හිත් පිත් ඇති මිනිසත් සමාජයකින් බලාපොරොත්තු විය නොහැකි විකල් ඉරණමකට ගොදුරු වූ සේයා සදෙව්මි දියණියට යුක්තිය ඉටුකරන්නැයි ඉල්ලා සංවිධානය කර තිබූ මහජන උද්ඝෝෂණ සහ විවිධ වැඩසටහන් කිහිපයක් පසුගිය දින කිහිපය පුරාම වයඹ පළාතේ ස්ථාන ගණනාවකදී පැවැත්විණි.
මේ සෑම උද්ඝෝෂණයකදීම ළමා අපචාර සම්බන්ධයෙන් වැරදිකරුවන් වන පුද්ලගයින්ට එල්ලූම්ගස නියම කරන ලෙසට ඉල්ලාසිටීමත්, සෑම උද්ඝෝෂණයකටම පාහේ රජයේ සේවකයින් , සිවිල් සංවිධාන නියෝජිතයින්, දෙමව්පියන්, දූ දරුවන් ඇතුඵ විවිධ තරාතිරිම්වල පිරිස් සහභාගි වී සිටීම විශේෂත්වයක් විය.
කුලියාපිටිය නගරයේදී අද පැවැති උද්ඝෝෂණය
කුරුණෑගල , සාරගම ගම්වාසීන් විසින් ඊයේ සංවිධානය කර තිබූ උද්ඝෝෂණය
ගල්ගමුව නගරයේදී පසුගියදා පැවැති උද්ඝෝෂණය
කුලියාපිටිය නගර සභා සේවකයින් විසින් පෙත්සමක් අත්සන් කළ අයුරු
කුලියාපිටිය උපේන්ද්ර සේරසිංහ, කුරුණෑගල නිරෝෂන් ජයතිස්ස, මීගලෑව මානෙල් පී හේවගේ, ගල්ගමුව ක්රිෂාන් අරෝෂණ