Sunday, January 19, 2025

සැප වෑන් රියකින් හරක් හොරකමේ ගිය මාවනැල්ලේ නඩයක් කුරුණෑගලදී මාට්ටු !

Must read

mawanalla_ganagකුරුණෑගල සහ ඒ අවට ප‍්‍රදේශවලින් සොරාගන්නා ගවයින් මාවනැල්ල ප‍්‍රදේශයට ගෙන ගොස් මස් පිණිස ඝාතනය කිරීමේ ජාවාරමක කලෙක සිට යෙදී සිටි බව කියන පුද්ගලයින් සිව්දෙනෙකු ඔවුන් පැමිණි සුඛෝපභෝගී වෑන් රථයක්ද සමග අත්අඩංගුවට ගැනීමට කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීහු සමත් වූහ.

පසුගිය මාස කිහිපය තුළදී කුරුණෑගල පොලිස් වසම තුළ සිදු වූ ගව සොරකම් ඉහළයාම පිළිබදව පරීක්ෂණ මෙහෙය වූ කුරුණෑගල මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශණ අංශයේ නිලධාරීන් විසින් මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් පිළිබදව අනාවරණය කරගැනීමෙන් පසුව ඔවුන් අත්අඩංගුවට ගත්හ.

ඉකුත් මැයි මාසයේ සිට මේ දක්වා ගවයින් සොරාගැනීම පිළිබද පැමිණිලි 13 ක් කුරුණෑගල පොලිස් බල ප‍්‍රදේශයෙන් ලැබී තිබූ බවත් කෝවාන, මැදලන්දවත්ත සහ ගෝනගම වැනි ප‍්‍රදේශවලින් ගව සොරකම් වැඩි වශයෙන් වාර්තා වූ බවත් පොලිසිය කියයි. ඒ අනුව සිදුකළ පරීක්ෂණවලදී හෙළිකරගත් තොරතුරුවලට අනුව පසුගිය 11 වැනිදා අඵයම් කාලයේදී කෝවාන ප‍්‍රදේශයෙන් තවත් ගවයෙකු සොරාගැනීම සදහා පැමිණි මෙම ජාවාරම්කරුවන් පිරිස එම ප‍්‍රදේශයේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. සැකකරුවන් පැමිණි වෑන් රථය තුළ තිබූ ගවයින් බැදීමට යොදාගන්නා කඹ කිහිපයක් සහ සොරාගත් ගවයින් ආවරණය කිරීම සදහා යොදාගත් බවට සැකකෙරෙන ආවරණ කට්ටලයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් පිරිස කලෙක සිට මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බවටත්, කුරුණෑගලින් සොරාගත් ගවයින් අතුරු මාර්ග ඔස්සේ මාවනැල්ල දක්වා ප‍්‍රවාහනය කර එහිදී මස් පිණිස ඝාතනය කර ඇති බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. සොරකම් කළ ගවයින් ප‍්‍රවාහනය කිරීමට යොදාගත් බව කියන කුරුණෑගල නගරයේ ව්‍යාපාරිකයෙකුට අයත් ලොරි රථයක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගීතානි විජේසිංහ මෙනවිය පසුගිය 12 වැනිදා නියෝග කළාය. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ කුරුණෑගල පදිංචි හර්ෂාඩ් හාෆ්ලීන්, මාවනැල්ලේ පදිංචිකරුවන් වන ඉර්ෂාන් මොහොමඩ්, අබුල් හුසේන් සහ සනූර්දීන් මොහොමඩ් නැමැති අයවලුන්ය.

කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක මංගල වික‍්‍රමනායක මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංක බාලසූරිය මහතාගේ මෙහයවීමෙන්, උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ , පොලිස් සැරයන් කුවින්ටස් (23832 ), පොලිස් කොස්තාපල් අධිකාරි (46604), කීර්ති (36757), උදයකුමාර (31832), නිමල් (30730) සහ බණ්ඩාර (58677) යන නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළහ.

ගවයින් සොරකම් කිරීම සදහා පැමිණි බව කියන වෑන් රථයmawanalla_ganag_1 mawanalla_ganag_2

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article