Saturday, January 18, 2025

හොර මන්තිරිලාගේ රෙදි ගැලැවුණු අද ” වයඹ අඵ යට ගිනි ”

Must read

dfggfgදිවුරුම්දීමටත් පමා වී ආ අලූත් මන්ත‍්‍රී.

වයඹ පළාත් සභාව නියෝජනය කරමින් සිටි මන්ත‍්‍රීවරු පිරිසක් පසුගිය මහමැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් බවට ජනතාව විසින් ‘ප‍්‍රමෝට්’ කරවීම නිසා පුරප්පාඩු වී තිබූ මන්ත‍්‍රීධූර සදහා නවක මන්ත‍්‍රීවරුන් දිවුරුම්දීම සිදුකෙරුණේ පසුගියදා සිකුරාදාය. ඒ වයඹ ආණ්ඩුකාර කාර්යාලයේදීය. පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීධූර දෙකකුත්, විපක්ෂයේ මන්ත‍්‍රීධුර පහකුත් සහිතව මන්ත‍්‍රීධූර හතක් පුරප්පාඩු වී පැවැති නමුත් එදින දිවුරුම්දෙනු ලැබුවේ විපක්ෂය පැත්තේ වාඩිවීමට නියමිත එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරුන් පස්දෙනා පමණි. ආණ්ඩු පක්ෂය පැත්තේ මනාප ලැයිස්තු අනුව යාපහුවේ ආනන්ද චන්ද්‍රලාල් සහ දංකාටුවේ මල්රාජ් පීරිස් දෙදෙනාත් මන්ත‍්‍රීධූර සදහා සුදුසුකම් ලබා තිබූ නමුත් එදින එම දෙපළ දිවුරුම්දීමේ උත්සවයේදී දැක ගත නොහැකි විය. මන්ත‍්‍රීවරුන්ගේ දිවුරුම්දීමේ උත්සවය ආරම්භ කිරීමට නියමිතව තිබුණේ පෙරවරු නවයටය. පුත්තලමේ සිට පැමිණි ඉනෝක් තුෂාර පතිරගේ, ධර්මසිරි ඇරැව්ගොඩ, ජූඩ් ප‍්‍රනාන්දු මෙන්ම වාරියපොළ මංජුල බණ්ඩාරත් කල්වේලා ඇතිවම ආණ්ඩුකාර කාර්යාලයට පැමිණ සිටි නමුත් නවක මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීමට නියමිතව සිටි එල්. එම්. එම්. සහාබ්දීන්ගේ පැමිණීම පමා වී තිබිණි. ඇමැති එස්. බී. නාවින්න, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජේ. සී. අලවතුවල සහ විපක්ෂ නායක ශමල් සෙනරත් පවා ඒ වන විට ආණ්ඩුකාර කාර්යාලයට පැමිණ දිවුරුම්දීම සදහා සියලූ කටයුතු සුදානමින් තිබූ නමුත් පරහකට තිබුණේ සහාබ්දීන්ගේ පමාව පමණි. තව ටිකක් බලමු, තව ටිකක් බලමු කියමින් දිවුරුම්දීමේ උත්සවය ආරම්භ කිරීම විනාඩි පහ දහය ඉදිරියට ඇදුණු අතර අන්තිමේදී සහාබ්දීන් ආණ්ඩුකාර කාර්යාලයට පය තිබ්බේ 9.40 ට පමණය. සහාබ්දීන්ගේ පැමිණිමත් සමග එතෙක් නැවතී තිබූ දිවුරුම්දීම විනාඩි හතළිහක පමාවකුත් සමග ලහි ලහියේ ආරම්භ කෙරිණි.

ආණ්ඩුකාර පියසීලි කදුඵ සලයි.

මන්ත‍්‍රිවරුන් පස්දෙනාම ආණ්ඩුකාර පියසීලි ඉදිරියේ එක්වර ප‍්‍රතිඥාව කියැවීමෙන් අනතුරුව තනි තනි වශයෙන් ආණ්ඩුකාර පියසීලි ඉදිරිපිට දිවුරුම්දීමෙන් පසු ඇගේ අතින් පත්වීමේ ලිපිය ලබාගැනීම සිදු විය. දිවුරුම්දීම සදහා ආණ්ඩුකාර පියසීලි ඉදිරිපිට පළමුව සිටගත්තේ ඇගේම කුසින් බිහි කළ එකම පුතු වූ මංජුල බණ්ඩාරය. එතෙක් මෙතෙක් ලියැවී තිබූ ලාංකීය දේශපාලන ඉතිහාස පොතෙහි නව පරිච්ඡ්දයක ආරම්භය සනිටුහන් කරවමින් මංජුල සිය මෑණියන් ඉදිරියේ දිවුරුම්දෙනු ලැබීය. ඒ සමගින්ම ආණ්ඩුකාර මවක ඉදිරියේ ඇගේ ලෙයින් උපන් පුතෙකු මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම්දෙනූ ලැබීමේ අතිශය විරල වාර්තාවක්ද රත්නායක මව් – පුතු යුවළ නමින් ලියැවිණි. එමෙන්ම මව විසින් පළාත් සභාවක ආණ්ඩුකාරධූරය හොබවන විටදී පුත‍්‍රයෙකු එම පළාත් සභාවේම මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරනු දැකීමේ දුර්ලභ අවස්ථාවද වයඹ ජනතාවට මේ සමගින් උදා වූ අතර එවැනි අවස්ථාවක් උදාවන්නේද ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමුවැනි වතාවටවීම විශේෂත්වයකි.
මන්ත‍්‍රීවරුන් සියඵදෙනාම දිවුරුම්දීමෙන් අනතුරුව ආණ්ඩුකාර අමරා පියසීලි නවක මන්ත‍්‍රීවරුන්ට සුබපතමින් වචන කිහිපයක් කතා කළාය. පළමුව මන්ත‍්‍රීවරුන් සියඵදෙනාට සුබපැතූ ආණ්ඩුකාරවරිය ”මගේම පුතා අද මම ඉදිරියේදී මන්ත‍්‍රීවරයෙක් විදිහට දිවුරුම් දෙනවා දකින්න තරම් මම වාසනාවන්ත වුනා.” යැයි කීවාය. ආණ්ඩුකාරවරියට එතැනින් එහාට වචන ගලපාගැනීම අසීරු වී ගිය අතර අමරා පියසීලී නැමැති ආණ්ඩුකාරවරිය පරදා අමරා පියසිලී නැමැති මවගේ දාරක සෙනෙහස ඉස්මතුවීම නිසාදෝ ආණ්ඩුකාර පියසීලී ගොඵ වී ගියාය. ඒ සමගම දෙනෙතින් කඩාහැලූණු කදුඵ හමුවේ සිය කතාව තවත් වචන කිහිපයකට පමණක් සීමාකළ ආණ්ඩුකාර පියසීලි තමන් හිද සිටි අසුනේ යළි අසුන් ගත්තාය. රත්නායක මව් – පුතු යුවළ අනාගත දේශපාලනය තුළ මෙවැනි ඓතිහාසික සිදුවීමකට මුහුණදීමට නියමිත බවට පළමුව අනාවැකි පළ කළේ ‘අඵ යට ගිනි’ පිටුවෙනි. ඒ මීට මාස නවයකට පෙරදීය. ”අමරා පියසීලිගේ පත්වීමෙන් දේශපාලන ඉතිහාසයත් අඵතින් ලියැවෙන හැඩක් ”යන හිසින් යුතුව 2015 ජනවාරි 29 වැනිදා අඵ යට ගිනි පිටුවෙන් කියැවුණු අනාවැකිය පහත දැක්වෙයි.

45119(2)

පළාත් සභා රැස්වීමෙන් කවි ඇසෙයි.

