෘප්තියක් ලබා ගැනීම සඳහා භාවිතා කරන්නේ නැහැ.නමුත් අපේ රටේ අධ්‍යාපනයේ මේවා උගන්නන්න උත්සාහ කරන්නේ නව යොවුන් වියේ ලිංගික හෝමෝන ක්‍රියාත්මක වන අවධියේදීයි. එවිට එම ළමයින් සිදුකරන්නේ පෙළ පොත් වල දක්වා ඇති ලිංගික කරුණු කියවමින් එමගින් ලිංගික උත්තේජනයක් ලබා ගැනීමයි ඇත්තෙන්ම මෙය නොවිය යුත්තක්. අන්තර්ජාලයේ පරීක්ෂා කිරීම මගින් වෙනත් දියුණු රටවල දරුවන් අවුරුදු හතේ අටේ සිට ලිංගික අධ්‍යාපනය ලබා ගැනීමට භාවිතා කරන ක්‍රමවේදයන් විශාල ප්‍රමාණයක් හොයාගන්න පුළුවන්.සමහර අන්තර්ජාතික පාසල්වල ද මෙම විදෙස් රටවල භාවිතා කරන ලිංගික අධ්‍යාපන පොතපත ඉතා ඵලදායි ලෙස කුඩා දරුවන්ට එම කරුණු උගැන්වීමට භාවිතා කරන බවට තොරතුරු තිබෙනවා එය සත්‍යයක් වන්නේ නම් එය ඉතා හොඳ ප්‍රවණතාවක්.
ගැහැණු දරුවන්ට ලිංගිකව එකතු වීමක් සඳහා කැමැත්ත දීමේ වයස පහළොව දක්වා අඩු කළ යුතු බවට යෝජනා ගෙන ආවේ 2014 වසරේ නීති කොමිසම් වාර්තාවක් මගින් .නමුත් ඒ සඳහා සමාජය තුළ සිදු කරන ලද කිසිදු පර්යේෂණයක් හෝ අධ්‍යයනයක් පිළිබඳව එහි දැක්වෙන්නේ නැහැ.කමිටුවේ සාමාජිකයන් වූ ළමා රෝග විශේෂඥ සහ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරු කිහිපදෙනෙකුගේ උපදෙස් මත පමණක් එය සැකසී තිබූ බවයි දක්නට ලැබුණේ. හුදෙක් කායික යෝග්‍යතාවය මත පදනම්ව පමණක් සිදුකරන ලද බවට පෙනී යන එම නිර්දේශයන්ට , රටක නීතියක් පැනවීම සඳහා හෝ නීතියක් වෙනස් කිරීම සඳහා අවශ්‍ය වන මනෝ සමාජීය සංස්කෘතික අගයන් ද එක් කළේ නම් එම වයස අවුරුදු දහ අට දක්වා වැඩි කරනවා මිස දාහතර දක්වා අඩු කිරීමක් විය නොහැකියි. බ්‍රිතාන්‍යයේ ද මේ අවදියේම එරට ලිංගික කටයුතු සඳහා කැමැත්ත දිය හැකි වයස මේ අයුරින්ම අවුරුදු 16 සිට දාහතර දක්වා අඩු කිරීමට ගත් උත්සාහය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කොට තිබුණා.
ගැහැණු ළමයකු ලිංගිකව එකතුවීමක් සිදු වුවහොත් ඇය එම පාසලෙන් ඉවත් කරනු දක්නට ලැබෙනවා.එය පාසලේ විනය පවත්වාගෙන යාමටත් එම පාසලේම අනෙකුත් ළමයින්ගෙන් දෙමව්පියන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් සිදුවන වෙන් කොට සැලකීමෙන් ආරක්ෂා කිරීමටත්, එම දරුවා තවදුරටත් ලිංගික අපයෝජනයට ලක්වීම වළක්වා ගැනීමටත් විදුහල්පතිවරුන් විසින් මෙලෙස ක්‍රියාත්මක වනවා.මේ වන විට මෙවන් දරුවන්ගේ අධ්‍යාපන අයිතිය තහවුරු කිරීමේ නිශ්චිත ක්‍රමවේදයක් සැකසිය යුතුව තිබුණද ඒ සම්බන්ධව මේ දක්වා කිසිදු පියවරක් ගෙන ඇති බවක් දක්නට නැහැ මෙම තත්වය නිවැරදි කිරීම සඳහා ලිංගික හැසිරීම්වලට නිත්‍යානුකූල භාවයක් ලබාදීමට කටයුතු කරන්නේද යන්න පැහැදිලි නැහැ. නමුත් යම් ලෙසකින් මෙම යෝජිත සංශෝධනයන් ක්‍රියාත්මක වුවහොත් පාසල් ඇතුළත පවා දරුවන් ලිංගිකව හැසිරීමට පෙළඹීම වළක්වා ගැනීමට හැකි වන එකක් නැහැ. ගැබ් ගැනීම් සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වැළඳීම වළක්වා ගැනීම සඳහා දෙමාපියන්ට ගැහැණු දරුවන්ගේ පාසල් බෑග් වලට උපත් පාලන කොපු සහ උපත් පාලන පෙති අඩංගු පෙට්ටියක් කෑම පෙට්ටිය දානවා වගේ දාන්න සිදුවේවි.එහෙම නැත්නම් පාසල් වල ඒවා ගන්න පුළුවන් ස්වයංක්‍රීය යන්ත්‍ර සවි කරන්න වේවි. මොකද ලිංගිකව එක්වීම තහනම් නැතිවුණාට විවාහ වෙන්න තහනම් නිසා ගැබ් ගැනීමක් සිදුවුණොත් ගැටළුවක් වන නිසා . එහෙම නැත්නම් අම්මටයි බබාටයි දෙදෙනාටම පාසල් යන්න ක්‍රමවේදයක් සකසන්න වේවි.
