Saturday, January 18, 2025

හලාවත මාළු වෙළඳපොළ වසා දමයි

Must read

DSC_1293 (12.33pm) හලාවත නගරයේ පවත්වා ගෙන යන පොදු මාළු හා එළවළු වෙළඳපළ දෙක මේ මස 27 වන දින ( හෙට) සිට සතියක කාලයකට වසා දැමීමට අද( 26 දා ) හලාවත නගර සභාවේ පැවැති විශේෂ රැස්වීමක දි තීරණය කරණ ලදි. හලාවත නගර සභාවේ සභාපති තුෂාන් අබේසේකර මහතගේ ( එජාප) මහතාගේ ප්‍රදානත්වයෙන් මෙම රැස්වීම පැවැතියේය. සෞඛ්‍ය අංශයේ නිලධාරින් විසින් ඉදිරිපත් කරණ ලද කරුණු අනුව පෑළියගොඩ මත්ස්‍ය වෙළද පල නිසා මේ වන විට හලාවත පොදු මාළු වෙළඳපළ ආශ්‍රීතව පුද්ගලයින් සිව් දෙනෙකු කොරෝනා ආසාදිතයින් වශයෙන් හදුනා ගෙන ඇති අතර පවුල් 27 ක සාමාජික සාමාජිකාවන් තම නිවෙස් වල ස්වයං නිරෝදායනයට ලක් වෙමින් සිටින බවත් හෙළිවීම නිසා හලාවත පොදු මාළු හා එළවළු වෙළද පල දෙක වසා දැමීම කිලෝචිත බැවින් මෙම තීරණය ගන්නා බව නගර සබාවේ සභාපති අබේසේකර මහතා කීය. කෙසේ වෙතත් නගරයේ ධීවර ජනතාව මුහුදු යාමෙන් පසු නෙලා ගන්නා මත්ස්‍ය අස්වැන්න අලෙවි කිරිමට විකතල්ප ක්‍රියා මාර්ගයක් ගැනීමට ද මෙහිදි තීරණය විය. මේ අතර මේ වන විට නිවෙස් වල ස්වයං නිරෝදායනයට ලක්වි ඇති පවුල් වෙනුවෙන් එක් පවුලක් වෙනුවෙන් රුපියල් 2500 ක් වටිනා වියළි සහනාධාර මල්ලක් ලබා දිමට ද මෙහි දි අනුමතිය ලැබිණ.

ඔගස්ටින් ප්‍රනාන්දු  DSC_1290

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article