හයවැනි පළාත් සභාවේ දෙවැනි වසර මේ වන විට ආරම්භ වී ඇතත් ගෙවුණු වසර දෙක පුරාම රඵ පරඵ කතා විනා මන්ත‍්‍රීවරයෙකුගේ මුවකින් කවියක් නම් වයඹ පළාත් සභා රැස්වීමේදී පිටවුනේ නැති. මීට පෙර පැවැති පස්වැනි වයඹ පළාත් සභාවේ රැස්වීම්වලදී කවි ගායනාවලින් අඩුවක් නොවූ අතර වයඹ පළාත් සභා රැස්වීමේ මහ කවියා ලෙස එකල නම් දරා සිටියේ මන්ත‍්‍රී ආනන්ද සරත් කුමාරය. මන්ත‍්‍රී ආනන්ද විසින් ගැයුණු කවි මෙන්ම කවි පන්තිවලිනුත් එකළ පළාත් සභා රැස්වීම් රසගැන්වුණු අතර මන්ත‍්‍රී ආනන්දගේ කවි හැන්සාඩ් වාර්තාවලට පවා එලෙසින්ම ඇතුළත් විය. කවි කියමින් පළාත් සභාව කුල්මත් කරමින් සිටි මන්ත‍්‍රී ආනන්ද නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක දණගැස්වීමේ නාටකයේ ප‍්‍රධාන නඵ භූමිකාව රගදක්වන්නටයාමේ අනුහසින් ඔහුගේ වයඹ පළාත් සභා මන්ත‍්‍රීකමටද තට්ටු වූ අතර ඒ සමගින් වයඹ පළාත් සභාවෙන් ඇසුණු ඔහුගේ කවි හඩද වියැකී ගියේය. වයඹ පළාත් සභා රැස්වීමට උදා වී තිබූ කවි ඉඩෝරය නිමා වූ බව සනිටුහන් කරවමින් පසුගිය අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමෙන් යළිත් කවි හඩක් ඇහෙන්නට විය. ඒ නවක මන්ත‍්‍රීවරයෙකු ලෙස පෙරේදා පළාත් සභාවට පය තැබූ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී ආනන්ද චන්ද්‍රලාල්ගේ මුවිනි. සභාව ඇමැතීමට තමන්ට ලැබුණු අවස්ථාව ප‍්‍රයෝජනයට ගත් ආනන්ද තම අදහස් දැක්වීම කළේ කවියෙනි. ආනන්ද කියන කවියක් කවියක් පාසා ආණ්ඩු පක්ෂයේ මන්ත‍්‍රීවරුන් විසින්ම සාදු සාදු යැයි කියමින් ආනන්දව බයිට් එකට ගත් බවක් පෙනුණු නමුත් ආනන්ද සිය අසුනේ වාඩිවූයේ කවි පන්තියක්ම කීමෙන් පසුවය. කෙසේ වෙතත් පළාත් සභාවේ මහ කවියා ලෙස නම් දරා සිටි ආනන්ද සරත් කුමාරගේ භූමිකාවට යළි පණ දෙන්නට පැමිණ සිටියේත් තවත් ආනන්ද කෙනෙකුවීම විශේෂත්වයක් විය.

කවි අස්සේ බයිලාත් ඇහෙයි.

