Sunday, January 19, 2025

හෙළ සිරිතට මුල්තැන දෙමින් හිස තෙල් ගෑමේ චාරිත්‍ර ඉටු වෙයි. (ඡායාරූප)

Must read

අලුත් අවුරුද්ද හා බැදුණු වැදගත් චාරිත්‍රයක් වන හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකිරීම දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථාන මුල්කරගනිමින් අද පෙරවරු 10.41 ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරිණි.

අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට අනුව නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී බටහිර දිශාව බලා හිසට නුගපත්ද, පයට කරද පත්ද තබා තල තෙල් සහ නුගපත් මිශ්‍ර නානු ගා හිස තෙල් ගෑමේ චාරිත්‍රය ඉටුකිරීමට දිවයින පුරා වෙසෙන සිංහල සහ දමිළ ජනතාව එක් වී සිටියහ.

දොඩම්ගස්ලන්ද, ලිහිණිවැහැර ශ්‍රී සුමංගලාරාම විහාරවාසී ‍ගොපල්ලව සුමංගල ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් එම විහාරස්ථානයේදී හිස තෙල් ගෑමේ චාරිත්‍රය සිදු වූ අයුරු වයඹ ටුඩේ කැමරා කාචයෙහි මෙලෙස සටහන් විය.

hisa_tel_gama_3 hisa_tel_gama_1 hisa_tel_gama_2 hisa_tel_gama_4 hisa_tel_gama_10 hisa_tel_gama_9 hisa_tel_gama_8 hisa_tel_gama_7 hisa_tel_gama_6hisa_tel_gama_5

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article