Sunday, January 19, 2025

හලාවත ධීවරයින් මුහුදු නොයෑමට තීරණය කළේ ඇයි ?

Must read

07(2)ඇදිරි නීතිය පවතින අවස්ථාවේදී මසුන් මැරීම සදහා යාමට රජය විසින් අවසර ලබා දුන්නත් 06 වැනිදා සිට නැවත දැණුම් දෙන තුරු රැකියාවේ නිරත නොවීමට තීරණය කර ඇති බව හලාවත ප්‍රදේශයේ ධීවරයින් සදහන් කරයි.

හලාවත – ඉරණවිල සිට කරුකුපනේ දක්වා ඇති ධීවර සංවිධාන 10 ක් විසින් මෙම තීරණය ගෙන ඇත.ඒ අනුව මෙම මුහුදු තීරයේ එක් දින යාත්‍රා 1200 ක් පමණ 06 වැනිදා සිට මුහුදු යාමෙන් වැළකී ඇත.

වර්තමානයේ රටේ පවතින තත්ත්වය පාලනය කිරීම සදහා රජය කරගෙන යන වැඩ පිළිවෙලට සහාය ලබා දීමට තමන් තීරණය කළ බවත්,පිටස්තර පැමිනෙන පුද්ගලයින්ගෙන් කොරෝනා වෛරසය ආසාධනය වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් මෙම ක්‍රියා මාර්ගයට අවතීරණ වූ බවද හලාවත ධීවරයින් සදහන් කරයි.

ධීවරයින් විසින් ස්වෙච්ඡාවෙන් ගෙන ඇති තීරණය ඉතා යහපත් එකක් වුවත්, එම තත්ත්වය නිස ආර්ථික වශයෙන් කඩා වැටෙන ධීවරයින්ව රැක ගැනීම සදහා රජය විසින් යම් යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බවත්,ඒ සදහා තම සහාය ලබා දෙන බවත් සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය සදහන් කරයි.

19
හලාවත මාලු ලෙල්ලම
14(2)
හලාවත මාලු ලෙල්ලම

කෙසේ වෙතත් 06 වැනිදා ‍ෙපරවරුවේ හලාවත පොදු මාළු අලවි සැළට මාළු සුළු ප්‍රමාණයක් ලැබී තිබුණි.දින කීපයකට පෙර මසුන් මැරීම සදහා ජාත්‍යන්තර මුහුදට ගොස් තිබූ බහු දින යාත්‍රා සහ පිටස්තර ප්‍රදේශ වලින් ගෙනවිත් තිබූ මාළු අලවි කිරීම සිදු කරන ආකාරයක් දක්නට ලැබුණි.කෙසේ වෙතත් හලාවත පොදු මාළු අලවි සැළ තුළ තොග අලවිය පමණක් සිදු කරන ලෙස පොලීසිය ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලීමක්ද කර ඇත.   09(2)

01(5)  18(1)  20(2)

ජූඩ් සමන්ත

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article