පළාත් සභා රැස්වීමේ කවි ගායනා අස්සේ බයිලා ගැන කතාවක් ඇතිවන්නටත් මුල පිරුණේ අගහරුවාදා රැස්වීමේ මුලසුන දරමින් සිටි නියෝජ්‍ය සභාපති ටිකිරි අධිකාරිට සිදු වූ කට වැරදීමකි. මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික ප‍්‍රකාශ සදහා ඒ ඒ මන්ත‍්‍රීවරුන්ගේ නම් කියවමින් සිටි ටිකිරි එක් අවස්ථාවකදී කීවේ ”මීළගට එම්. එස්. ප‍්‍රනාන්දු මහතා” යනුවෙනි. සභාවේ සිටි මන්ත‍්‍රීවරුන් උඩ බිම බලන්නට වූයේ සභාවේ එම්. එස්. පෙරේරා ලෙස මන්ත‍්‍රීවරයෙකු විනා එම්. එස්. ප‍්‍රනාන්දු යනුවෙන් මන්ත‍්‍රීවරයෙකු වයඹ පළාත් සභාව තුළ නැති හෙයිනි. සභාවේ වෙනස දුටු ටිකිරි තමා අතෙහි තිබු න්‍යාය පත‍්‍රය පරීක්ෂා කර බලා ” සමාවෙන්න. මට වැරදුණා. එම්. එස්. ප‍්‍රනාන්දු නෙවෙයි, එම්. එස්. පෙරේරා මන්ත‍්‍රීතුමාටයි දැන් අවස්ථාව.” යැයි කියා වරද නිවැරදි කළේය. නැසී ගිය බයිලා ගායන ශිල්පි එම්. එස්. ප‍්‍රනාන්දුගේ හොද රසිකයෙක්වීම නිසාදෝ ඇතැම් විට ටිකිරිට තමා ඉදිරියේ වාඩි වී සිටි එම්. එස්. පෙරේරාට වඩා කලෙකට පෙර මිය ගිය එම්. එස්. ප‍්‍රනාන්දුගේ නම මතකයේ තිබෙන්නට ඇත. ටිකිරි විසින් වරද නිවැරදි කිරීමෙන් පසු අදහස් දැක්වීම සදහා විපක්ෂය පැත්තේ සිටි එම්. එස්. පෙරේරා නැගී සිටි අතර ඒ සමගම ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළෙහි වාඩි වී සිටි ඇමැති වේඩරුව කට ඇරියේය. ”මෙයත් පහුගිය ටිකේම බයිලා තමයි කීවේ. ඒකයි නියෝජ්‍ය සභාපතිතුමා අර විදිහට කියන්න ඇත්තේ. ” වේඩරුව කීවේය. පුද්ගලික කරුණු දැක්වීමක් සදහා කියමින් නැගී සිටි එම්. එස් පෙරේරා විසින් පසුගිය මහමැතිවරණයේදී තමන් පරාජයට පත් වූ නමුත් තමන් වෙනුවෙන් ඡන්දය භාවිතා කළ අයටත්, උදව් උපකාර කළ අයටත් ස්තූති පටන්ගත්තේය. එය එදින පළාත් සභාවට පය ගැසූ නවක මන්ත‍්‍රීවරයෙකු විසින් පළමුවරට කරන කතාවක් බදු විය. ” මේ ඔබතුමා අදද පළාත් සභාවට ඉස්සරවෙලාම පය තිබ්බේ ?” යැයි විනාඩි කිහිපයක් තිස්සේ පෙරේරාගේ කතාව අසීරුවෙන් ඉවසා සිටි ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී චන්දන යාපා ඇසුවේ මුඵ සභාවම සිනා සයුරේ ගිල්වමිනි.

වයඹ නව මැතිඇමැති – රහසේ වැඩ අල්ලති.

