Sunday, January 19, 2025

සග- වෙද- ගුරු- ගොවි- කම්කරු එකට මහපාරට බැස්ස පොල්පිතිගම අලි හටන ! (ඡායාරූප )

Must read

rambe_protest_12තම ගම්බිම් වෙත කඩා වැදී මිනිස් ජීවිත සහ බව බෝග විනාශ කරමින් සිටින වන අලින් පළවා හරින ලෙස ඉල්ලමින් පොල්පිතිගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ භික්ෂූන් වහන්සේ, දේශපාලන නායකයින්, විදුහල්පතිවරුන්, ගොවි සංවිධාන නායකයින් සහ ගම්මාන කිහිපයක ජනතාව එක්ව පසුගිය 19 වැනිදා විරෝධතා පාගමනක යෙදුණහ.

හක්වටුනා ගොව්බිම් සුරැකීමේ සංවිධානය, පොල්පිතිගම පුරුවැසි කමිටුව ඇතුලු ප‍්‍රදේශයේ ගොවි සංවිධානවල මෙහෙයවීමෙන් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණයට නිකවැහැර , දොඹගමුව , කට්ටම්බේරිය , හල්මිල්ලවැව , මකුල්පොත , කොස්ගහඇල , දුම්මීය ඇතුඵ ගම්මාන පහළොවක වෙසෙන දහසකට ආසන්න ගම්වාසීහු පිරිසක් එක් වී සිටියහ.

‘‘අලි ගමට – අපි මරුට ’’,‘‘අලි වැට ශක්තිමත් කර ගම්වදින අලි වහා නවතනු ’’,‘‘වන අලි හානි සදහා වන්දි ගෙවනු’’,‘‘කොරිඩෝවෙන් තොර අලි වැටකට අප විරුද්ධ නැත’’ සහ ‘‘ගමට අලි එවන උවමනාවෙන් කැඩූ අලි වැට වහා ඉදිකරනු ’’ආදී විරෝධතා වැකි ලියූ පුවරු ප‍්‍රදර්ශණය කරමින් දොරවේරුව කණිෂ්ඨ විද්‍යාලය අසලින් විරෝධතා පාගමන ආරම්භ කළ මෙම පිරිස කුරුණෑගල – මඩගල්ල ප‍්‍රධාන මාර්ගය ඔස්සේ කිලෝමීටර් දෙකක දුරක් පාගමනින් පැමිණ රඹේ මංසන්ධියට පැමිණියහ.

රඹේ මංසන්ධියේදී මෙම පිරිස කුරුණෑගල – මඩගල්ල ප‍්‍රධාන මාර්ගය මැදට පිවිස උද්ඝෝෂණයේ යෙදුණු නමුත් එම මාර්ගයේ වාහන ගමනාගාමනයට සැලකිය යුතු තරමේ බාධාවක් සිදුනොවීය. උද්ඝෝෂණය පැවැති රඹේ මංසන්ධිය සහ ඒ අවට ප‍්‍රදේශයේ පොලිස් නිලධාරින් කණ්ඩායමක් රාජකාරියේ යොදවා සිටි නමුත් උද්ඝෝෂකයින් වෙත පොලිසියෙන් බාධා සිදුනොවීය. මෙම උද්ඝෝෂණයට ප‍්‍රදේශයේ භික්ෂූන් වහන්සේ, දේශපාලන නායකයින්, විදුහල්පතිවරුන්, ගොවි සංවිධාන නායකයින් සහ ස්වේච්ඡා සංවිධාන නියෝජිතයින් ඇතුලු පිරිසක් එක් වී සිටීම විශේෂත්වයක් විය.

මෙහිදී අදහස් දැක්වූ හක්වටුනා ගොව්බිම් සුරැකීමේ සංවිධානයේ කැදවුම්කරු, වයඹ පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මහතා මෙසේ පැවැසීය.

‘‘විධිමත් අලි මෙහෙයුමක් දියත් කරලාගම්වැදිලා ඉන්න අලි ටික පන්නලා දාන්න කියන පණිවිඩය අපි ආණ්ඩුවට දන්න තමයි අපේ ගම්වල ඉන්න මිනිස්සු අද මේ විදිහට පාරට බැහැලා ඉන්නේ. අපි ආණ්ඩුවට කියනවා අලි පන්නලා දාලා කහල්ල පල්ලකැලේ ස්වභාවික වනය වවන්න. ඒ සදහා ශ‍්‍රම දින පන්දාහක් වුනත් ලබාදෙන්න අපි සූදානම්. ඒ වගේම අලි එලවන මෙහෙයුමට මිනිස් ශ‍්‍රමය ඕනේ දාහක්ද, දෙදාහක්ද ඒ සියලූ ජන සහභාගිත්වය දෙන්නත් අපි සූදානම්. ගම්වැදිලා ඉන්න අලි පන්නලා දාන්න ඒ වගේ ක්ෂණික පියවරක් නොගෙන කිසියම් විදියකින් මිනිහෙක් හෝ අලියෙක් මැරුණොත් ඒකේ වගකීම ආණ්ඩුව භාරගන්න ඕනෑ කියන කාරණය අපි අවධාරණය කරනවා. ’’

විරෝධතාවය අවසානයේදී රඹේ මංසන්ධියේ ඉදිකළ තාවකාලික වේදිකාවක් මත කෙටි රැස්වීමක් පැවැත් වූ පිරිස ඉන් අනතුරුව සාමකාමීව විසිර ගියහ.rambe_protest_3 rambe_protest_1 rambe_protest_7 rambe_protest_6 rambe_protest_10 rambe_protest_2 rambe_protest_5 rambe_protest_9 rambe_protest_11 rambe_protest_4 rambe_protest_8

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article