Saturday, September 21, 2024

සාප්පු සංකීර්ණ බද්දට දීමෙන් කුරුණෑගල මහා නගර සභාවට විශාල මුදලක් අහිමි වෙලා

Must read

          

කුරු­ණෑ­ගල මහ නගර සභා­වට අයත් සාප්පු සංකී­ර්ණ­වල ඇති කඩ කාමර පසු­ගිය කාලයේදී නිසි ක්‍රමවේදයකින් තොරව බද්දට දී­මෙන් මහා නගර සභා­වට  විශාල මුද­ලක් අහිමි වී ඇති බව විගණන දෙපා­ර්ත­මේ­න්තු­වෙන් නිකුත් කරන ලද වාර්තා­ව­කින් පෙන්වා දී  ඇතැයි දිණමිණ වෙබ් අඩවිය වාර්තා කරයි.

                  එහි වැඩිදුරටත් සඳහන් වෙන්නේ පිළි­ගත් තක්සේරු ක්‍රම­වේද අනු­ග­ම­නය නොකර තම හිතවතුන්ට පසුගිය කාලවලදී කුරුණෑගල මහා නගර සභාවට අයත් සාප්පු සංකීර්ණවල කඩ කාමර මෙලෙස බදු දීම හරහා විශාල මුදලක් කුරුණෑගල මහ නගර සභාවට අහිමි වී ඇතැයි කුරු­ණෑ­ගල මහ නගර සභාව සඳහා නිකුත් කරන ලද 2023 විග­ණන වාර්තාවේ සඳ­හන් වන බවයි

මේ අනුව ප්‍රධාන බස්නැ­ව­තු­ම්පොළ, එම්.සී. ප්ලාසා වෙළෙඳ සංකී­ර්ණයේ ද එලෙසම ඔර­ලෝසු කණුව අසල දැනට ඉදිකරමින් පවතින මධ්‍යම වෙළෙඳ සංකී­ර්ණයේද එමෙන්ම වැහැර පොදු වෙළෙඳ සංකී­ර්ණයේ ද කඩ කාමර බදු දීමේදී  සිදුවී ඇති අවිධිමත් ගනුදෙනු හේතුවෙන් අක්‍ර­මි­කතා රැසක් මතුව තිබේ. මේ හේතු­වෙන් මහ නගර සභා­වට විශාල මුද­ලක් පසු­ගිය වසර කිහි­ප­ය­ පුරාවට අහිමි වී ඇති බව එම වාර්තාව මගින් හෙළිදරව් කර තිබේ.

            දිනමිණ වෙබ් අඩවිය පෙන්වා දෙන පරිදි මහා නගර සභාවක, නගර සභාවක හෝ ප්‍රාදේශීය සභාවකට අයත් දේපලක් කුලී පදනම මත හෝ බදු පදනම මත ලබාදීමේදී එහි අවම ලංසු වටිනාකම ප්‍රධාන තක්සේරුකරු විසින් තක්සේරු කළ යුතුව තිබේ. නැතහොත් එකී පළාත් පාලන ආයතනය පත් කරනු ලබන  සුදුසුකම්ලත් තක්සේරුකරුවෙකු විසින් එම වටිනාකම තක්සේරු කළ යුතු වේ. එහෙත් මෙහිදී එම ක්‍රමවේද හා උපදෙස් අනුගමනය නොකර ආදායම් පරීක්ෂකවරයෙකුගේ තක්සේරුවට අනුව යමින් මෙකී කඩ කාමර බදු දීම හේතුවෙන් කුරුණෑගල මහා නගර සභාවට විශාල පාඩුවක් සිදුව ඇත.