නව සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස දිවුරුම්දුන් ලක්ෂ්මන් වේඩරුව සිය රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කළේ පසුගිය බදාදා දිනයේදීය. පළාත් සභා නිලධාරීන් සිතා සිටියේ වේඩරුව බ‍්‍රහස්පතින්දා දිනයේදී අමාත්‍යංශ රාජකාරී ආරම්භ කරනු ඇත කියාය. එය බොරු කරමින් බදාදා උදෑසනින්ම සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ටී. බී. වික‍්‍රමසිංහගේ දුරකථනයට වේඩරුවගෙන් ඇමැතුමක් ලැබිණි. ”ලේකම්තුමා , මම අද වැඩ භාරගන්න අමාත්‍යංශයට එනවා කියන්නයි මම මේ ගත්තේ.” ”අපි හිතුවේ ඔබතුමා හෙට එයි කියලයි.” අනපේක්ෂිත ඇමැතුමෙන් විමතියට පත් වූ ලේකම් වික‍්‍රමසිංහ කීය. ”ඒකම තමයි මම අද එන්න කල්පනා කළේ. කලින් කියලා ආව නම් ඔබතුමාලා උත්සවයි, පිළිගැනීමුයි කියලා එක එක දේවල් ලෑස්තිකරනවා. මම ඕවට කැමැති නෑ. ඒ නිසා මම අද නවයට විතර වැඩ පටන්ගන්න තීරණය කළා. ”වේඩරුව කීය. ”ඒක ඔබතුමාගේ කැමැත්තක් ඇමැතිතුමා .ඔබතුමා එන්න. මම අවශ්‍ය කරන වැඩකටයුතු ටික ලෑස්ති කරලා තියන්නම්. ” යැයි ලේකම් වික‍්‍රමසිංහ කීය. ඒ අනුව වේඩරුව උදේ 8. 30 පසුවෙද්දී වයඹ පළාත් සභා සංකී්ණයෙහි පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශයට ආවේය. අනවශ්‍ය විච්චූර්ණවලින් බැහැර වී, අවම මුදලක් වැය වූ බවට උපකල්පනය කළ හැකි ඉතාමත් චාම් උත්සවයකින් වේඩරුව විසින් සිය රාජකාරී කටයුතු ආරම්භ කළේය. වේඩරුව කෙතරම් සීරුවට රාජකාරී ආරම්භ කර තිබුණාදැයි කිවහොත් වයඹ පළාත් සභාව නියෝජනය කරන සෙසු මැති ඇමැතිවරුන් පනස් එක්දෙනා අතරින් වේඩරුව රාජකාරී ආරම්භ කරන අවස්ථාවේ ළග සිටියේ එකම එක මන්ත‍්‍රීවරයෙකු පමණය. ඒ මන්ත‍්‍රී අශෝක පේ‍්‍රමදාසය. අශෝක පේ‍්‍රමදාස මන්ත‍්‍රීවරයාද වේඩරුව වැඩඅල්ලන උත්සවයට පැමිණ තිබුණා නොව වෙනත් රාජකාරියක් සදහා පළාත් සභාවට පැමිණි ගමනේදී අහම්බෙන් මෙම උත්සවයටද ගොඩවැදී තිබිණි. වේඩරුව සද්ද බද්ද නැතිවම සිය රාජකාරී ආරම්භ කළ බව දැනගන්නා විට පළාත් සභාවේ මන්ත‍්‍රීවරුන් බොහෝ දෙනෙකු සිටියේ හලාවතය. ඒ එදිනම යෙදී තිබූ ඇමැති සුමල් විසින් වැඩභාරගන්නා අවස්ථාවට සහභාගීවෙමිනි. හලාවත පිහිටි සිය අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භකරන අවස්ථාවට සහභාගීවන ලෙසට ඇමැති සුමල් විසින් මන්ත‍්‍රීවරුන් සිය`ඵදෙනාම පාහේ පුද්ගලිකවම ආරාධනා කර තිබූ බැවින් පියුමාල් හේරත්, අසංක නවරත්න, සමන්ප‍්‍රිය හේරත් ඇතුඵ මන්ත‍්‍රීවරුන් ගණනාවක්ම උදේ රැයින්ම කුරුණෑගල සිට හලාවත බලා පිටත් වී තිබිණි. ඒ නිසාම සුමල් හලාවත අමාත්‍යංශයේදී මැති ඇමැතිවරුන් පිරිවරාගෙන වැඩඅල්ලද්දී ඒ ගැන තැකීමක් නොකළ වේඩරුව කුරුණෑගලට වී හුදකලාවේම රාජකාරී ආරම්භ කළේය. වැඩඇල්ලීමෙන් පසුව රැස්ව සිටි පිරිස ඇමැතූ වේඩරුව අද දින රාජකාරි ආරම්භ කළ යුතු බවට තීරණය කළේ හදිසියේ බවත්, තමාගේ තීරණයෙන් කිසිවෙකු හෝ අපහසුතාවයට පත්වූයේ නම් ඒ පිළිබදව සමාව ඉල්ලා සිටින බවද පැවසීය. වේඩරුවගේ වැඩඇල්ලීමෙන් පසුව තවත් ඇමැතිවරයෙකුගේ වැඩඇල්ලීමක් පළාත් සභාවේදීම සිදුවූයේ හොර රහසේ මෙනි. ඒ ඇමැති දෙහිගමගේය. ඇමැති දෙහිගමත් එදින සිය අමාත්‍යංශයේදී රාජකාරී ආරම්භ කළ අතර වේඩරුවගේ උත්සවය තරමට චාම් නොවූ නමුත් එම උත්සවයේද වැඩි කලබලයක් නොවීය. වේඩරුව සහ දෙහිගම සද්ද බද්ද නැතිව වැඩ ඇල්ලූ නමුත් ඊට පසුදින සිදු වූ ඇමැති සන්ධ්‍ය වැඩ භාරගන්නා අවස්ථාව නම් කළ එළි ඇතිවම සංවිධානය කර තිබිණි. සන්ධ්‍ය පිළිගැනීම සදහා පාසල් දරු දැරියෝත්, අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිය`ඵ නිලධාරීනුත් පාහේ පළාත් සභාවට ගෙන්වා තිබෙනු දැක ගත හැකි විය.

තනතුරු ගැටුම් වැඩි වෙයි – සභාපති තේරීම කල් යයි.

ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් අතර ඇති වී තිබෙන තනතුරු පොරය සංසිදවා ගැනීමට නොහැකිවීම නිසා පුරප්පාඩු වී පවතින වයඹ පළාත් සභාවේ සභාපති සහ සභානායක තනතුරු සදහා මන්ත‍්‍රීවරුන් තෝරාපත් කරගැනීම අගහරුවාදා පැවැති පළාත් සභා රැස්වීමේදීත් සිදු නොවීය. එදින මුලසුන හෙබ වූ නියෝජ්‍ය සභාපති ටිකිරි අධිකාරී නව සභාපතිවරයෙකු තෝරාපත්කරගැනීම ඔක්තෝම්බර් 06 වැනිදා පැවැත්වෙන වයඹ පළාත් සභා රැස්වීමේදී සිදුවෙන බව නිවේදනය කළේය. සභාපති සහ සභානායක ධූරයන්වලට පත්කරන්නේ කවුරුන්දැයි අවසන් තීන්දුවක් ගැනීමට නියමිතව තිබුණේ පසුගිය බ‍්‍රහස්පතින්දා පැවැති ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේදීය. මහඇමැති ධර්මසිරිගේ ප‍්‍රධානත්වයෙන් පැවැති පළමු ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමද එය විය. කණ්ඩායම් රැස්වීම ආරම්භයේදීම සභාපති තනතුරට ඉදිරිපත්වන්නේ කවුදැයි විමසා බැලිණි. ටිකිරි අධිකාරි, සෝමසිරි ගුණතිලක, පියුමාල් හේරත්, පියසිරි රාමනායක සහ ඞී. බී. හේරත්ද සභාපතිකම අපේක්ෂාවෙන් සිටින බව කියැවිණි. සභාපතිකමට තරගකිරීම කවුරුන් හෝ එක් අපේක්ෂකයෙකු තෝරාපත්කරගැනීමට සාකච්ඡාවක් කෙරුණු නමුත් හැම කෙනෙකුම සිටියේ තමන් සභාපතිකමට සුදුස්සෙකුය යන මතයෙනි. දන්නා ශිල්ප දමා එක් අපේක්ෂකයෙකු තෝරාගැනීමට ගත් උත්සාහයන් සියල්ලම වතුරේ ගිය කළ මහඇමැති ධර්මසිරි කතාකළේය. ”මේක ගැන අපිට විතරක් තනි තීන්දුවත් ගන්න බෑ. ඒ නිසා අපිට මේ ගැන ජනාධිපතිතුමාගෙනුත් අහන්න වෙනවා. ” ධර්මසිරි කීය. ධර්මසිරිගේ අදහසට මන්ත‍්‍රීවරු එකවර කැමැති නොවූහ. ”පළාත් සභාව ඇතුළේ අපි අපි එකතුවෙලා පත්කරගන්න තියෙන තනතුරක් ගැන ආයේ මොනවද ජනාධිපතිතුමාගෙන් අහන්නේ . ඔබතුමාත් සභාපතිකමට පත්වුණේ ජනාධිපතිතුමා‍ගෙන් අහලායැයි?” එක් මන්ත‍්‍රීවරයෙකු කීය. ඇමැති වේඩරුවද කීවේ මේ පිළිබදව ජනාධිපතිවරයාගෙන් විමසීමක් කිරීම වඩාත් සුදුසු බවය. මේ තර්ක විතර්ක මැද ආණ්ඩු පක්ෂ කණ්ඩායම් රැස්වීමේ අවසන් තීරණය වූයේ ජනාධිපතිවරයා සම`ග සාකච්ඡා කිරීමෙන් පසුව සභාපති තේරීම ඔක්තෝම්බර් 06 වැනිදා රැස්වීම තෙක් කල් දැමීමටය.
සභානායක තනතුර වෙනුවෙන්ද මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකු අතර ඇතිව තිබෙන්නේ මහත් පොරයකි. අගහරුවාදා පළාත් සභා රැස්වීම නිමවීමෙන් පසුව හදිසි රැස්වීමක් සදහා සන්ධ්‍යගේ අමාත්‍යංශයට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් කැදවා තිබිණි. රැස්වීමේ අරමුණ වෙන එකක් වුවත් මන්ත‍්‍රී එම්. එන් . තාහීර් එහිදී සභානායක මාතෘකාව ඇදගත්තේය. ”මම සභානායකකමට ඉල්ලනවා. ඒකට කුරුණෑගලින් කවුරුවත් දාන්න එපා. කරුණාකරලා මේ තනතුර පුත්තලමට දෙන්න. පුත්තලමේ මන්ත‍්‍රීවරු නවදෙනාගේ සහයෝගය මට තියෙනවා. ඒක නිසා සභානායක තෝරද්දී පුත්තලමේ මන්ත‍්‍රීවරුන්ගේ කැමැත්ත විතරක් බලන්න.” තාහීර් කීය. තාහීර්ගේ යෝජනාවට ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රීවරුන් එක`ග වුනාදැයි , නොවුනාදැයි කියා නම් අඵ යට ගිනි වෙත වාර්තා නොවෙයි.
සභාපති තනතුර වෙනුවෙන් යුධ ප‍්‍රකාශ කළ මන්ත‍්‍රී පියුමාල් හේරත් පසුගිය සතියේ ජර්මනිය බලා පිටත් වී ගියේ කෙටි නිවාඩුවක් ගතකිරීම සදහාය. ලබන සතියේ ආපසු දිවයිනට බලාඒමෙන් පසුව ඔහු යළිත් සභාපති සටන් භූමිය වෙත පිවිසීමට නියමිතය. පළාත් සභා මන්ත‍්‍රී පාලිත රෝහණගේ මෑණියන් අභාවප‍්‍රාප්තවීම නිසා පසුගිය අගහරුවාදා පළාත් සභා රැස්වීම නිමා කළ පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් බොහෝමයක් එදින පස්වරුවේම පාලිත රෝහණ මෑණියන්ට අවසන් ගෞරව දක්වන්නට මාදම්පේ පිහිටි ඔහුගේ නිවස වෙත ගොස් තිබිණි.

