Saturday, January 18, 2025

සමාජ මාධ්‍ය ජාලා විසින් ඡන්ද ව්‍යාපාරය ගැන සිදුකරන සත්‍ය හා වෛරී ප්‍රකාශ මැතිවරණ දූෂණ ක්‍රියා ලෙස සැලකිය හැකියි- මැ.කො.ස.

Must read

social-media-crime-670x335(2.52) මැතිවරණ කාලයේදී දේශපාලනඥයින්ට විරුද්ධව සමාජ මාධ්‍ය විශේෂයෙන් facebookහරහා සිදුකරන අසත්‍ය ප්‍රචාර හේතුවෙන් සිදුවන අගතිය වැලැක්වීමට ඉදිරියේදී පියවර ගැනීමට බලාපොරොත්තු වන බව මැතිවරන කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර තිබේ. Ceylon Today පුවත්පත
විසින් ඔහු සමඟ සිදුකළ සම්මුඛ සාක්ච්ඡාවකදී නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසින් සමාජ මාධ්‍ය විසින් ජන්ද ව්‍යාපාරය සම්බන්ධයෙන් සිදුකරන අක්‍රමිකතා වේ නම් ඒවා මැතිවරණ වැරදි ක්‍රියා ගනයට වැටෙන බවත් විශේෂයෙන් අසත්‍ය ප්‍රචාර මෙන්ම වෛරී ප්‍රකාශ සමබන්ධයෙන් අවධානය යොමුකරන බව ඔහු සඳහන් කර ඇත.
“Facebook/ Twiter වැනි සමාජ මාධ්‍ය ජාලා එසේ පාලනය කිරිමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් නොමැත. මෙම ගැටළුව පාලනය කිරීමක් ලෝකයේ කිසිදු රටකට හැකියාවක් නැති අතර ඉන්දීය මැතිවරණ කොමිෂන් සභාව හා ඉන්දුනීසියාව මේ පිළිබඳව ගත් ක්‍රියාමාර්ග ද 100% සාර්ථක වූ බව නිරීක්ෂණය නොවේ. තවද විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට (TRC) හෝ මෙය පාලනය කිරීමට හැකියාවක් නොමැත. Facebook සමාජ මාධ්‍ය ජාලයේ මෙවැනි ප්‍රචාර මෙහෙයවනු ලබන්නේ හුදෙක් ශ්‍රී ලංකාවේ පදිංචිකරුවන් විසින් පමණක් නොවේ. දකුණු කොරියාව, මැදපෙරදිග, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව, කැනඩාව වැනි රටවල පදිංචි ශ්‍රී ලාංකිකයන් අතුරින් යම් පිරිසක් ද දේශපාලනික කටයුතු සඳහා මෙවැනි අනීතික හා සදාචාරාත්මක නොවන ප්‍රචාරණ කටයුතු කරන බවට මත ප්‍රකාශ වී තිබේ. VPN යොදා ගනිමින් සමාජ ජාලවලට ඇතුළුවීමට හැකි වීම හේතුවෙන් මැතිවරණ/ ඡන්ද විමසීම් කාලපරිච්ඡේදවල දී Facebook යනාදිය වාරණයට ලක් කිරීම වුව ද ප්‍රතිඵලදායක ක්‍රියාමාර්ගයක් නොවන බව ද නිරීක්ෂණය වේ.
එමෙන්ම වාරණය කිරීම ගැටලුවට විසදුමක් ද නොවේ.”
Facebook/ twitter වැනි සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට හැකියාවක් නොමැති වුවත් අදාළ සියලු පාර්ශව සහභාගි කරගනිමින්, ජාත්‍යන්තර අත්දැකීම්ද සලකා බලමින් ඒ සමබනධව ක්‍රියාකිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිසමෙි සභාපතිවරයා පවසයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article