(5.12pm)කොරෝනා වෛරසය ආසාධනය වීමේ වර්ධනය පාලනය කිරීම වෙනුවෙන් ගෙන ඇති හදිසි පියවර අතර බන්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට විදේශයේ සිට සිදුවන පැමිණීම් නැවැත්වීමට රජය තීරණය කර තිබේ. මෙම තීරණය අද (17) සිට ක්‍රියාත්මක වන අතර ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ “ඇතැම් වාර්තාවලට අනුව ගුවන් තොටුපල වසා නොමැති නමුත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට විදේශයේ සිට මෙරටට පැමිණිම සති දෙකකට අත්හිටුවනු ඇති බවයි. ඒ අනුව ගුවන් තොටුපළ විවෘතව තිබෙන අතර පිටත්වීම සුපුරුදු පරිදි දිගටම සිදුවනු ඇති බවයි.