අශෝක් එක්ක කටවුට් ගැසූ – කුරුණෑගල ‘හොර’මන්ත‍්‍රීවරු

සාමාන්‍ය සමාජය තුළ ‘හොර’ යන විශේෂණ පදය සහිතව යමෙකු ආමන්ත‍්‍රණය වෙන්නේ නම් ඒ නිසැක වශයෙන්ම යම් චංචාසහගත වැඩපිලිවෙලක යෙදෙන්නෙකු වෙනුවෙනි. හොර දොස්තර යැයි කියන්නේ වෛද්‍යවරයෙකු සතු සුදුසුකම්වලින් තොරව ලෙඩුන් බලා එලොවට පාර පෙන්වන බෙහෙත් නියම කරන උදවියටය. හොර වෙළදුන් කියන්නේ නියමිත බර ප‍්‍රමාණයට ග‍්‍රෑම් සියයක් දෙසියක් අඩුවෙන් කිරා පාරිභෝගිකයින් ගසා කන වෙළදුන්ටය. හොර ලෙඞ්ඩු යැයි කියන්නේ නැති ලෙඩක් මවාගෙන එහි පිහිටෙන් හිත් උණුවෙන මිනිසුන් ගසා කන මදාවින්ටය. සමාජය තුළ හොර යන විශේෂණ නාමය එලෙස භාවිතා වෙද්දී කෙ`දිනකවත් මැතිවරණයකින් ජයග‍්‍රහණය නොකළ නමුත් මම අහවල් ප‍්‍රාදේශීය සභාවේ මන්ත‍්‍රීවරයෙක් යැයි හතදුන්වාගන්නා අයෙකු වේ නම් ඔහුව හදුන්වාදීම සදහා ‘හොර මන්තිරියෙකු’ යන යෙදුම මිස වෙනත් වචනයක් ගැන ලියුම්කරුගේ මතකයට නොයේ. අඵ යට ගිනි හි ලිවීම් රටාව පවා තරමක් වෙනස් කරමින් මෙවැනි අටුවාවක් ලිවීමට සිදුවූයේ යහපාලනයේ අනුහසින් කුරුණෑගලින් කළ එළි බැස ඇති එවැනි හොර මන්තිරියෙකු නිරුවත් කිරීමට කාලය එළැඹ ඇති බැවිනි. මේ හොර මන්තිරියා පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් කුරුණෑගල ප‍්‍රාදේශිය සභාවට තරග කළ නමුත් ඔහුව මන්ත‍්‍රීවරයෙකු ලෙස පත් කිරීමට තරම් කුරුණෑගල ජනතාව ඔහුට කාරුණික නොවීය. ලද පරාජයත් සමග සද්ද බද්ද නැතිව සිටි මේ හොර මන්ත‍්‍රීට යළි පණ ආවේ ජනවාරි 8 වැනිදා සිදු වූ පෙරළියත් සමගය. මෛත‍්‍රී ජයග‍්‍රහණය කරවූ අයට ස්තූති කරමින් මේ හොර මන්ත‍්‍රී තැන විසින් කුරුණෑගල නගරය පුරා කටවුට් එල්ලූවේ ‘කුරුණෑගල ප‍්‍රාදේශීය සභා අපේක්ෂක ’යන හැදින්වීමද සහිතවය. එක්වරක් මැතිවරණයකට තරගකර පැරුදුණු අපේක්ෂකයකුවීම නිසාත්, ඉදිරි මැතිවරණයකට තරගකිරීම පිළිබදව ඕනෑම අයෙකුට අපේක්ෂකයෙකු ලෙස බලාපොරොත්තු තබාගතහැකි වීම නිසා ඔහු විසින් යොදාගෙන තිබූ ‘අපේක්ෂක’ යන යෙදුමෙහි වරදක් කුරුණෑගල ජනතාවට නොදුටුවහ. නමුත් මේ හොර මන්ත‍්‍රීතැන විසින් දෙවැනිවරට විකුම්පාන්නට පටන් ගත්තේ පසුගිය මහමැතිවරණයෙන් එජාපය ජයග‍්‍රහණය කිරීමත් සමගය. මැතිවරණ ජයග‍්‍රහණය සදහා උර දුන් අයට නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ විසින් ස්තූතිය පළකරන ආකාරයට සකස් කර ඇති කටවුට් කිහිපයක් යන්තම්පලාව හන්දිය ඇතුඵ කුරුණෑගල නගරයේ ස්ථාන ගණනාවක මේ වනවිටත් ප‍්‍රදර්ශණය කෙරෙමින් තිබේ. මේ ඇතැම් කටවුට් දකින කුරුණෑගල ගැන දන්නා හැම අයගේ දෑස් උඩ ඉන්දවෙන්නේ අශෝක්ගේ සමග එම කටව්ටුවල හිනැහෙමින් ඉන්නා පෙර කී හොර මන්ත‍්‍රීගේ ඡුායාරූපයට යටින් මුද්‍රණය කෙරී ඇති වැකියක් හේතුවෙනි. එම කටවුට්වල ඔහුගේ නම සහ සදහන් වී ඇත්තේ කුරුණෑගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී යන හැ`දින්වීමද සහිතවය. මෙය මුද්‍රණ දෝෂයක් යැයි ඇතැමෙක් මුලින් සිතූ නමුත් නගරය පුරා එල්ලා ඇති හැම කටවුට් එකකම යෙදී ඇත්තේ කුරුණෑගල ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී යන යෙදුමම බැවින් මෙය ඉදිරි මැතිවරණයේදී මහජනතාව ගොනාට ඇන්`දවීම පිණිස අදාළ හොර මන්ත‍්‍රීතැන විසින් යොදාගෙන ඇති බාල ගණයේ මගඩියක් බව මේ වන විට සක්සුදක් සේ පැහැදිලි වී තිබේ. මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසුව මුලින් ප‍්‍රාදේශීය සභා අපේක්ෂක බවටත් , අන්තිමේදී ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීකමටත් ඇදගත් හොර මන්ත‍්‍රීතැන විසින් උත්තරීතර මහජන නියෝජිත නාමයද අවභාවිතා කරමින් නටන මේ නාඩගම් ගැන නියෝජ්‍ය ඇමැති අශෝක් ඇත්තටම නොදන්නවාදැයි, නැත්නම් නොදන්නවා වාගේ ඉන්නවාදැයි දැන් දැන් කුරුණෑගල ජනතාව විසින් ප‍්‍රශ්න කරන්නට පටන්ගෙන තිබේ.

56642(4)

උපුටාගැනීම – මව්බිම පුවත්පත – 2015 සැප්තැම්බර් 24 වැනි බ‍්‍රහස්පතින්දා

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article