Saturday, September 21, 2024

හලාවත පාලමක් යටින් කාන්තා මළසිරුරක් හමුවෙයි

Must read

bosy2

අභිරහස් ලෙසින් ඝාතනය කරණ ලද බවට සැක කෙරෙන කාන්තා මෘත ශරීරයක් හලාවත පුත්තලම දුම්රිය මාර්ගයේ  දැදුරු ඔයේ  රේල් බොක්කුවක් යට තිබි අද ( 30 දා ) දහවල් පොලීසිය විසින් සොයාගෙන තිබේ. මසුන් ඇල්ලිම පිණිස ගිය බව කියන පුද්ගලයෙකු විසින් මෙම මළසිරුර මුළින්ම දැක තිබේ. වයස අවුරුදු 35 කට අඩු වයසේ පසුවන මෙම කාන්තවගේ සිරුරේ මුහුණ ජලය යටට වැටෙන සේ දියේ පාවෙමින් තිබු අතර මුහුණ දැක ගත නොහැවන සේ සිරුර වැටි තිබු බවත් වාර්තා වේ. කළු පැහැති යට කලිසමකින් හා කළු පැහැති සායකින්ද කළු දුඹුරු කොටු වැටුන බ්ලවුසයකින් ද සිරුරේ තිබුණි.  මෙම සිරුර මේ වනතෙක් හදුනාගෙන නොමැති අතර  අධිකරණ නියෝගයක් ලද පසු සිරුර පශ්චාත් වෛද්‍ය පරික්ෂණයට යොමුකර තිබේ.  හලාවත පොලිසියේ අපරාධ විමර්ශණ ඒකකය පරික්ෂණ සිදු කරති.body11බැඅ

ඔගස්ටින් ප්‍රනාන්දු

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article