මීගමුව මහ රෝහල ට අත්‍යවශ්‍ය රෝහල් උපකරණ කට්ටල කිහිපයක් අදදින සිංහ සමාජයේ සාමාජිකා වෛද්‍ය ලොරේටා මහත්මිය ඇතුළු එහි උසස් නිලධාරි මහත්වරු කිහිප දෙනෙකු ව්සින් රෝහල් අධ්‍යක්ෂක තුමිය වෙත භාර දෙන ලදී.
මෙහිදී අදහස් දක්වමින් කතාකළ අධ්‍යක්ෂක තුමිය ප්‍රකාශකළේ මෙක්රියාත්මක කරණ දැනට ක්‍රියාත්මක කිරීමට අදහස් කර ඇති වකුගඩු අංශයේ කටයුතු සඳහා තාවකාලිකව යොදාගන්නා බවයි .ලක්ෂ 27 ක ක පමණ වටිනාකමින් යුතු මෙම පරිත්‍යාග පිළිබඳව සහ එය ලබාගැනීම සඳහා කටයුතු කළ සිංහ සමාජ සාමාජිකා වෛද්‍ය ලොරෙටා මහත්මිය ඇතුළු සියළු දෙනා වෙත රෝහල වෙනුවෙන් ඇය තම ස්තුතිය පුද කරන ලදී.
කෙසේ හෝ මීගමුව රෝහල අදවනවිට දියුණු තත්වයකට ගොඩනැගීම සඳහා රෝහල් කාර්ය මණ්ඩලය ගන්නා උත්සාහය අප අගය කල යුතුය .