Saturday, November 23, 2024

සෙල්ලක්කන්දල් රක්ෂිතයත් සනත් නිශාන්ත වනසන්න යයි ??

Must read

123489179_3863994916947058_4339244522037818539_oශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විසින් තබ්බෝව රක්ෂිතයට අයත්  ‘කලුඑබ රක්ෂිත’ කොටසට අයත් ඉඩම් අක්කර 100ක පමණ තෝරාගෙන  වැවක් සාදමින් ,කුඹුරු වගාකිරිමට ප්‍රෙද්ශයේ අමාත්‍යවරයෙකු දරන උත්සාහයක්  පිළිබදව හෙළදරව්වක් සිදුකර තිබේ. මේවනවිටත් දුප්පත් ගොවියන්ට වගා ඉඩම් ලබාදෙන මුවාවෙන් රක්ෂිතයේ කිලෝමීටර ගණනක් ඇතුලට පාරක් සාදා, පෞරානිකව පැවති වැවක් බවට ප්රකාශ කරමින් තමන්ගේ හිතවතුන්ට සහ හෙන්චයියන්ට ඉඩම් බෙදාදෙන උපක්රමයක් ලෙස මෙය භාවිතා කිරීමට සනත් නිශාන්ත මහතා කටයුතු කරමින් සිටින බවද ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විසින් සිදුකරන ලද මාධ්‍ය නිවේදනයේ සදහන් වේ. පුත්තලම් දිස්ත්‍රික්කය යනු පසුගිය මාස කීපය පුරා වැඩියෙන්ම පරිසර විනාශයන් සිදුවූ දිස්ත්‍රික්කයක් වන අතර මෙම දැවැන්ත පාරසරික විනාශයන් හමුවේ පුත්තලම දිස්ත්රික්කයේ දිස්ත්රික් ලේකම්වරයා වන චන්ද්රසිරි බණ්ඩාර මහතාගේ නිශ්ෂබ්දතාවය පිළිබදවද ප්‍රශ්නයක් මතුවී තිබේ.

ශ්‍රී ලංකාවේ වැසි වනාන්තර සුරකින්නන්ගේ සංවිධානය විසින් සිදුකර ඇති මාධ්‍ය නිවේදනය
https://www.facebook.com/RainforestProtectors/

