පොලිස් අධිකාරිවරයෙකු උසස්වීම් ලැබූ හැටන් හිටපු සහකාර පොලිස් අධිකාරි මහින්ද දිසානායක මහතා සිය උසස්වීමට අදාළ නිල ලාංඡන පැළදීමේ අවස්ථාව තරමක වෙනස් ආකාරයකින් යුතුව සිදු කළ අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් වයඹ ටුඩේ වෙඩ් අඩවිය වෙත ලැබී තිබේ.
මහින්ද දිසානායක මහතා විසින් සිය උසස්වීමේ නිල ලාංඡන පැළැදීම සදහා තෝරාගෙන තිබුණේ අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේගේ උඩමලුවයි. කිරි ආහාර පාත්‍ර සියයක් සහිත කිරිපිඩු දානයක් පිළියෙල කරගෙන පැමිණි මහින්ද දිසානායක මහතා ඇතුළු පවුලේ ඥාතීන් විසින් ශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත කිරිපිඩු දානය වෙත පිළිගැන්වීමෙන් අනතුරුව ආගමික වතාවත්වල යෙදුණහ. අනතුරුව මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඡායනා මධ්‍යයේ මහින්ද දිසානායක මහතාගේ නිල ඇදුම මත පොලිස් අධිකාරි නිලයට දාල නිල ලාංඡන පැළැදවීම සිදුකෙරුණේ එම දිසානායක මහත්මියගේ අතිනි.
නිල ලාංඡන පැළැදවීමෙන් අනතුරුව රුවන්වැලි මහා සෑ භූමියේදී සිදු කෙරුණු කප්රුප් පූජා පින්කමකටද අහඹු ලෙස සහභාගිවීමට මහින්ද දිසානායක මහතාට අවස්ථාව උදා විය.
මහින්ද දිසානායක මහතා විසින් මින් පෙර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස උසස්වීම් ලැබූ අවස්ථාවන්වලදීත් එම තනතුරුවලට අදාල නිල ලාංඡන පැළැදවීම සිදු වී ඇත්තේද ශ්‍රී මහා බෝධින් වහන්සේගේ උඩමලුවේදීය.
අභිමානවත් වයඹ පුත්‍රයෙකු ලෙස මෙන්ම ‘හිත හොද පොලිස් කාරයෙකු‘ ලෙස ප්රකටව සිටින මහින්ද දිසානායක මහතාගේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා යැයි මෙන්ම පොලිස් සේවය තුළ පියවරෙන් පියවර ඉහළට යමින් දිගු ගමනක් යාමට අවස්ථාව ලැබේවා යැයි වයඹ ටුඩේ වෙබ් අඩවිය ඒ මහතා වෙත ශුභාශිංසන පිරිනමයි.