Thursday, November 21, 2024

සතොසේ එක්කෙනෙක්ට බිත්තර 30යි

Must read


සතොස ශාඛා මගින් (21) දින සිට ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද බිත්තර රු.35/= බැගින් එක් පාරිභෝගිතයෙකුට බිත්තර 30 බැගින් නිකුත් කිරීමට පියවර ගෙන තිබෙනවා. සතොස අඩු මිලට බිත්තර අලෙවි කළ ද සෙසු ව්‍යාපාරික ස්ථානවලින් අඩු මිලට බිත්තර ලබා ගත නොහැකි බව, පාරිභෝගිකයින් පවසනවා. මේ සඳහා නියාමනයක් අවශ්‍ය බවයි, ඔවුන් පෙන්වා දෙන්නේ.

දැනට වෙළෙඳපොළේ බිත්තරයක් අලෙවි වන්නේ, රුපියල් 60 ත් 65 ත් අතර මිලකටයි. බිත්තර නිෂ්පාදකයින් සහ ව්‍යාපාරිකයින් මිල වැඩි කිරීම ඊට හේතුවයි. මෙය පාලනය කිරීම සඳහා බිත්තර මිලියන 35 ක් ආනයනය කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ඒවා සතොස ඔස්සේ බෙදා හැරීමටයි, ක්‍රියා කර ඇත්තේ.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article