Sunday, January 19, 2025

‘හිටං හුටං අපිට එපා.’ හෙටිටි‍පොළින් දයාසිරි විරෝධයක් !

Must read

දයාසිරි ජයසේකර මහතා ආණ්ඩුවට එක්කරනොගන්නා ලෙස බලකරමින් එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් අද දහවල් හෙට්ටිපොළ බස් නැවතුම්පොළ ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක යෙදුණහ.

මෙම උද්ඝෝෂණය සදහා ප්‍රදේශයේ භික්ෂූන් වහන්සේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහ කුලියාපිටිය, බිංගිරිය, පඩුවස්නුවර ඇතුලු ප්‍රදේශ ගණනාවක් නියෝජනය කරමින් පැමිණි දහසකට අධික පිරිසක් සහභාගී වී සිටියහ.

“ගෙඹි දයාසිරි අපට එපා “, “හිටං හුටං අද මෛත්‍රී ළග හිටන්” , “හිටං දයා අපිට එපා ” සහ “යූඇන්පිය විනාශ කළ දයාසිරි අපිට එපා ” ආදී විරෝධතා වැකි ලියූ පුවරුද ප්‍රදර්ශණය කරමින් පිරිස සිය විරෝධය පළකළහ.

දයාසිරි ජයසේකර මහතා ජාතික ආණ්ඩු සංකල්පයට මුවා වී ඇමැතිකමක් ඩැහැගැනීමට උත්සාහ දරණ බවට දැන් ආරංචි පැතිරී යන බවත්, දයාසිරි ජයසේකර මහතා වැනි අවස්ථාවාදී දේශපාලනඥයෙකු ආණඩුවට එක්කර නොගන්නා ලෙසට බලකිරීම මෙම උද්ඝෝෂණයෙහි අරමුණ බවත් ඊට සහභාගි වී සිටි පිරිස කීහ. කලින් කලට පිල්මාරුකරන අයට කිසිදු ඇමැතිකම් නොදෙන ලෙසත්, එය පක්ෂය වෙනුවෙන් කැපවුණු අයට කරන අසාධාරණයක් බවත් උද්ඝෝෂකයෝ මෙහිදී කීහ.

මෙම උද්ඝෝෂණය සදහා දයාසිරි ජයසේකර මහතා සමග එක්ව කලක් කටයුතු කළ කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සම්පත් කැටවලගෙදර සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් වන නිමල් දයානන්ද , එම්. ටී.එම්. ජාබීර්, ධනුෂ්ක බාලසූරිය, කුමාරසේන ජයලත්, සුනිල් දිසානායක සහ ඥානරත්න දිසානායක යන මහත්වරුන් ඇතුලු පිරිසක්ද එක් වී සිටීම විශේෂත්වයකි.

පැයකට අධික වේලාවක් උද්ඝෝෂණයේ යෙදුණු පිරිස සාමකාමීව විසිරී ගියහ.

( මාරවිල ප්‍රසාද් පූර්ණිමාල්, හෙටිටිපොළ ධම්මිකා බාලසූරිය,  )

dayaepa7 dayaepa6 dayaepa5 dayaepa4 dayaepa3'jpg dayaepa2 dayaepa1

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article