වෙන්න්පුවේ හෙල බොජුන් හල කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මෙහෙයවීම මත වයඹ පලාතේ පළමු හෙල බොජුන් හල ලෙස ආරම්භ කළ හෙල බොජුන් හලයි. නගරයේ ජනතාවට මෙන්ම වෙන්නප්පුව නගරය පසුකර යන මගීන්ටද අඩු මිළකට දේශීය ආහාර වස විසෙන් තොරව ලබාගතහැකි ස්ථානයක් ලෙස හෙළ බොජුන් හල නමක් දිනා ගත්තේය. වෙන්න්පුවේ කාන්තාවන් එක්ව සංවිධානය වී පවත්වාගෙන යන මෙම හෙල බොජුන් හල 2020 ජනවාරි 01 දා සිට වෙන්නප්පුව ඇල්බට් ඇෆ් ක්රීඩාංගනය ආසන්නයේම නව ස්ථානයකට පිවිස ඇත. හෙළ බොජුන්හලේ නව නිවහනට පිවිසීමේ උත්සව අවස්ථාවට හිටපු පළාත් සභා මන්ත්රී නීතිඥ චිත්රාල් ප්රනාන්දු මහතා සහභාගී විය.