Sunday, January 19, 2025

හදේ වෙනස බියවීමට කරුණක් නොවේ !

Must read

මේ වන විට සඳ වටා විහිදී ඇති රැස් වළල්ල අසාමාන්‍ය තත්වයක් නොවන බවත්, පැරැන්නන් විසින් ‘ හද ‍මඩිගු අල්ලනවා’ හෙවත් චන්ද්‍ර මණ්ඩලය ලෙස හැදින්වෙන්නේ මෙම තත්වය බවත් වාර්තා වෙයි.

මෙය ජලවාෂ්ප මතට හදෙහි ආලෝකය වැටීමෙන් හටගන්නා සාමාන්‍ය සංසිද්ධියක් පමණක් බවත් , මේ පිළිබදව බියවීමට අවශ්‍ය නොවන බවද තතු දත් අය පවසති.

මේ වන විටත් හද වටා දේදුන්නක් ආකාරයට පිහිටා ඇති මෙම රැස්වළල්ල දුටු බොහෝ දෙනෙකු ‍මින් පෙර හදෙහි එවැනි පිහිටීමක් දැක නොතිබීම නිසා ඒ පිළිබදව නොසන්සුන් තත්වයකට පත් වී සිටිති.

කෙසේවෙතත් හදෙහි මෙම දුර්ලභ පිහිටීම පිළිබදව ක්ෂේත්‍රයේ නිපුණයෙකුගෙන් විමසාබැලීමට ‍අප වෙබ් අඩවිය විසින් මේ වන විට උත්සහා කරමින් සිටින අතර ඒ පිළිබද ‍නිවැරදි තොරතුරක් ලැබුණු වහා එය අප පාඨකයින් වෙත මුදාහැරීමේ සූදානමින් සිටිමු.

ඡායාරූප
දිනුක හේරත් , ප්‍රවීන් රංගන සහ පුෂ්පකුමාර ජයරත්න

handa6 handa5handa4 handa3 handa2 handa

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article