Saturday, November 23, 2024

වෙන්නප්පුව සමූපේ සභාපති ‘බොරු සමග හෙලුවෙන් ‘ !!

Must read

වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපතිවරයා ඇතුලු මහ සභා නිලධාරීන් විසින් රුපියල් ලක්ෂ ලක්ෂ 60 ක පමණ මුදලක් කාබාසිනියා කරමින් මැලේසියානු සවාරියක් සදහා සුදානම් වෙමින් සිටින බවට වයඹ ටුඩේ වෙබ් අඩවිය විසින් ඊයේ අනාවරණය කළේය.

අදාල සංචාරය සම්බන්ධයෙන් නැගෙන චෝදනා පිළිබදව වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ලලිත් පීරිස් මහතාගෙන් අප කළ විමසීමකදී එම විදෙස් සංචාරය පිළිබදව මේ වනතෙක් අවසන් තීන්දුවක් ගෙන නැති බව ඔහු විසින් ප්‍රකාශ කළ බවද එම පුවතේ සදහන් විය.

නමුත් සභාපතිවරයා විසින් මාධ්‍ය වෙත කළ ප්‍රකාශය ගල් පැලෙන බොරුවක් හෙවත් කොළේ වසා ගැහිල්ලක් බවට සනාථ කරන සාක්ෂි මේ වන විට අප වෙත ලැබී තිබේ.

මැලේසියානු සංචාරයක් සදහා 2016 අප්‍රේල් 19 වැනි දින පැවැති අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබුණු බවත්, ඒ සදහා සූදානම් වන ලෙසටත් මහ සභා නියෝජිතයින් වෙත දන්වමින් වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ සාමානාධිකාරිවරයා වෙත යවා ඇති ලිපියක් පහතින් දැක්වෙයි.

2016 අප්‍රේල් 24 වැනි දින දාතමින් යුතුව යවන මෙම ලිපියෙන් අදාළ සංචාරය සදහා සහභාගිවීමට ඇති කැමැත්ත හෝ අකැමැත්ත මැයි මස 05 වැනිදාට පෙර තමන් වෙත දන්වන ලෙසට සාමානාධිකාරිවරයා විසින් මහ සභා නියෝජිතයින් වෙත දැනුම් දී තිබේ.

ඊට අමතරව සංචාරයට එක්වීමට කැමැති අය විසින් වීසා ලබාගැනීමට පාස්පෝට් ඡායාරූප දෙකක් සහ සියලුම රටවල් සදහා වලංගු විදේශ ගමන් බලපත්‍රයද සූදානම් කරගත යුතු බවද මහ සභා නියෝජිතයින් වෙත එම ලිපිය හරහා අවධාරණය කර තිබේ.

වඩාත් හාස්‍යජනක කාරණාව වන්නේ සාමාන්‍යාධිකාරි තැන යැවූ විසින් එම ලිපියේ පිටපතක් වෙන්නප්පුව විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ලලිත් පීරිස් මහතා වෙතද ලැබෙන්නට සලස්වා ඇති බව එම ලිපියෙහිම පහළින් සදහන් වී තිබීමය. ඒ අනුව අප කළ විමසීමේදී ලලිත් පීරිස් මහතා විසින් අමු මුසාවාදයක් දෙසාබාමින් මාධ්‍යයට කොළේ වසා ඇති බව සක්සුදක් සේ පැහැදිලිය. අදාල ගමන සදහා තවමත් අවසන් තීරණයක් ගෙන නැති නම් මහ සභා සාමාජිකයින්ට පාස්පෝට් සූදානම් කරගන්න යැයි දැනුම්දෙන්නේ රාමුකර සාලයේ එල්ලා ගන්නටදැයි වෙන්නප්පුව සමූපකාර සභාපතිවරයාගෙන් පෙරළා ප්‍රශ්න කරන්නට අපට සිදු වී තිබේ. එමෙන්ම මාධ්‍යට බේගල් ඇදබාන්නට ගිය සමූපාකාර සභාපතිවරයාට සිදු වී ඇත්තේද මොණරාට සිදු වූ දෙයම බවද මෙහිදී කිව යුතුමය. මොණරා පිල්විදහාගෙන අලංකාර නැටුමක් නටා එම නැටුමෙන් තමන් විසින් සියලු දෙනා වශී කරගත් බවක් සිතන නමුත්, ඒ නැටූ හැම වාරයක් පාසාම උගේ අහවල් එක එළියේ බව ඌ නොදනී !

සාමාන්‍යාධිකාරිවරයා විසින් මහ සභා සාමාජිකයින් වෙත යවා ඇති ලිපියwennappuwa letter

චන්දන ප්‍රනාන්දු 

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article