Sunday, January 19, 2025

හලාවතින් යැවූ දෙදෙනෙකුට කොරෝනා නැහැ

Must read

CORONA2NEW(7.53pm)කොරෝනා වෛරසය ආසාධිත වී ඇති බවට සැකකරමින් හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කුරුණෑගල ශීක්ෂණ මහා රෝහලට මාරු කර යවන ලද තරුණයාට සහ තරුණියට එම වෛරසය ආසාධිත වී නොමැති බව වෛද්‍යවරුන් විසින් තහවුරු කර ඇතැයි හලාවත මහා රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය කපිල මල්ලවාරච්චි මහතා පැවසීය.

පසුගිය 12 වැනිදා හලාවත මහා රෝහලට ඇතුලත් කර ඇති මෙම දෙදෙනා ආරච්චිකට්ටුව – අඩිප්පල,වැලිපෑලැස්ස පදිංචිකරුවන්ය.වයස අවුරුදු 27 වන තරුණයා ඉතාලියේ සිට මෙරටට පැමිණ ඇති අතර,අවුරුදු 25 ක් වන තරුණිය ඩුබායි සිට මෙරටට පැමිණ ඇති බවට තොරුතුරු හෙලිවී ඇත.ඔවුන් දෙදෙනා රෝගී තත්ත්වයෙන් හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව විමර්ශණ කටයුතු සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට මාරු කර යවන ලදි.එම රෝහලේදී සිදු කරන ලද විමර්ශණ වලදී හෙලිවී ඇත්තේ මෙම දෙදෙනාට කොරෝනා වෛරසය ආසාධිත වී නොමැති බවය.ඒ අනුව ඔවුන් ඉදිරි දින කීපය තුල තමන්ගේ නිවෙස් වලට පැමිණීමට නියමිත බවද රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article