Saturday, November 23, 2024

හලාවත නගරයම හිස්, සතොස අසල පමණක් ජනයා පෝලිමේ

Must read

12
12 03 01පනවා තිබූ පොලිස් ඇදිරි නීතිය 19 වැනිදා පෙරවරු 8.00 ට අවසන් වුවත් හලාවත නගරය ජන ශුන්‍ය ස්ථානයක් බවට පත්වී තිබුනේය.

වෙනත් දිනවලට ඉතා කාර්ය බහුල ස්ථනයක් වන හලාවත නගරයට ජනතාව තම දෛනික කටයුතු සදහා පැමිණ නොසිටි බවක් දක්නට ලැබුණි.

හලාවත පොදු මාළු වෙළද පළට යම් තරමක මාළු ලැබී තිබුනත් පාරිභෝගිකයින්ගේ අඩුවක් දක්නට ලැබුණි.මෙම තත්ත්වය නිසා හලාවත මාළු අලවි සැළේ මාළු මිළ ඉතා පහළ මට්ටමක පැවතුණි.ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් හලාවත බස් නැවතුම්පල පාළුවට ගොස් තිබුණි.එකම ලංගම බස් රථයක් වත් නැවතුම් පල තුළ දක්නට නොතිබුණු අතර බස් රථ බලාපොරොත්තුවෙන් මගීන් සිටියේද ඉතා සුළු දෙනෙකි. පුද්ගලික බස් රථ නැවතුම් පළේ බස් රථ දෙකක් පමණක් ගාල් කර තිබුණි.ඒ හලාවත සිට කොළඹ දක්වා සහ හලාවත සිට කුරුණෑගල දක්වා පමණි.වෙනත් දිනවලට හලාවත සිට කොළඹ දක්වා සුඛෝපභෝගී බස් රථ ධාවනය වුවත් 19 වැනිදා එකම සුඛෝපභෝගී බස් රථයක් වත් දක්නට නොතිබුණි.

මේ අතර හලාවත සතොස අලවි සැළ අසල දිගු පෝළිමක් දක්නට ලැබුණි.ඒ සැමන් සහ පරිප්පු මිළදී ගැනීම සදහාය.


ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article