             සමහර සාප්පු සංකීර්ණවල කඩ කාමර බදු දීමේදී මහ නගර සභාව හා කඩකාමර බදු ගත් තැනැත්තන් අතර එළැඹී ගිවිසුම් වලට අනුව එළඹි දින සිට මාසික කුලියක් අයකර ගත යුතුවේ. එහෙත් සමහර කඩ කාමර වලින් වසරකට ආසන්න කාලයක සිට එලෙස හිඟ මුදල් අයකර ගැනීමට පවා කුරුණෑගල මහ නගර සභාව පියවර ගෙන නොමැති වීමද ගැටලු සහගත වී තිබේ. එලෙසම කඩකාමර බදු ගැනීමේ ගිවිසුම් ගත පුද්ගලයන් වෙනුවට එම කඩ කාමර වෙනත් පුද්ගලයන් අතට පත්වීමේ සිද්ධීන් කිහිපයක්ද මෙහිදී අනාවරණය වී තිබේ.

          එලෙසම දිනමිණ වෙබ් අඩවිය සඳහන් කරන පරිදි කුරුණෑගල මධ්‍යම වෙළෙ­ඳ­පොළ සාප්පු සංකී­ර්ණයේ කඩ කාමර බදු දීමේදී බදු ලබා දීමේ ක්‍රම­වේ­දය උල්ලං­ඝ­නය කර­මින් විනි­වි­ද­භා­ව­යෙන් තොරව ලබාදී ඇති බව හෙළි වී තිබේ. මෙය කුරු­ණෑ­ගල නගර මධ්‍යයේ ඉහළ ආර්ථික වටි­නා­ක­මක් ඇති ස්ථාන­යකි. එනිසා එම සාප්පු සංකීර්ණය ඉහළ වටි­නා­ක­ම­කට බදු දීමට හැකි­යාව තිබේ. එලෙස හැකියාවක් තිබියදී බිම් මහලේ කඩ කාමර 23ම එක් ඉල්ලු­ම්ක­රු­ව­කුට බදු දීමට එව­ක සිට් මහා නගර සභා පාල­නා­ධි­කා­රිය තීර­ණය කළේ කුමන පද­න­මක් යට­තේ­දැයි මෙම විග­ණන විම­සු­මෙන් ප්‍රශ්න කර තිබෙන බවද දිනමිණ වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර සිටි.

මෙම කඩ කාමර 29 කින් 2023.12.31වන දිනට රුපි­යල් කෝටි 9කට අධික මුද­ලක් අය­වී­මට තිබෙන අතර බදු­ක­රු­වන් එම ගෙවීම් පැහැ­ර­හැර තිබෙන බව එහි සඳ­හන් කර ඇත.  ඊට අදාළ දඩ මුදල් හෝ කී මනී ගෙවීම් ද අව­සන් කර නොති­බීම සැල­කි­ල්ලට ගෙන එම කඩ කාමර නැවත පව­රා­ගෙන නැවත ටෙන්ඩර් කළ යුතු වුවද එසේ කිරී­මට ද  කුරුණෑගලමහ නගර සභාවේ බල­ධා­රීන් කට­යුතු කර නොමැති බවත් මෙම විගණන වාර්තාවේන් හෙළිදරව් කර තිබේ.

           මේ ලෙස ගත් කළ දිනමිණ වෙබ් අඩවිය සඳහන් කරන පරිදි මෙම විගණන වාර්තාව හරහා කුරුණෑගල මහ නගර සභාවට අයත් සාප්පු සංකීර්ණ සතු කඩ කාමර බදු දීමේදී තවත් අක්‍රමිකතා රැසක් සිදුව තිබේ. නීත්‍යානුකූල නොවන , විනිවිද භාවයකින් තොරව, සහ අවිධිමත් ලෙස මෙම කඩ කාමර බදු දීම හරහා කෝටි ගණනක මුදලක් කුරුණෑගල මහා නගර සභාවට  අහිමි වී ගොස් ඇති බව එම විගණන වාර්තාවේ සඳහන් කරුණු පරික්ෂා කිරීමේදී තහවුරු වී ඇතැයි  දිනමිණ වෙබ් අඩවියේ වැඩිදුරටත් සඳහන් වේ. 

ඡායාරූප සහ තොරතුරු උපුටා ගැනීම – දිනමිණ

Previous article
Next article
- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article