හලාවත රෝහලේ ඉදිවෙමින් පවතින ගොඩනැගිල්ලක් සම්බන්ධයෙන් සමගි බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා 07 වනදා පාර්ලිමේන්තුවේදී විමසීමක් සිදුකරන ලදී. ඒම ගොඩනැගිල්ල වසර 10්ක් පුරා ඉදිවෙමින් පවතින බවත් ඒ් සම්බන්ධයෙන් සොයාබලන ලෙසත් පා.මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින ලදී. ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය ක්‍රියාත්මකවීම යටතේ හලාවත රෝහලේ සංවර්ධන කටයුතු සිදුවෙමින් පවතින බවත් රෝහලේ ඉදිවෙමින් පවතින ගොඩනැගිලි ඉදිකර අවසන් කිරීමට මෙවර අයවැයෙන් මුදල් වෙන් කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී.