Sunday, January 19, 2025

ශ්‍රී. ල. ප්‍රගතශීලී පෙරමුණේ නායකයා ගැන අසත්‍ය තොරතුරු පළකරන බවට පැමිනිල්ලක්

Must read

socialmedia
(5.59pm)සමාජ ජාලා මාධ්‍ය ඔස්සේ තමන් සම්බන්ධයෙන් කිසියම් අයෙකු විසින් අසත්‍ය  එමෙන්ම අපහාසාත්මක තොරතුරු බෙදා හරින බවට ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුනේ නායක චම්පික රෝෂන් ලෝව් මහතා හලාවත පොලීසියට පැමිණිල්ලක් කරමින් පවසා ඇත.

ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුනේ වත්මන් නායකයා වන තමන් සම්බන්ධයෙන් වැරදි මතයක් ජනතාව තුළ ඇති කිරීම මෙම අසත්‍ය,අපහාසාත්මක තොරතුරු බෙදා හැරීම තුළින් සිදු වන බවද ඒ මහතා විසින් කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.

අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුනේ නායක චම්පික රෝෂන් ලෝව් මහතාගෙන් විමසීමක් කළෙමු.ඒ මහතා මෙසේ පැවසීය.”පසුගිය මස 16 වැනිදා අප පක්ෂයේ උත්තර කමිටුව රැස්වුණා.එහිදී පක්ෂයේ නායකයා ලෙස ඔවුන් විසින් මාව තෝරා පත් කර ගත්තා.ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රගතිශිලී පෙරමුනේ වත්මන් නායකත්වය දරන්නේ මා විසින්.මෙම පත් වීමෙන් පසුව එක්තරා පුද්ගලයෙකු මට එරෙහිව මඩ ප්‍රචාරයක් ආරම්භ කර තිබෙනවා.ඒ සමජ ජාලා මාධ්‍ය ඔස්සේයි.මම මේ සම්බන්ධයෙන් වයඹ පළාත් බාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවේ කරුණු පැහැදිලි කිරීමක් කලා.පසුව ඒ මහතාගේ උපදෙස් අනුව හලාවත පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක්ද ඉදිරිපත් කලා.” සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැත.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article