Sunday, January 19, 2025

හැට පැන්න අලව්වේ මාමාට පොට වැරදෙයි !

Must read


alawwe_mamaවයස අවුරුදු 14 ක දැරියක් නීත්‍යානුකූල භාරකාරිත්වයෙන් අපහරණයකොට බරපතල ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ චෝදනාවකට වැරැදිකරු වූ පුද්ගලයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් හා රුපියල් විසිපන්දහසක දඩ මුදලක් නියම කළ කුලියාපිටිය පලාත්බද මහාධිකරණ විනිසුරු ගිහාන් එච් කුලතුංග මහතා අගතියට පත් දැරියට රුපියල් ලක්‍ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසටද විත්තිකරුට නියම කළේය.

මෙලෙස සිර දඩුවම්, දඩ මුදල් සහ වන්දි ගෙවීමට නියම කෙරුණේ දඹදෙණියේ පදිංචි විශ‍්‍රාමික රජයේ සේවකයෙකු වන සිටි රන්මුතු කංකානම්ලාගේ ජයසේකර නොහොත් අලව්වේ මාමා නැමැත්තෙකුටය.

මීට අමතරව විත්තිකරුට එරෙහිව නගා තිබූ තවත් චෝදනාවට වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් පන්දහසක දඩ මුදලක් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සියලු සිර දඩුවම් එකවර ගෙවීයන පරිදි නියම කළේය. වින්දිත පාර්ශ්වයට ගෙවිය යුතු වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසර දෙකක අමතර සිර දඩුවමක් සහ දඩය නොගෙවන්නේ නම් වසරක බරපතල වැඩ සහිත සිර දඩුවමක්ද විත්තිකරුට වැඩිදුරටත් නියම කළේය.

2019 වර්ෂයේ පෙබරවාරි මස වැනිදා 03 හෝ ඊට ආසන්න දිනයකදී ලාබාල දැරියක අපයෝජනයට ලක්කළ බවට ලංකා දණ්ඩනීති සංග‍්‍රහයේ 354,365/ආ සහ 2/ආ යන වගන්ති ප‍්‍රකාරව එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබූ බව විත්තිකරුට සිරදඩුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරුවරයා කීය.

රජයේ අධිනීතිඥ ඉරෝමා නානායක්කාර මහත්මිය මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ අතර විත්තිකරු වෙනුවෙන් නීතිඥ චන්ද්‍රකීර්ති රන්කොත් මහතා පෙනී සිටියේය.

කුලියාපිටිය දිනේෂ් උපේන්ද්‍ර

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article