ෙ වෙන්නප්පුව උල්හිටියාව ප්‍රෙද්ශයේදී කැස්බෑවන් 24 දෙනෙකුව ඝාතනය කර මසට සූදානම් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙකුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර රුපියල් ලක්ෂ 01 බැගින් වන ශරීර ඇප මත මුදා හැරීමට මාරවිල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා 25 වැනිදා සවස නියම කර ඇත.
මොවුන් වෙන්නප්පුව – උල්හිටියාව පදිංචිකරුවන් දෙදෙනෙකු හා මාරවිල කටුනේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.වෙන්නප්පුව මුහුදු තීරය තුළ නිරන්තර ඇතැම් පුද්ගලයින් විසින් කැස්බෑ දඩයම සිදු කරන බව ප්‍රදේශවාසීන් පවසති. එමෙන්ම කුකුල් මස් අළෙවි කරන ස්ථාන වල රහසේ කැස්බෑ මස් අළෙවි කරනු ලබයි.
මුහුදෙන් අල්ලාගෙන ඇති කැස්බෑවන් තොගයක් වෙන්නප්පුව – උල්හිටියාව වෙරලේ මස් කරමින් සිටින බවට 25 වැනිදා පෙරවරුවේ වෙන්නප්පුව විශේෂ කාර්යංශයට තොරතුරක් ලැබී ඇත. එම තොරතුර අනුව වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් විසින් වැටලීම සිදු කර ඇත.පොලිස් නිලධාරීන් වැටලීම සිදු කරන විට සැකකරුවන් කැස්බෑවන් මස් කරමින් සිට ඇත. මුහුදේ සිට කැස්බෑවන් ගොඩබිමට ගෙනා බව කියන සැකකරුවා ඒ සදහා යොදා ගත් බෝට්ටුවෙන්ම පලා ගොස් ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී කැස්බෑ මස් කිලෝ ග්‍රෑම් 75 යි ග්‍රෑම් 500 ක්ද ආයුද කීපයක්ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙම නඩුව ලබන 31 වැනිදා නැවත කැදවීමටද වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් නියම කරන ලදි.
ජූඩ් සමන්ත