සමස්තයක් විදිහට මේ යෝජනාවලින් සිදුවන්නේ ම්ලේච්ඡ වනචාරී යුගය පසුකොට ශිෂ්ට සමාජයක් දක්වා වර්ධනය වූ සමාජයක් නැවත මිලේච්ඡ සමාජයක් දක්වා තල්ලු වීමයි.
නුදුරු අනාගතයේදීම මැතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් දෝ ගැසට් පත්‍රයේ පළ කළ මෙම සංශෝධනය ඉවත් කරගන්නා බවට අධිකරණ ඇමති වරයා ප්‍රකාශ කළද ආසන්නයේ නැවත දිනක මෙම උත්සාහය නොගෙන එන බවට සහතිකයක් නැහැ.ඇත්ත වශයෙන්ම මෙවන් දෙයක් සිදු කරන්නේ නම් එය හුදු පාර්ලිමේන්තුවේ සම්මත වීම ප්‍රමාණවත් වන්නේ නැහැ.
දණ්ඩ නීති සංග්‍රහයේ මෙවන් සංශෝධනයක් සිහි බුද්ධියක් තියෙන දරුවන්ට ආදරේ කිසිම කෙනෙක් අනුමත කරන්නේ නැහැ. එහෙම අනුමත කරන කෙනෙක් ඉන්නවා නම් ඔහු විකෘති කාමාශා ඇති පුද්ගලයෙක් වෙන්න ඕනෑ.තමන්ගේ වයස අවුරුදු දාහතරක කටේ කිරි සුවඳවත් නොගිය දියණිය විවිධ පුද්ගලයන් විසින් ඇයව වසඟ කොට ලබාගන්නා කැමැත්ත මත ලිංගිකව එකතුවීම නීත්‍යානුකූල කිරීම අනුමත කරන්න පුළුවන් අම්මා තාත්තා කවුද ?
එපමණක් ද නොවේ දණ්ඩ නීති සංග්‍රහය 364 වගන්තිය අනුව වයස අවුරුදු දහසයට අඩු ගැහැණු ළමයෙකු සමග ඇගේ කැමැත්ත ඇතිව ලිංගිකව එකතුවන පිරිමි ළමයාගේ වයස ද අවුරුදු 18 ට අඩු නම් ඔහුට ලබාදෙන අවම අනිවාර්ය අවුරුදු දහයක සිර දඬුවම අනිවාර්යයෙන්ම ලබා දිය යුතු නොවන බව දක්වා තිබෙනවා. මෙහිදී එම පිරිමි ළමයා ද වයෝ පූර්ණත්වයට පත් නොවූ තවමත් ළමා වියේ පුද්ගලයකු නිසාත්, සිදුවීම දෙන්නාගේම කැමැත්ත මත සිදුව ඇති නිසාත් එලෙස දඬුවම අඩු කළ ද වර්තමාන සංශෝධනය මගින් පුරුෂයාගේ එම වයස අවුරුදු විසි දෙක දක්වා දිගු කොට ඇත්තේ කවර කරුණක් හේතුවෙන් ද යන්න කිසිසේත් පැහැදිලි වන්නේ නැහැ. වයෝපූර්ණත්වයට පත් වූ පසුව සියලු දෙනා වැඩිහිටියන් ලෙස සැලකිය යුතු වනවා. ඒ නිසා වැඩිහිටි වියේ අවුරුදු විසි දෙකක සීමාවක් දක්වා තව අවුරුදු හතරක් මෙවන් වරදකට අඩු දඬුවමක් ලබාදීමට යෝජනා කිරීම තේරුම් ගන්න බැහැ.
සමස්තයක් විදිහට මේ යෝජනාවලින් සිදුවන්නේ ම්ලේච්ඡ වනචාරී යුගය පසුකොට ශිෂ්ට සමාජයක් දක්වා වර්ධනය වූ සමාජයක් නැවත මිලේච්ඡ සමාජයක් දක්වා තල්ලු වීමයි.
නුදුරු අනාගතයේදීම මැතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් දෝ ගැසට් පත්‍රයේ පළ කළ මෙම සංශෝධනය ඉවත් කරගන්නා බවට අධිකරණ ඇමති වරයා ප්‍රකාශ කළද ආසන්නයේ නැවත දිනක මෙම උත්සාහය නොගෙන එන බවට සහතිකයක් නැහැ.ඇත්ත වශයෙන්ම මෙවන් දෙයක් සිදු කරන්නේ නම් එය හුදු පාර්ලිමේන්තුවේ සම්මත වීම ප්‍රමාණවත් වන්නේ නැහැ. මෙය සමස්ත සමස්ත සමාජයටම බලපෑමක් සිදුකරන ජාතික වශයෙන් වැදගත් වන කරුණක් නිසා, ජනාධිපතිවරයාට මේ සම්බන්ධව ජනමත විචාරණයක් පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 86 වගන්තිය මගින් ප්‍රතිපාදන සකසා තිබෙනවා ඒ අනුව එම ප්‍රතිපාදන භාවිතා කොට මුළු ශ්‍රී ලංකාවේම ජනතාවගෙන් මේ පිළිබඳව සිය මතය ජන මත විචාරණයක් මගින් ලබාගෙන එහි ප්‍රතිඵල අනුව පියවර ගැනීම සුදුසු බව යෝජනා කරනවා.
වෛද්‍ය නීතිඥ පාලිත බණ්ඩාර සුභසිංහ නීති වෛද්‍ය නිලධාරී ජාතික රෝහල මහනුවර
උපුටාගැනීම -vinivida.lk