Saturday, January 18, 2025

ශ්‍රී ලංකා මුහුදු කලාපයේදී කපන ලද මෝරුන්ගේ වරල් සමග 06 දෙනෙකු හමුදා බාරයට

Must read

2(7.44pm) ඊයේ (03)  වනදා  කල්පිටිය, කුඩාව සහ අම්මාතොට්ටම් ප්‍රදේශයන්හි සිදු කළ වැටලිම්වලදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

කල්පිටිය, කුඩාව ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී මාර්ගයේ ගමන් කරමින් තිබු සැක කටයුතු ලොරියක් නිරික්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කළ අවස්ථාවේදී මෙම මෝර වරල් තොගය හමුවී ඇත. එහිදී ලොරි රථය තුල තිබී මෝර වරල් සහිත උර 15 ක් සොයා ගෙන තිඛේ.  මෙම මෝර වරල් තොගය සම්බන්ධයෙන් ලොරි රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින්ගේ කරුණු විමසීමේදී ‍කල්පිටියල අම්මාතොට්ටම් ප්‍රදේශයේ  සඟවා තිබී ඇති තවත් මෝර වරල්  උර 15 ක අසුරා තිබු මෝර වරල් තොගයක් සොයාගෙන ඇති අතර උර 30 ක තිබි මෝර වරල් කිලෝග්‍රෑම් 1649 ක් සොයා ගැනීමට සමත් වී තිඛේ.
මෙම මෝර වරල් ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථය සහ එහි සිටි සැකකරුවන් 06 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇති අතර, එම සැකකරුවන් අවුරුදු 29, 36, 39 සහ 43 වන වියෙහි පසුවන කල්පිටිය සහ මුරුක්කන් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් වේ. නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්ල මෝර වරල් සහ ලොරිය ඉදිරි නීතීමය කටයුතු සඳහා කල්පිටිය පොලීසිය වෙත භාර දීමට කටයුතු කර තිඛේ.41

අපනයනය කිරීම සඳහා මෝර වරල් ලබා ගැනීමට විශාල ලෙස මෝරුන් ඇල්ලීම හේතුවෙන් මෝර විශේෂ වඳ වී යෑමේ තර්ජනයකට ලක් වි ඇත. ජපානය හා චීනය වැනි නැගෙනහිර ආසියාතික රටවල මෝර වරල් වලින් සාදනු ලබන මිලෙන් අධික සුප් සඳහා අධික ඉල්ලුමක් ඇති හෙයින්, මෝර වරල් ලබා ගැනීම සඳහා මෝරුන් ඇල්ලීම ආර්ථික වශයෙන් ඉතා ලාභදායී රැකියාවක් බවට පත් වී ඇත.

මෝර සුප් සඳහා මෝර වරල් හා සම්බන්ධව පවතින මාංශ පේශියේ කාටිලේජීය කොටස යොදා ගන්නා බැවින් අල්ලාගන්නා මෝරුන් ප්‍රධාන වරල් කපා සාගරයේදීම ඉවත් කර ගැනීමට ධීවරයන් කටයුතු කරන අතර, වරල් ඉවත් කර ගත් පසු මෝරුන් නැවතත් මුහුදට මුදාහරින අවස්ථා ද දක්නට ඇත. තවද, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් වඳවී යන මෝර විශේෂයන් ලෙස සැලකෙන මිනිමුතු මෝරා, පොල්කොල මෝරා සහ කස මෝරා යන මෝර විශේෂයන් ඇල්ලීම සම්පුර්ණයෙන් තහනම් කර ඇත.

තොරතුරු  –www. navy.lk

- Advertisement -spot_img

More articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

- Advertisement -spot_img

Latest article