Saturday, January 18, 2025

සජබ ගිනිකන්ද පාමුල සිට!

Must read

ශ්‍රිලනිප ගිනිකන්ද පුපුරාලා ගිහින් දැන් ලාවා පිටවෙන්න පටන් අරන්. තවත් ගිණි කදු දෙකක් සක්‍රීය වෙමින් තියනවා.ඊළඟට පුපුරා යන්න නියමිතව තියෙන්නේ සජබ ගිනි කන්ද සහ මාලිමාවේ ගිනි කන්ද.සජබ ගිනි කන්ද වේගයෙන් සක්‍රීය වෙමින් තියන අතර මාලිමාවේ ගිනිකන්ද සක්‍රීයවීමට නියමිතව තියනවා.පොහොට්ටුව කියන්නේ දැන් පුපුරා ගිය ගිනි කන්දක්.

පවතින සංකීර්ණ දේශපාලන අර්බුදය හරියට කියවාගෙන උපාය උපක්‍රම තෝරන්න බැරි ඕනෑම දේශපාලන පක්ෂයකට සහ පුද්ගලයෙකුට උරුම වෙන්න නියමිත ඉරණම පුපුරා යෑම විතරයි. දැන් මේ ලෙඩේ මාලිමාවට සහ සජබයටත් බෝවෙලා.මාලිමාවේ අභයන්තර අර්බුදය නිර්මාණය වෙලා තියෙන්නේ ජවිපෙ සහ මාලිමාව අතර.ඒක මාක්ස් ලෙනින්වාදය සහ නව ලිබරල්වාදී අතර ගැටුමක්.

මාලිමා ගැටුම පුපුරන්න තව ටික කාලයක් යනවා.ගොඩක් වෙලාවට මාලිමාවේ වැඩපිලිවෙල හදනකොට ඇතිවෙන මත ගැටුම විසින් ඒක පුපුරා යන්න පුළුවන්. සජබය ඇතුලේ ගැටුම නිර්මාණය වෙලා තියෙන්නේ සජිත් සහ පක්ෂ කේඩරය අතර.සජබ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තලතා අතුකෝරලගේ කටින් අර්බුදයේ ස්වභාවය යම් තරමකට එළියට පැන්නා.තලතා කිව්වේ එදා සජබය සහ එජාපය කියලා වෙන් නොවුනා නම් හොඳයි කියලයි.

සජිත් රාජපක්ෂලාගේ ලොන්ඩරි සෙට් එක ගනිද්දී ඒක පක්ෂය දැනුවත්ව සහ සමාලෝචනයක් සහිතව ගන්න ඕනි උනත් දැනට එහෙම වෙන්නේ නෑ කියලා තලතා කියනවා.තලතාගේ කතාවෙන් එක දෙයක් පැහැදිලියි.දවස ගානේ සජබය ඇතූලේ ගොඩනැගෙන ප්‍රශ්න විසදන්න සජිත්ගේ උනන්දුවක් නැති බව සහ සජිත් වැඩ කරන්නේ සජිත්ට ඕනි විදිහට බවත් තලතාගේ කතාවෙන් පැහැදිලි වෙනවා.සජිත්ගේ team work නෑ.

එජාප සහ සජබ පාක්ෂිකයන්ගේ තියන බලාපොරොත්තුව ගැන කියන්නත් තලතා අමතක කළේ නෑ. බලය ගැනීමේ ප්‍රශ්නයට උත්තරයක් විදිහට තලතා දකින්නෙත් එජාප සජබ එකතුවක්. ඒ වෙනුවෙන් තමන් පෙනී ඉන්න බව කියන්න තරමේ කොන්දක් තලතාට තිබුණා.සජබය ඇතුලේ වර්ධනය වෙමින් තියන කලකිරීම් ගැන තලතාගේ කතාවෙන් තේරුම් ගන්න පුළුවන්.ඉරි තැලීම් දරුණුවට ගිහින්.

ඇත්තටම තලතාගේ කතාව සජබ පාක්ෂිකයන්ට ලොකු බලපෑමක් කළා.

දැන් සමහර සාමාජිකයන් විවෘතව සජිත් විවේචනය කරන්න පටන් අරන්.තලතාගේ තියන කලකිරීම තරම්ම බරින් නාවත් සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායකගෙනුත් සෑහෙන දුරට ප්‍රශ්නය එලියට පැන්නා.අප්‍රියෙල් පස් වෙනිදාට හදන සමගි සන්ධානය ගැන සජිත්ලා පහුගිය දවස්වල ලොකුවට තැන තැන කියෙව්වා.එදා එතෙන්ට සජබ ආසන සංවිධායකයෝ ගෙන්නුවා. එතනදී ඇත්තටම සිද්ධවුනේ මීට කලින් සජිත් එක්ක පක්ෂයට හොරෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරපු ඩලස්ලගේ නිදහස ජනතා සභාවෙන් කඩා ගත්ත මන්ත්‍රීලා එක්ක හොර ගිවිසුම වෙනුවට ප්‍රසිද්ධ ගිවිසුමක් අත්සන් කරන එකයි.

