Saturday, January 18, 2025

සුසන්තට අමතක වු ‘ බස් Halt’ එක

Must read

120831573_1706642829492965_2968464245510084315_nවෙන්නප්පුවේ පීසා හට් එක ලග බස්නැවතුම වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති සුසන්ත මහතා විසින්  ඉන් කඩා ඉවත් කර  එය ඇලබට් පිරිස් ක්‍රිඩාංගනය භූමියට ගෙන ගොස් දමා තිබුණේ මීට වසර 8 කට පමණ ඉහතදිය.
ඒ පිසා හට් එක හොදින් ප්‍රධාන පාරට පෙනෙන සේ ඉඩසලසා දිම වෙනුවෙන් යැයි ප්‍රදේශවාසින්ගේ අදහස විය
ඒ පිළිබඳව අප කළ විමසුමකට  2012 දෙසැම්බර් මාසයේ පිළිතුරු දුන් සභාපතිවරයා පැවසූවේ හැකි ඉක්මනින් ඒ බස් නැවතුම ඊට මදක් නුදුරින් ස්ථාපනය කරන බවය.
හලාවත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයාද අපට දැනුම් දි තිබුනේ එය නැවත ඉදිකිරිමේ වගකිම වෙන්නප්පුව ප්‍රාදේශිය සභාපති විසින් ඉටුකිරිමට නියමිත බවය.
මේ පිළිබෙඳව අප අවස්ථා කිපයකදිම ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේදී  පමණක් කලබල වන මේ නිලධාරියා අපට පොරොන්දු වන්නේ වෙන්නප්පුවේ ප්‍රාදේශිය සභාවේ සභාපති සුසන්ත මහතා විසින් ඉටුකළ යුතු කටයුත්තක් බවය.
මේ දිනවල ඇති අධික අව්රශ්මියේත් මේ ස්ථානයේ බසයක් එනතුරු සිටින මගින් හට කිසිඳු අවාරණයක් තිබුනේ නැත.
වෙන්නප්පුව සභාපතිවරයා‍ෙගේ මේ කඩවුන පොරොන්දුව ක්‍රියාත්මක කරන්නට තවත් කොපමණ කලක් ගතවේදැයිමේ මගියෝ අසති.
මේ අතර අප විසින් හලාවත මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයාගෙන් 2014 මැයි 28 අප විමසා සිටි අවස්ථාවේ දී ඔහු පවසා සිටියේ පිසා හට් එක ලගින් ඉවත් කරන්නට යෙදුන බස්නැවතුම ලුණුවිල ප්‍රදේශයේ නැවත සවිකර තිබුන බවට  තොරුතුරු ලැබි ඇති බවය.
කෙසේ වෙතත් අදාල ඉජිනේරුවරයා පවසා සිටියේ හැකි ඉක්මනින් පිසා හට් එක අසල බස් නැවතුම ඒ ආසන්නයේ ඉදිකරන බවට වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපති වරයා තමන් වෙත පොරොන්දුවි ඇති බවය.
මේ වනතෙක් මේ එකදු පොරොන්දුවක් ක්‍රියාත්මක වුයේ නැත.
පසුව අප යළිත් 2015 ජනවාරි 12 වනදා මාර්ග සංවර්ධන අධිකාරියේ ඉජිනේරුවරයා වෙත කථා කළ අවස්ථාවේ ඔහු දිර්ඝ විස්තරයක් කරමින් පවසා සිටියේ මේ බස්නැවතුම්පොල නැවත සවිකරන්න ඒ ප්‍රදේශයේ තැනක් සොයාගත නොහැකි බවය.  ඉන් කියැවෙන්නේ  වෙන්නප්පුව ප්‍රදේශිය සභා මන්ත්‍රි සුසන්ත මහතාගේ මිතුරාගේ ගොඩනැගිල්ලේ ඇති පිට්සා කඩයට ඉඩ දිම සදහා ඉවත් කළ බස් නැවතුම යළිත් කිසි දිනක ඉදිනොකෙරන බවය. පීට්සා හට් එකේ පිවිසුමට මඟ හෙළිකිරීමට බස්නැවතුම ගැලවූ අතර දැන් එම ව්‍යාපාරික ස්ථානයට පිවිසුම් දෙකක් සදහා ඉඩ හෙළකර දී ඇත. වෙන්නප්පුව බස්නැවතු
පසුගිය දිනක වෙන්නප්පුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා විසින් නගර සංවර්ධනය ගැන රැස්විමක් කැදවා තිබෙන අයුරු ඔහු සිය ෆෙස්බුක් පිටුවේ පළකර තිබුණි.
අදටත් අව්වට වේලෙන වැස්සට තෙමෙන මගීන්  සභාපතිවරයා විසින් නැවත ස්ථාපිත කරනවා යැයි මිට වසර 8 කට ඉහතදි පොරෝන්දු වු බස්නැවතුම ගැන විමසා සිටිති.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article