2002 වසරේදී තබ්බෝව අභය භුමිය හෙක්ටයාර 21,000 ගැසට් කිරීමේදී ප්රදේශයේ රජයේ සහ පෞද්ගලික ඉඩම් අදාළ කාර්ය සඳහා පවරාගෙන අභය භූමියක් ලෙස ගැසට් කර ප්රකාශයට ලදී. ආසන්න වශයෙන් එවකට වගානොකළ පෞද්ගලික ඉඩම් අක්කර 1200 ක් මෙම අභය භූමියට පවරාගන්නා ලදී. උග්ර වන අලි ගැටලුව පවතින කරුවලගස්වැව ඇතුළු මෙම කලාපයේ අලි මිනිස් ගැටුම සහ මී ඔයේ ජල පෝෂකයක් ලෙසත් ඇතුළුව ගැටළු විශාල ප්රමාණයකට සෙල්ලක්කන්දල් රක්ෂිතය විසඳුම විය. මෙම රක්ෂිතයේ කලුඑබ රක්ෂිත කොටස අදටත් අලින් සියගනනකට වාසස්තානයකි.
හෙක්ටයාර 792කින් යුතු මෙම කලුඑබ රක්ෂිත ප්රදේශයේ ඉතා වටිනා තණ භුමි සහ විල්ලු සහිත ලක්ෂණ වලින් පිරි ප්රදේශ පිහිටා ඇත. එම එළිමහන් භුමි අලින්ට කදිම වාසස්ථාන වේ. මෙම ප්රදේශයේ අක්කර 100ක පමණ වැවක් සාදා කුඹුරු කිරීමට යයි පවසමින් ඉඩම් අක්කර 200ක් ඇල්ලීම සඳහා සනත් නිශාන්ත මහතා උපක්රම යොදමින් සිටින බවට ප්රදේශයේ අලි ගැටලුවෙන් දැඩි පීඩාවට පත් ගැමියන් අප වෙත පවසයි.
දුප්පත් ගොවියන්ට වගා ඉඩම් ලබාදෙන මුවාවෙන් රක්ෂිතයේ කිලෝමීටර ගණනක් ඇතුලට පාරක් සාදා, පෞරානිකව පැවති වැවක් බවට ප්රකාශ කරමින් තමන්ගේ හිතවතුන්ට සහ හෙන්චයියන්ට ඉඩම් බෙදාදෙන උපක්රමයක් ලෙස මෙය භාවිතා කිරීමට සනත් නිශාන්ත මහතා කටයුතු කරමින් සිටින බවට තතු දත් ප්රදේශයේ නිලධාරීන් පවා ප්රකාශ කරයි.
කෙසේ නමුත් ලංකාවේ වැඩිම පරිසර හානි මෑතකාලීනව වාර්තා වූ පුත්තලම දිස්ත්රික්කයේ දිස්ත්රික් ලේකම්වරයා වන චන්ද්රසිරි බණ්ඩාර මහතාගේ සහයද මෙයට ලැබෙන බව අපට වාර්තා වේ. මෙම ප්රදේශයේ මහා පරිමාණයෙන් කඩොලාන කැපෙන විටත්, කැලෑ හෙහෙලිකිරේම් සිදුවන විටත්, යම් යම් සංවිධානාත්මක කණ්ඩායම් විසින් රජයේ ඉඩම් අල්ලගන්නාවිටත් ඉතාම අලස ස්වරුපයෙන් කටයුතු කළ කලින් කෑගල්ල දිස්ත්රික් ලේකම්ව සිටි චන්ද්රසිරි බණ්ඩාර මහතාගේ අක්රීය බව ප්රදේශයේ පරිසර හිතකාමීන්ට මහත් ගැටලුවක්ව ඇත. එසේම ඔහු කෑගල්ල ප්රදේශයේ සිටියදී ප්රදේශය වසාගෙන කටුපොල් පැතිරීමත්, දිය ඇලි ඇලදොළ කුඩා ජලවිදුලි බලාගාර මාෆියාවේ ගොදුරු බවට පත්වීමත්, කෑගල්ල පස් සහ කළුගල් ජාවාරම්කරුවන්ගේ ග්රහණයට යටත්ව කඳු සමතලා වීමත්, ගංගා රක්ෂිත, කුඹුරු සහ පහත්බිම් වලට සිදු වූ හානිය සැලකීමේදී, ඔහුගේ පරිසරයට ඇති ලැදියාව පිළිබඳව නැවත ප්රශ්න කළ යුතුව ඇත.
මෙලෙස කලුඑබ රක්ෂිතය වනසුනොත්, අලිමිනිස් ගැටුම උග්ර වී කරුවලගස්වැව, මොරියකුලම, එගොඩපිටිය, පුරානන්කල්ම,සිරාම්බෙරිය, මානවෙරිය වැනි ගම්වල ජනතාවට ගම බිම් හැරයාමටත් ගොවිබිම් ගෙවතු පාලුවට හැරීමටත් සිදුවනු ඇත. එසේම මෙම රක්ෂිතයට තම හිතවතුන්ට වගා කටයුතු වලට ඇතුළුවීමට දීම යනු අලින් මෙයින් පලවා හැරීමක් මෙන්ම අනෙක් සත්ව ප්රජාවටද වාසස්ථාන අහිමි කිරීමකි. වටිනා ගස් ඇතුළු වනජ සම්පත් රක්ෂිතයට අතුලුවන්නන්ගෙන් වැනසී යනු ඇත. පළමුව තාවකාලික මඩුද, දෙවනුව තාවකාලික ගොඩනැගිලිද පසුව ස්ථිර ගොඩනැගිලිද ඇතිවනු ඇත. ඊටත් පසුව අක්කර 200 අක්කර 500 වී පසුව අක්කර 1700කට වැඩි මුළු භුමි භාගය මොවුන්ගේ ග්රහණයට නතු වනු ඇත. විදුලි වැටවල් ඇද අලින් මරුමුවට පත්කරනු ඇත. එසේම මෙම ස්වභාවික එළිමහන් තනභුමිය කුඹුරක් වූ පසු අලින්ට ආහාර නොලැබී ඔවුන් ගම්බිම්වලට පනිනු ඇත. වනජීවියට ප්රශ්න දෙගුණ තෙගුණ වනු ඇත. ඔවුන්ටද අලින් අල්ලා හොරෝවුපතානට හෝ වෙනත් කොහෙට හෝ ගෙනයනු ඇත. බහුතරයක් අලින් සෙමින් මරණයට පත්වනු ඇත. ඒ අතර වගා භුමි අක්කර සිය ගණන් වැනසෙනු ඇත. වන සංරක්ෂණයට අදාළ රක්ෂිත ප්රදේශයේ ඇති තම කාර්යාලය වසා දමා ගෙදර යා හැකිය.
වර්තමාන ජනාධිපතිතුමාගේ සෞභාග්යයේ දැක්ම ප්රතිපත්ති ප්රාකාශයේ පැහැදිලිව දක්වා ඇත්තේ 3% කින් වන ගහනය වැඩිකරන බවකි. මෙම මැති ඇමතිවරුන් එය සිහියේ තාබගෙන වැඩකළ යුතුය. කෙසේ නමුත් පසුගිය කාලය පුරා දක්නට ලැබුනේ වනාන්තර දිගින් දිගටම විනාශ කිරීමය.
ලබන සෙනසුරාදා දින මෙම ස්ථානය නිරීක්ෂණයට සහ අනුමැතිය ලබාදීමට අදාල නිලධාරීන්ට කැඳවීමක් සිදු කර ඇත. වන සංරක්ෂණය මෙම කාර්යට විරෝධය දක්වා ඇති බවට වාර්තා වී ඇති නමුත් ඔවුනට විශාල දේශපාලනික බලපෑමක් මේ වන විට ඇතිවෙමින් ඇත. මෙහි ඉඩම් ලබාදීමට යෝජිත අයවලුන් සහ ඔවුන්ගේ ඇමතිවරයාට ඇති සම්බන්ධය අප හොඳින් දන්නා නමුත්, මේ අවස්තාවේදී ඒ සම්බන්ධව වැඩිදුර යමක් ප්රකාශ නොකරමු.
5/2001 චක්රලේඛය ඉවත්කිරීම වැනි ප්රතිපත්ති හරහා කරන්නට විනාශය ඒවා ඉවත්කිරීමටත් පෙර සිදුකරන මෙවැනි නීතිවිරෝධී ක්රියාවලින් මොනවට පැහැදිලි වේ. වගා නොකරන වගා කළ හැකි රක්ෂිත නොවන ඉඩම් අක්කර ලක්ෂ ගණනින් ඇති අප රටේ රක්ෂිතම කෘෂිකර්මය/වගා ව්යාප්තකිරීමේ මුවාවෙන් රක්ෂිත සහා සංවේදී ප්රදේශ වැනසීම අනුමත කළ නොහැකිය. මේවා පිටුපස ඇති අවසාන අරමුණ නම්, තම දේශපාලන හිතවතුන්ට ඉඩම් බෙදාදීමත් පසුව ඒවා තමන්ගේ ඉඩම් බවට පත්කරගැනීම හෝ විල්පත්තුවේ සහ යාල ප්රේරක කලාපයේ මේ දිනවල මතුව ඇති ගැටලුව මෙන් එවැනි වගා ඉඩම් මහාපරිමාණ දේශීය හෝ විදේශීය සමාගම්වලට පසුකාලීනව විකිණීමය.


