Saturday, January 18, 2025

ස්වාධීන වඩිගමංගාව එජාපය එක්ක වාඩි වෙයි.

Must read

මින් ඉදිරියට වයඹ පළාත් සභාව තුළ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවට පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ මන්ත‍්‍රී අශෝක වඩිගමංගාව මහතා ඊයේ ( 25 දා) පැවැති පළාත් සභා රැස්වීමේදී පැවැසීය.

ඊයේ පැවැති වයඹ පළාත් සභා රැස්වීමේ මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික ප‍්‍රකාශ අවස්ථාවේදී විශේෂ ප‍්‍රකාශයක් කළ අශෝක වඩිගමංගාව මහතා තමන් පසුගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයෙන් පුත්තලම් දිස්ත‍්‍රික්කයට තරග කළ බවත්, එහිදී ජනතාව විසින් තමාට යම් ජනවරමක් ලබා දුන් බවද පැවසීය. කෙසේ වෙතත් මින් ඉදිරියට වයඹ පළාත් සභාව තුළ ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමට තමන් විසින් තීරණය කර ඇති බැවින් තමන්ට අසුන්ගැනීම සදහා විපක්ෂ පැත්තේ සුදුසු ස්ථානයක් ලබාදෙන ලෙසත් සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

එහිදී මන්ත‍්‍රීවරයා වෙත ප‍්‍රතිචාර දැක් වූ වයඹ පළාත් සභාවේ සභාපති ධර්මසිරි දසනායක මහතා මන්ත‍්‍රීවරයාට කැමැති ස්ථානයක දැන් වුවත් අසුන් ගත හැකියැයි පැවසූ අතර, ඒ අනුව ආණ්ඩු පක්ෂය පැත්තේ තමන් හිද සිටි අසුනින් ඉවත් වූ අශෝක වඩිගමංගාව මහතා සභා ගර්භය හරහා ඇවිද ගොස් විපක්ෂය පැත්තෙහි අසුනක අසුන් ගත්තේය.

ස්වාධීන මන්ත‍්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පැවසූ නමුත් විපක්ෂ නායක ජේ. සී . අලවතුවල මහතා ඇතුඵ විපක්ෂ මන්ත‍්‍රීවරුන් ගණනාවක් අශෝක වඩිගමංගාව මහතා වෙත පැමිණ අතට අත දී සුබ පතන ආකාරයද දක්නට ලැබිණි.

wadiga2 wadiga1 wadiga0

 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article