Saturday, January 18, 2025

සයිටම් ජනසතු කරන්නැයි කුරුණෑගල වෛද්‍යවරු පාරට බසිති. (ඡායාරූප )

Must read

මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කළ විරෝධතා පා ගමනක් සහ උද්ඝෝෂණයක් අද දහවල් කුරුණෑගලදී පැවැත්විණි.

මෙම උද්ඝෝෂණය සදහා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ පිහිටි රජයේ රෝහල්වල සේවයේ නියුතු වෛද්‍යවරුන් පන්සියයකට වැඩි පිරිසක් සහභාගී වී සිටියහ.

සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බලකිරීමට අමතරව අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න සහ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරුන්ට විරෝධය පළකිරීමටත්, මාධ්‍ය සහ වෘත්තීය සමිති මර්දනය කිරීම පිළිබදව රජයට විරෝධය පළකිරීමටත් වෛද්‍යවරුන් මෙහිදී කටයුතු කළහ.

කුරුණෑගල ශික්ෂණ රෝහලින් විරෝධතා පා ගමන ආරම්භ කළ මෙම පිරිස විරෝධතා පුවරු සහ බැනර් ප්‍රදර්ශණය කරමින් කුරුණෑගල – කොළඹ මාර්ගය ඔස්සේ කුරුණෑගල නගරයට පැමිණියහ. කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැය භාගයකට වැඩි වේලාවක් උද්ඝෝෂණයේ යෙදුණු මෙම පිරිස යළිත් පා ගමනින් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ගොස් සිය විරෝධතාවය අවසන් කළහ.gmoa_picket_1 gmoa_picket_2 gmoa_picket_3 gmoa_picket_4 gmoa_picket_5 gmoa_picket_6 gmoa_picket_7jpg gmoa_picket_9 gmoa_picket_10 gmoa_picket_ 16 gmoa_picket_11 gmoa_picket_12 gmoa_picket_13 gmoa_picket_14 gmoa_picket_15 gmoa_picket_16 gmoa_picket_17

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article