
(3.57pm) වෙන්නප්පුව, වයික්කාල ප්‍රදේශයෙන් පුද්ගල ඝාතනයක් වාර්තා වේ. මෙම ඝාතනය සිදුවී ඇත්තේ වයික්කාලේ පිහිටි උළු කම්හලක සේවකයින් දෙදෙනෙක් අතර හට ගත් පුද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් බව වාර්තා වේ. එම අවස්ථාවේදී මෙම පිහි ඇනුම සිදුවී තිබේ.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 42 ක් වු වයික්කාල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ සම්බන්ධයෙන් එම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 40 ක් වන සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.