(20.35pm)පුත්තලම ජාතික සහීරා වීද්යාලයේ නිරෝධානය සදහා පැමිණි පිරිස එම නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇත. එම ජනතාව කොරෝනා සෞඛ්‍ය සම්පන්නව බවට සහතික ලබාදී ඔවුන් නිවෙස් බලා පිටත්කර හැරීමට ආරක්ෂක නිලධාරීන් හා සෞඛ්‍ය අංශ නිලධාරීන් පියවර ගෙන තිබුණි. පුත්තලම සහීරා විද්‍යාලය කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස තෝරාගැනුනේ මාර්තු 28 වනදායි. පුත්තලම – කවයන්කුලම ගම්මානයේ පදිංචිකරුවෙකුට කොරෝනා වෛරසය ආසාධිත වී ඇතිබවට හඳුනා ගැනීමෙන් පසු ඔහු ඇසුරු කළ පුද්ගලයන් ඇතුලු එම ගම්මානයේ සිටින පුද්ගලයින් 100 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය අංශ බලධාරීන් විසින් සුදුසු ස්ථානයක් ලෙස පුත්තලම් සහිරා විද්‍යාලය හුදකලා මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කිරීමට කටයුතු කරන ලදී.
ඡායාරූප උපුටා ගැනීම – Ada.lk