Saturday, January 18, 2025

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකටම ජාතික පාසලක් පිහිටුවිම රජයේ අරමුණයි

Must read

84730100_120371606189541_1914593792313262080_oරජයේ විභාග වලට පෙනී සිටින අපේෂකයින්ට ගණනය කිරීමේ යන්ත්‍ර ( calculate)  භාවිතා කිරීමට
අවසර ලබදීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය  රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
පෙබරවාරි 12 වෙනිදා වෙන්නප්පුව ශාන්ත ජෝෂප් මහා විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා  උත්සවයට සහභාගී වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේය.
සෑම ප්‍රාෙද්ශීය ලේකම් කොට්ඨාශයකටම ජාතික පාසලක් ලබාදීමට රජය කටයුතු කරනු ඇතැයි ඔහු විසින් තවදුරටත් ප්‍රකාශ කරන ලදී. මෙම ක්‍රිඩා උත්සවය සංචාරක කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය  අරුන්දික ප්‍රනාන්දු   පාර්ලිමේන්තු මන්ත්‍රී  නිරෝෂන් පෙරේරා , විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුන් වන ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රෑන්ක්ලින් ප්‍රනාන්දු යන මහත්වරුන් හා , අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක රොහාන් ප්‍රනාන්දු මහතා මෙන්ම   ප්‍රියන්ජීව ගුණරත්න පියතුමන්ගේත් සහභාගිත්වයෙන් පවත්වන ලදී.


ජුඩ් සමන්ත.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article