Thursday, November 21, 2024

හලාවතින් මුරැල්ලෝ ඇල්ලීමට ගිය යාත්‍රාවක් අතුරුදහන්

Must read

බෝට්ටු(1)
මුරැල්ලෝ දැල් එලා මසුන් මැරීමට ධීවරයින් දෙදෙනෙකු සමග අද ( 26දා ) හලාවතින් මුහුදු ගිය එක් දින ධීවර යාත්‍රාවක් මේ වන තෙක් ආපසු ගොඩ බිම කරා පැමිණ නැති බව හලාවත ධීවර කාර්යාලය කියයි.
හලාවත මැදවත්තේ  පදිංචි ධීවරයින් දෙනෙකු තමන් ගිය යාත්‍රාව සමග මෙසේ ඇතුරුදහන්ව ඇති බවත් කියයි.
මෙම  ධීවරයින් දෙදෙනා අද ( 26 දා ) අළුයම 2 ට පමණ සිය යාත්‍රාවෙන් මසුන් මැරීමට ගොස් ඇති අතර ඔවුන් රාත්‍රිය වන තෙක් පෙරලා නොපැමිණි බවත් මේ සම්බන්ධයෙන් තවත් යාත්‍රා අටක් මුහුදුට ගියත් අතුරු දහන් යාත්‍රාව ගැන කිසිදු තොරතුරක් නොලද බව හලාවත ධීවර ඒකාබද්ධ සමිතියේ සභාපති ආන්ටන් සුදේශ් මහතා පැවැසීය.
අතුරු දහන් යාත්‍රාවේ හිමිකරු සහ ඔවුගේ ආධාරකරු මෙසේ අතුරුදහන්ව ඇති බවත් කියයි. මේ දිනවල දියඹේ පවතින කැළඹිලිකාර තත්ත්වය අනුව මුහුදු නොයන ලෙසට ධීවරයින්ට උපදෙස් දි තිබියදි  ධීවරයින් කිහිප දෙනෙකු මුහුදු ගොස් තිබු අතර ඔවුන්ගෙන් වැඩි පිරිසක් ආපසු හැරි ගොඩ බිම කරා පැමිණි බවත් මෙම යාත්‍රාව උඩප්පුව තලවිල මුහුදු ප්‍රදේශයට ගසා ගෙන යන්නට ඇතියි ද විශ්වාස කෙරේ.
අතුරු දහන් යාත්‍රාව සොයා ශ්‍රී ලංකා නාවික හමුවේ යාත්‍රාවන්ද යොදවා ඇති බවත් කියයි.

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article