ජයන්ත විජේසිංහ
වැසිවනාන්තර සුරකින්නෝ
______________________________________________
උපුටනය – ජයන්ත විජේසිංහ – කැදවුම්කරු ,වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය

”මෙම ව්යාපෘතිය ඉදිරියට ගියහොත් සියල්ලන්ටම කොමිස් සහ වාසි ලැබෙන්නේ මෙසේය. අදාල යම් යම් ප්රාදේශීය සභා මන්ත්රීවරුන්ට අක්කර 10 බැගින් ලබාදෙන්නට එකඟ වී ඇත. 5% ක් ප්රතිපාදනවලින් කොට්ටාශ මන්ත්රීට ලැබෙන නමුත් ඔහු මෙතෙක් ඊට එකඟව නැත. අවම වශයෙන් මිලියන 5ක් සහ උපරීම මිලියන 20ක් දක්වා වැවු 5000 ප්රතිපාදන යටතේ මෙයට ලැබෙනු ඇත. කොන්ත්රාත් සනත් නිශාන්ත මහතාගේ කරුවලගස්වැවට පුද්ගලික ලේකම් ධුරයක් දරන ගාමිණි සරත් කුමාර සහ කණ්ඩායම විසින් ගනු ඇත.
නානියන්ගම කලුඑබ රක්ෂිත සහ වැව පුරා විද්යාත්ම වටිනාකමින් යුතු ස්ථානයකි. මීට පෙරද ගස්ලබු වත්තක් සාදන මුවාවෙන් නිධන් ගොඩගෙන ඇත. අවසානයේ එම ගස්ලබු වත්ත නිධන් ගැනීමෙන් පසුව සරුසාරව තිබියදී එය පදාව පවා නොගෙන අතහැර ගොස් ඇත. රක්ෂිත ප්රකාශ කිරීමට පෙර එසේ ගස් ලබූ වවන මුවාවෙන් පටන් ගෙන එයට ජලසම්පාදනය කරන මුවාවෙන් බට දැමීමට හාරා ඇත්තේ එසේ නිධාන තිබුනායයි කියන ප්රදේශය හරහාය. කිලෝමීටර 2ක් දුරට එවක බට ලයින් දමා ඇත.
මෙම වැවු ව්යාපෘතිය සඳහාද යෝජනා කර ඇත්තේද ඉහත ගස්ලබු වගාව හරහා ඇති කලාපය ඔස්සේය. ව්යාපෘතිය එක් නිධානයක් වද්දී, නිධාන ගොඩදැමීම සිදුවුවහොත් මේ පිටුපස සිටින යට නිධාන දෙකකි. එසේම මෙහි ඇති එක් කොටසක කීරිය කැලයක් ඇති අතර එම කොටස හරහා පාර කපා මහා වනාන්තරයක් නොමැති බවට පෙන්වීමේ සුදානමක්ද ඇත. මේ සියල්ල කෙරෙන්නේ කොමිස් වලට සහ ඔවුන්ගේ වාසියට බව බව ඔබට දැන් හැඟෙනවා ඇත.”

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article