Sunday, January 19, 2025

හොර අරක්කු ලොරියක් මාවතගමින් අල්ලයි.

Must read

mawatagama_arrack_rade

කලුතර සිට මහනුවර දක්වා බලපත්‍ර රහිතව ප්‍රවාහනය කරමින් තිබූ මත්පැන් බෝතල් තොගයක් රැගත් ලොරියක් අද ( 28 දා) දහවල් මාවතගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මැටිබොක්ක ප්‍රදේශයේදී සිදුකළ මාර්ග පරීක්ෂාවකදී අත්අඩංගුවට ගත් මෙම ලොරියේ තිබී මිලි ලීටර් 180 (කාල) සහ මිලිලීටර් 375 (භාග) වශයෙන් නිෂ්පාදනය කර තිබූ මත්පැන් බෝතල් 4000 කට වැඩි ප්‍රමාණයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ අරක්කු නිෂ්පාදන සමාගමක නිෂ්පාදනවලට සමානව නිපදවා තිබූ අරක්කු වර්ග පහකට අයත් මත්පැන් බෝතල් මෙම මත්පැන් තොගය අතර වෙයි. ඉතා අපිරිසුදු තත්වයෙන් පැවැති මෙම මත්පැන් බෝතල් තුළ ඇති අරක්කු වල යම් යම් අපද්‍රව්‍ය පාවෙන අයුරුද දැකගත හැකි වෙයි. ලොරි රථයේ රියැදුරු ඇතුලු තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුහු හෙට (29 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මාවතගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් සදසිරි මහතාගේ උපදෙස් මත, රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුබසිංහ , පොලිස් කොස්තාපල් රාජමුණි (9173 ) , තෙන්නකෝන් (6965) සහ නුවන් (79998) යන නිලධාරීහු වැටලීම සිදුකළහ.

පොලිසිය විසින් අත්අඩංගුවට ගත්  මත්පැන් තොගයේ වීඩියෝ දර්ශණ සහ ඡායාරූප පහත  දැක්වෙයි.

mawatagama_arrack_rade_2

mawatagama_arrack_rade_3

mawatagama_arrack_rade_1

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article