ඇත්තටම ගත්තොත් එතනින් අලුතෙන් ගිවිසුමකට ආවේ එක මන්ත්‍රීවරයෙක් විතරයි.අනිත් කට්ටිය සජිත් එක්ක ඉස්සෙල්ලා ගිවිසුම් ගහපු කට්ටිය.සජිත්ට බලවේග එකතු කරගන්න බැරිකම හින්දා සජිත් කරන්නේ ගහපු ගිවිසුම් අලුත් කරන එක.මීට ටික කාලයකට උඩදීත් සජිත් ඔය වැඩේම කළා.වතුකරයේ සජිත් එක්ක ඉන්න දේශපාලන පක්ෂත් එක්ක තිබුණ ගිවිසුම් අලුත් කළා. අප්‍රියෙල් 05 සජිත්ගේ සමගි සන්ධානය බලන්න ආපු සජබ ආසන සංවිධයකයෝ හේමා ප්‍රේමදාස ආර්යාවත් මතක් කරකර තමයි ගෙදර ගියේ.

සජිත්ගේ මේ වැඩ දැන් සජබය ඇතුලේ ජොක් එකක් වෙලා.දැන් සජබයේ තියෙන්නේ අභයන්තර පෙරලියක් ඉතා ආසන්නයේ. තවමත් සජිත්ට පළවෙනි ගල ගහන්න කෙනෙක් ඉදිරිපත් උනේ නෑ.හැබැයි කවුරු හරි පළවෙනි ගල ගහපු දවසට සජිත්ට එකපාරට ගල් ලෝඩ් කීපයක්ම වදිනවා.ඒ දවස්වලම රටේ රාළ කිව්වා රාජපක්ෂලාගේ සුවච කීකරු සේවකයෝ ගෙනත් සජබය ඇතුලේ ගොඩ ගහගන්නකොට ඕක සජිත්ට පාරවලල්ලක් වෙනවා කියලා.

සජිත්ගේ මේ දෙකට බෙදලා සැලකීම සහ අත්තනෝමතික ගමන විසින් සජබය ඇතුලේ ඇති කරලා තියන පීඩනය පුපුරා යන්න තව ගොඩක් කල් යන්නේ නෑ.කාල වකවානු හිතුවොත් සජිත්ට තව මාස තුනකට වැඩිය මෙහෙම යන්න බෑ.මාස තුනක් කියන්නේ අතිනුත් දාලා.රටේ රාළ නං හිතෙන්නේ සජබ පළවෙනි පිපිරීම අත ළඟ කියලා. මොකද දැන් රනිලුත් ground එකට බහිමින් ඉන්නේ.

Ground එකේදී රනිල් වැරෙන් පහරවල් එල්ල කරන්නේ සජිත්ගේ පන්දුවලට.අනුරගේ පන්දුවලට රනිල් තවමත් ප්‍රවේගකාරී පහරවල්වලට ගියේ නෑ.මැයිවලින් පස්සේ රනිල් ගොඩක් දුරට සජබෙ ඉල්ක්ක කරයි.සජිත්ට යුද්ධයද සාමයද කියලා තෝරගන්න වෙනවා.රටේ රාළට දැනෙන දේශපාලනයට අනුව නං රනිල් අනුර ගැන හිතන්නේ සජිත් එක්ක ගනුදෙනුව බේරගෙන.දැන් රනිල් කරන්නේ ඒ වෙනුවෙන් අනුර use කරගෑනීමයි.

අනුරගෙන් ඒ වැඩේ ගන්න පුළුවන් තරම් කල් රනිල් ඒක ගන්නවා. අනුරත් හපුතලේ කන්ද නගිනවා වගේ රනිල්ගේ ගැල අඳිනවා. සජිත්ට එරෙහිව අනුර යොදා ගැනීම කියන එකට රනිල්ට ලොකුම සපෝට් එක දුන්නේ සජබේ නලින් බණ්ඩාරයි,මාලිමාවේ සුනිල් හඳුනෙත්තියි.සජබ ආර්ථික කවුන්සිලය සහ මාලිමාවේ ආර්ථික කවුන්සිලය අතර ආර්ථික ප්‍රතිපත්තිය ගැන විවාදයකට නලින් මාලිමාවට අභියෝග කළා.

සුනිල් හඳුනෙත්ති ඇවිත් විවාදය අනුර සහ සජිත් පැත්තට හැරෙව්වා.ඇත්තටම ඒක තමයි රනිල්ගේ උවමනාව.අනුර සජිත් ඉංග්‍රිසි කෑලි දායි කියල බයවෙලා, සජිත් අනුර මොනවා අහයිද කියලා බයවෙලා.රටේ රාළ හිතන විදිහට දෙපැත්තම විවාදයට බයයි.ඒක හින්දා ඕක සිද්ධ වෙන විවාදයක් නෙවෙයි.රටේ රාළ කියන්නේ අනුර විවාදය ජයග්‍රහණ කළත්, විවාදයෙන් පැනලා ගිහින් බේරුණත් අනුරට රනිල්ගෙන් බේරෙන්න බෑ.රනිල් ජූනි/ජූලි වෙනකොට අනුරගේ පැත්තට හැරෙනවා.සියලු හතුරන් එක්ක එකවර සටනකට රනිල් යන්නේ නෑ.
හරි එහෙනම් ගිහින් එන්නම්.

[රටේ රාළ]

www.infosrilanka.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article