Sunday, January 19, 2025

හයේ පහර මිනීමරයි !

Must read

batක‍්‍රිකට් තරගයකදී එල්ල කළ හයේ පහරකට ලකුණු ලබාදීම මත ඇති වූ ආරවුලක් දුරදිගයාමෙන් පුද්ගලයෙකුගේ හිසට ක‍්‍රිකට් පිත්තකින් පහර දී ඝාතනය කළ බවට සැකපිට රිදීගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු ලබන 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට රම්බඩගල්ල මහේස්ත‍්‍රාත් ජී. එන්. දර්ශනී මහත්මිය අද (27 දා) නියෝග කළාය.

අඵත් අවුරුදු දිනය යෙදුණු පසුගිය 13 වැනිදා රිදීගම, පොල්කුඹුර ප‍්‍රදේශයේ පැවැති ක‍්‍රිකට් තරගයක් අතරතුරදී එම ප‍්‍රදේශයේම පදිංචි ජී. පී. චන්දන ප‍්‍රදීප් නැමැත්තාගේ හිසට ක‍්‍රිකට් පිත්තකින් පහර දී ඝාතනය කළ බවට මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ පොල්කුඹුර ප‍්‍රදේශයේම පදිංචි එම්. ඞී. එස්. තිලක් සේනාරත්න සහ එස්. එස්. අබේසිංහ යන අයවලුන්ය.

මරණකරු සහ සැකකරුවන් ඇතුඵ පිරිසක් පසුගිය අඵත් අවුරුදු දිනය දා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෙදී ඇති අතර එහිදී ක‍්‍රීඩකයෙකු විසින් එල්ල කළ හයේ පහරකට ලකුණු ලබාදීම සම්බන්ධයෙන් දෙපිරිසක් අතර ආරවුලක් හටගෙන ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. එම ආරවුල අතරතුරදී මිය ගිය තැනැත්තා විසින් පළමු සැකකරුගේ කණ සපා කා ඇති බව එහිදී කෝපයට පත් පළමු සැකකරු විසින් මරණකරුගේ හිසට ක‍්‍රිකට් පිත්තකින් ගසා ඇති බවද පරීක්ෂණවලදී හෙළි වී තිබේ. එහිදී සිහිවිසඥ තත්වයට පත් වී ඇති මරණකරු රිදීගම දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එතැනින් කුරුණෑගල ශික්ෂණ රෝහලටත්, කොළඹ ජාතික රෝහලටත් මාරු කර යවා තිබේ. ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින නවයක කාලයක් තිස්සේ සිහි විසඥව ප‍්‍රතිකාර ලැබූ එම පුද්ගලයා පසුගිය 22 වැනිදා ජීවිතක්ෂයට පත් වී තිබේ.

මියගිය පුද්ගලයා පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කෝවුඩ් ශංකර් මහතා විසින් හිස තුළ සිදු වූ අභ්‍යන්තර ලේ වහනයක් හේතුවෙන් මරණය සිදු වී ඇති බවට නිගමනය කර තිබූ අතර අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවද පොලිසිය විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළේය. පහරදීමේ සිද්ධියත් සමග ප‍්‍රදේශයෙන් පලාගොස් සැගවී සිටි සැකකරුවන් දෙදෙනා රිදීගම පොලිසියේ නිලධාරීන් විසින් කළ විශේෂ මෙහෙයුමකින් පසුව ඊයේ (26 දා ) අත්අඩංගුවට ගෙන තිබේ.

රිදීගම පොලිසියේ ස්ථානාධිපති , පොලිස් පරීක්ෂක එච්. එම්. එච්. ජයතිලක මහතාගේ උපදෙස් මත එහි අපරාධ අංශයේ ස්ථානාධිපති ඒ. ඩී. යූ. කේ. ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් බස්නායක (15584 ), චන්දන (46773) සහ පොලිස් කොස්තාපල් ලීලාරත්න (64895) සහ පේ‍්‍රමචන්ද්‍ර (30223) යන නිලධාරීහු විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.

(ඉහත දැක්රූවෙන ඡායාරූපය මෙම සිදුවීමට කිසිසේත්ම අදාළ ඡායාරූපයක් නොවන අතර ප්‍රවෘත්තිය අර්ථවත් කිරීමේ අරමුණින් යොදාගෙන ඇති අන්තර්ජාල ඡායාරූපයක් බව කරුණාවෙන් සලකන්න )

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article