Friday, November 22, 2024

සුළි කුණාටුව වර්ධනයවී බොහෝ පළාත් වලට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවන බවට අනතුරු

Must read

627028
(17.37pm) චණ්ඩ සුළි කුණාටුව  (“අම්ෆන්”)  මේවනවිට ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනයවී දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මධ්‍ය ප්‍රදේශය ආශ්‍රිතව 18 වන දින පෙ.ව. 02.30 වන විට ත්‍රිකුණාමලය සිට ඊසාන දෙසින් කි.මී 740 පමණ උතුරු අක්ෂාංශ 12.9 ත් නැගෙනහිර දේශාංශ 86.4 ත් ආසන්නව ස්ථානගතව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට 150mm ඉක්මවූ ඉතා තද වැසිද ඇති විය හැක. උතුරුමැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මෙම පද්ධතිය ඉදිරි පැය 06 තුලදී අතිශයින්ම චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යයි අනුමාන කෙරේ. මෙය උතුරට බරව ඊසාන දෙසට හැරී 20 වන දින වන විට බටහිර බෙංගාල වෙරළ වෙත ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.

දකුණ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත් වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථාන වලට 150mm ඉක්මවූ ඉතා තද වැසිද ඇති විය හැක.

උතුරුමැද,නැගෙනහිර සහ ඌව පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ. ඇතැම් ස්ථාන වලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන් ද ඇති විය හැක. දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (50-60) දක්වා වැඩි විය හැක. දිවයින පුරා අහස වලාකුලින් බරව පවතීවි.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනු ලැබේ.


තොරතුරු – news.lk

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article