Saturday, January 18, 2025

සම සුදුකරන ලේබල් නැති ආලේපන ඡාවාරමක් වටලයි

Must read

01 (8)

(6.36am) නිෂ්පාදකයෙකු,ආනයන කරුවෙකු හෝ බෙදා හරින්නෙකු ගේ නාමයක් සදහන් නොකරමින් රූපලාවන්‍ය ක්‍රීම් වර්ග අලවි කළ ව්‍යපාරික ස්ථාන 03 ක් සහ කාන්තාවක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.ලැබී තිබූ පැමිණිල්ලකට අනුව කාලයක් තිස්සේ සිදු කරන ලද විමර්ශණයකින් අනතුරුව මෙම වැටලීම සිදු කර ඇත.හලාවත නගරයේදී සහ මුන්දලම – විජයකටුපත ප්‍රදේශයේදී මෙම වැටලීම් සිදු කර ඇත.

සම සුදු පැහැ ගැන්වීම සදහා ආලේපනය කරන ක්‍රීම් වර්ග බෙදා හරින බවට මුන්දලම – විජයකටුපත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ගෙන ගොස් ඇත.ඒ අනුව ගණු දෙණු කරුවන් වෙත තැපැල් මගින් අදාල ක්‍රීම් වර්ගය අලවි කිරීමට එම කාන්තාව කටයුතු කර ඇත.තමන් හලාවත පදිංචිකාරියක් බවට හැගවීමටද එම කාන්තාව කටයුතු කර තිබී ඇත.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ සේවය කරන විමර්ශණ නිලධාරීන් ව්‍යාජ ගැණුම්කරුවන් ලෙස පෙනී සිටිමින් අදාල කන්තාවගෙන් සම සුදු පැහැ ගැන්වීම සදහා ආලේප කරන ක්‍රීම් වර්ග ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත.

අනතුරුව වැටලීම සිදු කර ඇත.මුන්දලම – විල්පත ප්‍රදේශයේ පදිංචි කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් ඇයගෙන් ලද තොරතුරු අනුව හලාවත නගරයේ ව්‍යපාරික ස්ථාන 03 ක්ද වටලා ඇත.වැටලීම් කරන ලද ස්ථාන වල තිබී සම සුදු පැහැ ගැන්වීම සදහා ආලේප කරන බව කියන ක්‍රීම් වර්ග විශාල තොගයක් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ නිලධාරීන් විසින් තම බාරයට ගෙන ඇත.

තම බාරයට ගත් ආලේපන ක්‍රීම් නිෂ්පාදනය කරන ලද අයතනයක්,මෙරටට ගෙන්වන ලද අයෙකු හෝ බෙදා හරිනෙකු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති බව වැටලීම කළ නිලධාරීන් සදහන් කරයි.

වෙළද පළේ ඉතාමත්ම අඩු මිළකට අලවි වන මෙම ආලේප වර්ග කීපයක් එකට එකතු කර කට්ටලයක් ලෙස සකස් කර වැඩි මිළකට අලවි කිරීම සැකකාරිය සහ සැකකරුවන් විසින් සිදු කර ඇති බවද වැටලීම කළ නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.

විවිධ රසායණික ද්‍රව්‍ය අඩංගු මෙම ක්‍රීම් වර්ග ආලේප කිරීම මගින් පිළිකා ඇති විය හැකි බැවින් ඒවා මෙරටට ගෙන්වීමට,බෙදා හැරීමට හෝ අලවි කිරීමට රජය විසින් කිසිදු අවසරයක් ලබා දී නොමැති බවද පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් සදහන් කරයි.

සැකකාරියට සහ සැකකරුවන්ට එරෙහිව හලාවත දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලයේ ජේෂ්ඨ විමර්ශණ නිලධාරී පී.වී.රන්ජන,විමර්ශණ නිලධාරීන් වන එම්.කේ.ආර්. ඉර්ෆාන්,එස්.එම්.ඒ.ලයිෆාන්,එම්.ටී.එම්.රිස්වි යන මහත්වරුන් සහ පී.එම් හේමචන්ද්‍ර සහ ඒ.එම්.එම්.එස්.අධිකාරී යන මහත්මීන් විසින් මෙම වැටලීම් සිදු කර ඇත.02 (2)


 

ජුඩ් සමන්ත.

 

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article