ඊයේ (22) දහවල් 2.30 ට පමණ යාපනය පන්නෙයි වෙරළ තීරයේදී හමුදා නිලධාරියෙකු විසින් ඇගේ පෙම්වතියගේ ගෙල කපා මරා තිබේ. මෙම තරුණිය යාපනයේ වෛද්‍ය විද්‍යාලයේ සිසුවියක් වන අතර බේරුවල පදිංචි බව වාර්තා වේ. ඊයේ දහවල් මොවුන් දෙදෙනා වෙරළ තිරයේදී හමුවී ඇති අතර යම් සිදුවීමක් මත හමුදා නිලධාරියා විසින් මෙම ඝාතනය සිදුකොට තිබේ. ඝාතනයෙන් පසුව එම ප්‍රෙද්ශයේ අවට ජනතාව විසින් හමුදා නිලධාරියා අල්ලා පොලීසියට බාරදී තිබේ.