Saturday, January 18, 2025

හුණුගල්කඩුල්ලේ බෝක්කුව කැඩී , කුරුණෑගල – රිදීගම ගමන් නවතී.

Must read

කුරුණෑගල – රිදීගම මාර්ගයේ හුණුගල්කඩුල්ල මංසන්ධිය ආසන්නයේ පිහිටි තාවකාලික බෝක්කුවක් වර්ෂා ජලයට හසුවී විනාශවීම නිසා එම මාර්ගයේ වාහන ගමනාගමන කටයුතු අඩාල වී තිබේ.

මේ වන විටත් සිදුකෙරෙමින් පවතින කුරුණෑගල – රිදීගම මාර්ගයේ නවීකරණ කටයුතුවලට සමගාමීව හුණුගල්කඩුල්ල මංසන්ධියේ ආසන්නයේ පිහිටි මෙම පැරණි බෝක්කුව මීට මාස කිහිපයකට පෙර කඩා ඉවත්කර එම ස්ථානයේ තාවකාලික බෝක්කුවක් ඉදිකරනු ලැබීය. ඊයේ පස්වරු කාලයේදී ප‍්‍රදේශයට ඇදහැඵණු ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මෙලෙස විනාශ වී ගොස් ඇත්තේ එම තාවකාලික බෝක්කුවේ කොටසකි.

මෙම බෝක්කුව මතින් දැනට ගමන් කළ හැක්කේ තනි පුද්ගලයෙකු පමණක් නැගී යන යතුරුපැදිවලට පමණක් වන අතර මගී ප‍්‍රවාහන බස් රථ ඇතුඵ අනෙකුත් සියඵම වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කරවීමට පොලිසිය විසින් කටයුතු කරයි.

මෙම බෝක්කුවේ ඉදිකිරීම් ආරම්භ කර දැනට වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් එහි ඉදිකිරීම් කටයුතු තවමත් අවසන් නොවීම පිළිබදව ප‍්‍රදේශවාසින් විසින් දැඩි අප‍්‍රසාදය පළ කරන අතර උද්ගත වී ඇති තත්වය හමුවේ හෝ එහි ඉදිකිරීම් කඩිනමින් නිමාකරදෙන්නැයිද ඔවුහු වැඩිදුරටත් ඉල්ලා සිටිති.

ඡායාරූප
දොඩම්ගස්ලන්ද ඩබ්ලිව් .ඒ . ජයසේකර

hunugalkadulla_bokkuwa1 hunugalkadulla_bokkuwa2 hunugalkadulla_bokkuwa3 hunugalkadulla_bokkuwa4

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article