හලාවත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් මාධ්‍යකරණයේ යෙදුණු මාධ්‍යවේදී පර්සි ප්‍රනාන්දු මහතා අද (12 දා ) අළුයම අභාවප්‍රාප්ත විය.
ලක්බිම පුවත්පත ඇතුලු මාධ්‍ය ආයතන කිහිපයක් සමග කටයුතු කළ පර්සි ප්‍රනාන්දු මහතා ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු ලෙසද නමක් දිනාගෙන සිටියේය. වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ හිටපු උප සභාපතිවරයෙකුද වන පර්සි ප්‍රනාන්දු මහතා වසර කිහිපයක සිට අසනීප තත්වයෙන් පසුවිය.
ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබදව පසුව දැනුම්දෙනු ලැබේ.