Sunday, January 19, 2025

හොරකම් කළ ලොරියෙන් කරවල බිස්නස් එකකුත් කළ ‘දියුණුවට කැමැති‘හොරෙක් මාට්ටුවෙයි !

Must read

වේයන්ගොඩ නගරයේ නවතා තිබියදී මීට වසර තුනකට ඉහතදී සොරාගන්නා ලද රුපියල් ලක්ෂ තිහකට අධික වටිනාකමකින් යුත් ලොරි රථයක් කුරුණෑගල, තිත්තවැල්ල ප‍්‍රදේශයේ ගරාජයක සගවා තිබියදී කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු විසින් පසුගියදා අත්අඩංගුවට ගනු ලැබූහ.

කැකිරාව, මරදන්කඩවල ප‍්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මෙම ලොරි රථය කුලී ගමනක් සදහා ගොස් තිබියදී වේයන්ගොඩ නගරයේදී සොරකම් කර ඇති බවට එහි හිමිකරු විසින් 2013 වසරේ සැප්තැම්බර් මාසයේදී වේයන්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර ඇති අතර ඊට අදාල නඩුවක්ද අත්තනගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ විභාගවෙමින් පවතින බව පොලිසිය කියයි.

වේයන්ගොඩ නගරයේදී සොරාගැනීමෙන් පසුව කුරුණෑගල ප‍්‍රදේශයට ගෙනැවිත් ඇති මෙම ලොරි රථය යොදාගෙන සොරකමට සම්බන්ධ එක් සැකකරුවෙකු විසින් එහි අංක තහඩු පවා වෙනස් නොකර කරවල වෙළදාම සදහා යොදවාගෙන ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. පසුව ලොරියේ ඇති වූ යාන්ත‍්‍රික දෝෂයක් පිළිසකර කරවීම සදහා කුරුණෑගල, තිත්තවැල්ලේ පිහිටි අදාළ ගරාජයක වෙත ගෙනැවිත් ඇති සැකකරුවන් කලක් තිස්සේ ලොරි රථය එහි ස`ගවා තබා ඇති බවද පොලිසිය කියයි. ලොරියේ බැටරිය සහ තවත් අමතර කොටස් ගණනාවක් සැකකරුවන් හෝ වෙනත් අයවලූන් විසින් ගලවාගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.

ලොරිය සොරකම් කිරීමට සම්බන්ධ බවට සැකපිට මැල්සිරිපුර, දිද්දෙණිය ප‍්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මෙම සොරකමෙහි ප‍්‍රධාන සැකකරු සොයා පොලිස් මෙහෙයුම් ආරම්භ කර තිබේ.

ඉදිරි පරීක්ෂණ කටයුතු සදහා මෙම ලොරිය වේයන්ගොඩ පොලිසිය වෙත භාරදීමට නියමිතව ඇති අතර කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති , ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත, එහි අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී. එම්. ටී. බාලසූරිය මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක එස්. පී. රාජපක්ෂ, පොලිස් සැරයන් බණ්ඩාර (58677 ), ප‍්‍රියන්ත (58188), නවරත්න (27617) සහ පොලිස් කොස්තාපල් කීර්ති (36757) සහ උදයකුමාර (31838) යන නිලධාරීහු විසින් ලොරි රථය සොයාගත්හ.

lorry lorry2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article