අන් අයෙකුගෙන් පිහිටක් අවශ්‍ය වන වයෝවෘද්ධ තත්වයට පත්වී සිටින නමුත් අබලන් තත්ත්වයේ පවතින තම නිවස අලුත්වැඩියා කරගැනීම පිණිස රඵ පරඵ සිමෙන්ති බදාම සමග පොරබදන 82 හැවිරිදි වියෙහි පසුවන දිරිය මාතාවක් පුත්තලම, තබ්බෝව ප්‍රදේශයේදී අපට මුණගැසිණි.
ඇය ටී. ජී. දයාවතී නැමැති සිව් දරු මවකි. තමන් දැනට පදිංචිව සිටින නිවස අබලන් තත්වයකට පත්වී තිබීම නිසා එය අලුත්වැඩියා කරගැනීම ඇය විසින්ම මේ වන විට ආරම්භ කර තිබේ. බදාම ඇනීම, කපරාරු කිරීම ආදී සියලු කටයුතු සිදුවන්නේ ඇගේ වියපත් දෑත්වලිනි. මේසන් හැන්ද දෑතට හුරු පුරුදු කර ගත් ඇයගේ අතින් නිවසේ පැවැති අඩුපාඩු රැසක් මේ වන විට පිළිසකර වී අවසන්ය.
පෙදරේරු වෘත්තියට පමණක් නොව ගඩොල් කර්මාන්තයට සමත්කම් දක්වන බව කියන දයාවතී මාතාවගේ අතින් ගඩොල් පිලිස්සීම, ගඩොල් පෝරණු සැකසීම වැනි බරපතල කාර්යයන් පවා තවමත් සිදුවන බව අසල්වාසීහු කියති.
කිසිවෙකුටග් සරණක් නොපතමින් තම ගතේ සවියෙන් ජීවිතය ගෙන යන දයාවතී මාතාව ලෙස හැදින්විය හැක්කේ සැබෑම දිරිය ගැහැණියක් ලෙසය.
වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන / තබ්බෝව නිමාලි ප්‍රියදර්ශණි
(වනාතවිල්ලුව ප්‍රියංකර කළුපහන / තබ්බෝව නිමාලි ප්‍රියදර්ශණි)